ඔබ දන්නවද, දෙවියන් වහන්සේගේ පැමිණීම නිරන්තරයෙන් සොයන්න අපි උත්සාහ කළ යුතුයි. ඒක තමයි අපිට අවශ්‍ය අලුත් ශක්තිය ලැබෙන තැන. දෙවියන් වහන්සේ අපේ රැකවරණය. ශක්තිමත් රැකවරණයක් වගේ, උන්වහන්සේ අපිව සතුරාගේ ප්‍රහාරවලින් ආරක්ෂා කරනවා. පාවුල්තුමා වගේම, අපිටත් දෙවියන් වහන්සේගේ ශක්තිය ලැබෙනවා. ඒ ශක්තිය අපිව අලුත් කරනවා, උන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න අපිට උදව් කරනවා.
ජීවිතේ අමාරුම, වැරදිම කාලවලදී, ඔබ තුළ දෙවියන් වහන්සේගේ අද්භූත බලය ක්‍රියාත්මක වෙනවා ඔබට දැනෙයි. ඒ ශක්තිය ඔබෙන්ම එන්නේ නැහැ. ඒක ඔබට අසීමිතව ප්‍රේම කරන ඔබේ පියාණන්ගේ ආත්මයෙන් එන ශක්තියක්. ඒ ශක්තිය නිසා ඔබට ගින්න මැදින් ගියත් පිළිස්සෙන්නේ නැහැ. උස් තැන්වල ඇවිදින්න ශක්තිමත් පාද ලැබෙනවා. රාජාලියෙක් වගේ පියාපත් ලැබෙනවා වැටෙන්නේ නැතුව පියාසර කරන්න. මී හරකෙක් වගේ ශක්තිය ලැබෙනවා කිසිම දේකට අත්නොහරින්න.
ඔබ කොහොමද මේ ගමන ආවේ කියලා නොකියාම, ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ මහිමය දැකලා හුඟක් අය පුදුම වෙයි. යේසුස් වහන්සේගේ කරුණාවෙන් සහ අනුග්‍රහයෙන් ඔබ නොසැලී හිටියා කියලා ඒ අය දැන ගනියි. එතකොට ඔබට දෙවියන් වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැන කියන්න පුළුවන්. උන්වහන්සේගේ මහත් ක්‍රියා ගැන ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබ වටේ ඉන්න හැමෝටම, දෙවියන් වහන්සේගේ බලය පෙන්වන ජීවමාන සාක්ෂියක් වෙන්න ඔබට පුළුවන්.
උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.
උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.
කාන්තාරයෙහි ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරන්න.
තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]
නුඹ මාගේ සෙනඟගේ මාර්ගය විභාගකර දැනගන්නා පිණිස මම නුඹ ඔවුන් අතරෙහි විභාගකරන්නෙක්ද බලකොටුවක්ද කෙළෙමි.
ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනසේක; අහසද පොළොවද සෙලවෙනවා ඇත. එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බලකොටුවක්ව සිටිනසේක.
උන්වහන්සේ මට කරුණා නිධානයය, මාගේ බලකොටුවය, මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරුය; මාගේ පලිහ හා මා විසින් විශ්වාසය තබන තැනන්වහන්සේය; මාගේ සෙනඟ මට යටත්කරදෙන්නේ උන්වහන්සේය.
ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක; උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැතැයි කීවේය.
මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක.
නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම ස්වාමීන්ගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක.
මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන්ට විරුද්ධව නුඹලා වෙනුවට සටන්කොට නුඹලා ගළවන පිණිස නුඹලා සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා.
අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩුකරනසේක; බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; සියල්ලන් උසස්කරන්ටත් ශක්තිමත්කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය;
මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.
උන්වහන්සේගේ සියලු විනිශ්චයයෝ මා ඉදිරියෙහි වූය. උන්වහන්සේගේ පනත්වලින් අහක්ව නොගියෙමි.
මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.
ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.
මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව.
මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.
ස්වාමීන්ට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ශක්තිමත් නුවරල්කදී තමන් පුදුමවූ කරුණා ගුණය මට පෙන්වූසේක.
මම වනාහි: ඔබගේ ඇස් හමුයෙන් සිඳිනු ලබමියි ඉක්මන්කමින් කීයෙමි. එහෙත් මා ඔබට මොරගැසූ කල ඔබ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.
ස්වාමීන් කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ශක්තිමත් වව්; තොපගේ සිත ධෛර්යවත් වේවා.
මක්නිසාද ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.
අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්.
මා දෙසට ඔබගේ කන නමා, ඉක්මනින් මා මිදුව මැනව. මා ගළවන්ට ශක්තිමත් පර්වතයක්ද ආරක්ෂා ගෘහයක්ද වුව මැනව.
මාගේ ශක්තියවූ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය, මට කරුණාකරන දෙවියන්වහන්සේය.
උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය.
මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක.
උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක.
උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?
ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.
ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.
උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්,
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.
මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.
මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.
කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.
එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.
කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න.
සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.
කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,
වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.
මක්නිසාද පසුව ඔහු ආශීර්වාදය උරුමකරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපාකරනු ලැබූ බව නුඹලා දනිහුය; මක්නිසාද ඔහු කඳුළෙන් යුක්තව ඕනෑකමින් එය සෙවූ නුමුත්, වෙනස්කිරීමට ඉඩක් ලැබුණේ නැත.
තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,
හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.
උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය.
දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.
ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය.
සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.
එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,
නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.
මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.
නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාළේය.
මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.
ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.
මාගේ ශක්තියවූ ස්වාමිනි, ඔබට ප්‍රේමකරමි.
උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.
උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක.
උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා උන්වහන්සේගේ ඝන වලාකුල් පහව ගියේය; ගල්වැසිද ගිනි අඟුරුද විය.
ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.
උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුළි එවා ඔවුන් පරාජයකළසේක.
එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක.
උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය.
මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මට ආධාරවූසේක.
උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක; උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.
ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.
එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,
ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.
බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,