ඔබේ හදවතේ පුදුමාකාර ප්‍රීතියක් දැනෙනවා නේද? ඒ දෙවියන් වහන්සේගේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය අපිට ශක්තියක් විතරක් නෙවෙයි, අපිව එකට බැඳ තබන බලවේගයක්. මේ ප්‍රීතිය අපි තනියම තියාගන්න ඕන නැහැ. ඒක බෙදා ගන්න ඕන දෙයක්. ඉස්සර ඉශ්රායෙල්වරු උත්සව කරලා තමන් ළඟ තිබුණ දේවල් බෙදා ගත්තා වගේ, අපිත් දෙවියන් වහන්සේගේ ප්‍රීතිය අපි දන්න අයත් එක්ක බෙදා ගන්න ඕන.
මේ ප්‍රීතිය අපිට අපේ අසල්වැසියන්ට ආදරය කරන්න, ශුභාරංචිය තවත් අයට කියන්න අභියෝග කරනවා. දෙවියන් වහන්සේ ගැන ප්‍රීතිමත් හදවතකින් අපි ශක්තිමත් වෙනවා. ඒ ශක්තියෙන් අපිට මේ ප්‍රීතිය අපේ ප්‍රජාව තුළ පතුරවන්න පුළුවන්. මේ දෙවියන් වහන්සේගේ ප්‍රීතිය කවදාවත් නැති වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට ඒක ඔබෙන් උදුරා ගන්නත් බැහැ.
ගීතාවලිය 98:4-6 බලන්න. "පොළොව මුළුල්ලෙහි සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති ඝෝෂා නගන්න. ඔල්වරසන් දෙන්න. ගායනා කරන්න. ප්‍රශංසා ගී තුළින් ස්වාමීන්ට ප්‍රශංසා කරන්න. වීණාව හා ගීතිකා තුළින් ස්වාමීන්ට ප්‍රශංසා කරන්න. හොරණෑ සහ තූර්ය නාදයෙන්, ස්වාමීන් වන රජු ඉදිරියේ ප්‍රීති ඝෝෂා නගන්න". දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ගැන කතා කරන තවත් බොහෝ පද බයිබලයේ තියෙනවා.
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව.එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.මක්නිසාද ව්‍යවස්ථාව දෙන තෙක් පාපය ලෝකයෙහි තිබුණේය. නුමුත් ව්‍යවස්ථාවක් නැති කල්හි පාපය ගණන්ගනු නොලැබේ.එසේවී නුමුත් ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වරදකිරීමේ ආකාරයෙන් පව් නොකළවුන් කෙරෙහි පවා මරණය රජකම්කෙළේය. ඒ ආදම් වනාහි එන්නාවූ තැනන්වහන්සේගේ ආදර්ශයක්ය.නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය.ඇරත් දීමනාව වනාහි පව්කළ එක්කෙනෙකු කරණකොටගෙන මෙන් නොවේය. මක්නිසාද විනිශ්චය දඬුවම උදෙසා එක්කෙනෙකුගෙන් පැමුණුණේය, නුමුත් දීමනාව වනාහි බොහෝ වරදවලින් ධර්මිෂ්ඨකරනු ලැබීම සඳහාය.මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.එබැවින් එක වරදක් කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණාක් මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය.මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය.අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු.
ස්වාමිනි, රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය; ඔබගේ ගැළවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස ප්‍රීතිවන්නේද!
මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.
මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි.
එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.
ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව.
ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තිය හා ගීතිකාවය; උන්වහන්සේ මාගේ ගැළවීම වී සිටිනසේක.ප්රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි.
පොළෝවාසී සියල්ලෙනි, ස්වාමීන්ට ගී කියව්; උන්වහන්සේගේ ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.ජාතීන් අතරෙහි උන්වහන්සේගේ මහිමයද සියලු ජනයන් අතරෙහි උන්වහන්සේගේ ආශ්චර්යමත් ක්‍රියාද පතළ කරව්.
ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.
නිතරම ප්‍රීතිවෙන්න;නොකඩව යාච්ඤාකරන්න;සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.ස්වාමීන්වහන්සේ අප උදෙසා මහත් දේ කළසේක; එබැවින් අපි සන්තෝෂවෙමුව.
ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි සතුටුව ප්‍රීතිවව්. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති නාද කරව්.
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,
ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.
මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.
එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.
නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.
ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා; ඔබගේ ගැළවීමට ප්‍රේමවන්නෝ: දෙවියන්වහන්සේ උසස්වනසේක්වයි නිතරම කියත්වා.
ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.
එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව.
ඉශ්රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා.
ඉතින් කිමෙක්ද? වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබනසේක; ඊට ප්‍රීතිවෙමි, එසේය, තවත් ප්‍රීතිවන්නෙමි.
ගෞරවයද තේජසද උන්වහන්සේ ඉදිරියෙහි පවත්නේය; ශක්තියද සන්තෝෂයද උන්වහන්සේගේ ස්ථානයෙහි ඇත්තේය.
එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි නුඹලාට කියමි.
ධර්මිෂ්ඨයා ස්වාමීන් තුළ සන්තෝෂවන්නේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නේය; අවංක සිත් ඇති සියල්ලෝද ජය ප්‍රකාශකරන්නෝය.
නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.
ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.
ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.
නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක.
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි.
ඔබ සොයන සියල්ලෝ ඔබ කෙරෙහි සන්තෝෂවෙත්වා, ප්‍රීතියට පැමිණෙත්වා. ඔබගේ ගැළවීමට ප්‍රියවන්නෝ: ස්වාමීන්වහන්සේ උතුම්වනසේක්වයි නිතර කියත්වා.
එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.
මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.
ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!අන්න, නුඹේ මුරකාරයන්ගේ හඬ! ඔව්හු හඬ නගති, ඔව්හු එක්ව ගී කියති; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත.යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.
හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ; මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි.
මා විසින් ඔබට ප්‍රශංසා ගී කියන කල මාගේ තොල්ද ඔබ මිදුවාවූ මාගේ ආත්මයද බොහෝ කොට ප්‍රීතිවන්නේය.
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.
මක්නිසාද ස්වාමිනි, ඔබගේ ක්‍රියාවෙන් ඔබ මා සන්තෝෂකළසේක. ඔබගේ හස්තකර්ම ගැන ප්‍රීති ප්‍රකාශ කරන්නෙමි.
ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න. සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ වනසේක.
ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාළේය.මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.
උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.දුම් පහව යන්නාක්මෙන් ඔවුන් පහ කළ මැනව. ගිනි ඉදිරිපිට ඉටි දියවන්නාක්මෙන් දුෂ්ටයෝ දෙවියන්වහන්සේ හමුවෙහි විනාශවෙත්වා.දෙවියන්වහන්සේ වනාහි අපට ගැළවීම දෙන දෙවිකෙනෙක්ය; මරණින් මිදෙන මාර්ග අයිතිවන්නේ ස්වාමිවූ යෙහෝවඃවහන්සේටය.
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.
ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය.
මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.
ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය.ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක.මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක.
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.
ඒ සාක්ෂිය නම් දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය, ඒ ජීවනයද තමන් පුත්‍රයාණන් තුළ තිබේ.පුත්‍රයාණන්වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත; දෙවියන්වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත.
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.
මාගේ දෙවිවූ ස්වාමිනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි.මක්නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය; ඉතා ගැඹුරු වළෙන් ඔබ මාගේ ප්‍රාණය මුදාගත්සේක.
උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,
එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න.
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
ඒ දවසෙහි නුඹලා කථාකොට: ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න.ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.
ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;
එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද?උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද,
සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම නුඹලාට උගන්වන්නෙමි.ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ,නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන්ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.මාගේ ආත්මය ස්වාමීන්ගේ ගුණ වර්ණනාකරන්නේය. යටහත් සිත් ඇත්තෝ ඒ අසා සන්තෝෂවන්නෝය.උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂාකරනසේක. එයින් එකක්වත් නොබිඳේ.නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂකරන්නෝ වරදට පත්කරනු ලබන්නෝය.ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.මා සමඟ ස්වාමීන් වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු.
පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
ඔහු ඉහළ තමාගේ ගෙට ඔවුන් කැඳවාගන ගොස්, ඔවුන් ඉදිරියෙහි කෑම මේසයක් තබා, තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ අදහමින් බොහෝසේ ප්‍රීතිවූයේය.
මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.
ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.
මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලාගන්නෝය.නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.
සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.
එබැවින්, උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම්කරන පිණිස උන්වහන්සේ නිරතුරුම ජීවත්වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට උන්වහන්සේට පුළුවන.
අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.
ස්වාමීන් විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?මම ගැළවීමේ කුසලාන රැගෙන, ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.
උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස,අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.
ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.
මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.
ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්.උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්.
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
ස්වාමීන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; මම ඔබ උසස්කොට ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි; මක්නිසාද ඔබ පුදුම දේ එනම් පුරාතන මන්ත්‍රණ විශ්වාසයෙන්ද සැබෑකමෙන්ද ඉෂ්ටකළසේක.
එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි.මම නුඹලාගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද නුඹලාගේ රජද වන ස්වාමීන්වහන්සේය.මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ,රථද අශ්වයන්ද සේනාවද බලවන්තයන්ද පිටතට පමුණුවා, ඔවුන් නොනැගිටින ලෙස එක්ව වැටීමට සහ සිදීයාමටද පහන්තිරය මෙන් නිවීයාමටද සලස්වන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න.බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.එහෙත්, යාකොබ්, නුඹ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්රායෙල්, නුඹ මා ගැන කලකිරුණෙහිය.නුඹේ දවන පූජාවල එළු බැටළුවන් නුඹ මට ගෙනාවේවත් නුඹේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි.නුඹ මට සුවඳ දඬු මිලේට-ගත්තේවත් නුඹේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. නුඹේ පාපවලින් නුඹ මට බරක්වී, නුඹේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය.මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය.මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න.නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.මක්නිසාද මම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි.මක්නිසද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක.
මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි.
පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.ස්වාමීන්ට වීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්.
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.
ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක.
සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය.කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.
උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක.
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.
කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,
අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.ස්වාමිනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.
ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.
දෙවියන්වහන්සේට ගීතිකාකරව්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී කියව්. කාන්තාර මැදින් නැගී යන්නාවූ උන්වහන්සේට මාවතක් සාදව්; යාඃ යනු උන්වහන්සේගේ නාමයවේ; උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වව්.ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක.දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.
බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත.මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අපි විසින් එකිනෙකාට ප්‍රේමකළ යුතුය යන මේය.තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.සහෝදරයෙනි, ලෝකයා නුඹලාට වෛරකරන්නේ නම් මවිත නොවෙන්න.අප සහෝදරයන්ට ප්‍රේමකරන බැවින්, අප මරණින් ජීවනයට පැමිණ සිටින බව අපි දනිමුව. ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි.තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දතීහුය.අප ප්‍රේමය දැනගන සිටින්නේ ඒ තැනන්වහන්සේ තමන් ප්‍රාණය අප උදෙසා දුන් හෙයින්ය. අප විසින් සහෝදරයන් උදෙසා අපේ ජීවිත දෙන්ට යුතුය.නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.මෙයින් අප සැබෑකමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණයකරන විට උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතිකකරගන්නෙමුව;ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.
ස්වාමීන්ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.
උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;
මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.
මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.