Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 1:9 - Sinhala Revised Old Version

9 අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 අප, අපගේ පාප, පාපොච්චාරණ කරනවා නම්, අපගේ පාප කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසී ය; යුක්ති සහගත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 1:9
37 හුවමාරු යොමු  

මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


ඔවුන් මට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අයුතුකමෙන් ඔවුන් පිරිසිදුකරන්නෙමි; මට විරුද්ධව පව්කිරීමෙන්ද මට විරුද්ධව ද්‍රෝහිකම්කිරීමෙන්ද කළාවූ ඔවුන්ගේ සියලුම අයුතුකම් ඔවුන්ට කමාකරන්නෙමි.


නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.


පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.


ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධවකළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.


ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.


එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,


අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ඇවිත් තමුන්ගේ ක්‍රියාවන් ප්‍රකාශකරමින් ඒවා කියාදුන්නෝය.


එවිට මුළු යූදා රටවාසීහුද යෙරුසලමේ සියල්ලෝද ඔහු වෙතට පැමිණ තමුන්ගේ පව් කියාදෙමින් ඔහුගෙන් යොර්දාන් ගඟෙහි බව්තීස්මය ලැබුවෝය.


උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.


ස්වකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව.


නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.


ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය.


මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.


ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් ඒ කාරණා සිතට ගෙන හැරී ඔවුන් වාලට ගත් අයගේ දේශයේදී ඔබට කන්නලව් කොට: අපි පව් කෙළෙමුව, හිතුවක්කාරකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියා කෙළෙමුයයි කියමින්,


ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.


ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.


තමුන්ගේ පව් කියාදෙමින්, යොර්දාන් ගංගාවෙහි ඔහුගෙන් බව්තීස්මය ලැබුවෝය.


ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත.


එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,


එනම් තමන්වහන්සේ ධර්මිෂ්ඨවෙන හැටියටද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨකරන්නා හැටියටද, තමන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය.


සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.


උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේකැයි ප්‍රකාශකළසේක.


ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව; අසා කමාවුණමැනව.


නුඹේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝකයා ඔබ හැඳින්නේ නැත, නුමුත් මම ඔබ හැඳින්නෙමි; මොව්හුද ඔබ විසින් මා එවූ බව දැනගත්තෝය.


නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්