Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 14:27 - Sinhala Revised Old Version

27 නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

27 සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 14:27
65 හුවමාරු යොමු  

එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.


මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.


භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.


සමාදානයේ ස්වාමීන්වහන්සේම නුඹලාට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙනසේක්වා. ස්වාමීන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා.


ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;


මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.


ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.


ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා.


මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.


ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.


පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා.


නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට ශක්තිය දෙනසේක; ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට සමාදානයෙන් ආශීර්වාද කරනසේක.


එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.


නුඹලාගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාසකරන්න; මා කෙරේත් විශ්වාසකරන්න


මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.


ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.


මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.


යේසුස්වහන්සේ: නුඹලාට සමාදානය වේවයි නැවතත් ඔවුන්ට කියා–පියාණන්වහන්සේ මා එවුවාක්මෙන්ම මමත් නුඹලා යවමියි කීසේක.


දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද?


රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,


උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.


ඔවුන් අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය.


නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.


කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය.


අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වේවා.


මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.


සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.


පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.


උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;


ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.


අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිසත්, ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේයයි කීයේය.


ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,


ස්වාමීන්වහන්සේ රාත්‍රියෙහි දර්ශනයකින් පාවුල්ට කථාකොට: නුඹ භයනොවී, නිශ්ශබ්දව නොසිට, කථාකරන්න.


එබැවින් ඔවුන්ට භය නොවෙන්න. මක්නිසාද ප්‍රකාශ නොවන්නාවූ වැසී තිබෙන දෙයක්වත් දැනගනු නොලබන්නාවූ සැඟවී තිබෙන දෙයක්වත් නැත.


මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.


ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?


නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.


යොහන් වන මා විසින් ආසියාවෙහි තිබෙන සභා සතට ලියා එවන වග නම්: සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ තැනන්වහන්සේගෙන්ද, උන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සිටින ආත්මයාණන් සත්දෙනාගෙන්ද,


ආබ්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමුකොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට, ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජයයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය.


අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.


මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා සහ කටු ගස් මෙන් වන්නේවී නුමුත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසයකරන්නේවී නුමුත්, ඔවුන්ටවත් ඔවුන්ගේ වචනවලටවත් භය නොවන්න, ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ගේ වචනවලට භය නොවන්න, ඔවුන්ගේ මුහුණුවලට නොකැලඹෙන්න.


තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද නොදැමුව මැනව.


නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා.


හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.


නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.


තවද යම් පමණ දෙනෙක් මේ විධිය ප්‍රකාර හැසිරෙන්නෝද, ඔවුන්ට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට, සමාදානයත් දයාවත්වේවා.


නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න.


උන්වහන්සේම ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි.


මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.


ක්‍රිස්තුස්වහන්සේ තුළ කොලොස්සේ සිටින ශුද්ධවන්තයන්වූ විශ්වාස සහෝදරයන්ට ලියා එවන වග නම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන් කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.


මාගේ මිත්‍රයෙනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවෙන්නැයි නුඹලාට කියමි.


පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


එකල දාරියුස් රජ මුළු පොළොවෙහි වසන සියලු ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා යවනුයේ: නුඹලාට සමාදානය වැඩිවේවා.


බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.


මම ස්වාමීන් සරණ කොට ගනිමි. පක්ෂියෙකු මෙන් නුඹේ කන්දට පලායවයි මාගේ ආත්මයට නුඹලා කෙසේ කියවුද?


උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?


ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය.


උන්වහන්සේ ඔබගේ සෙනඟ ධර්මිෂ්ඨකමින්ද ඔබගේ දුප්පතුන් යුක්තියෙන්ද විනිශ්චයකරන්නේය.


මෙසේ යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්