Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 15:4 - Sinhala Revised Old Version

4 මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල, එයින් ඇති වන ඉවසීමෙන් ද සැනසීමෙන් ද අපට බලාපොරොත්තුව උදා වන පිණිස, අපේ ඉගෙනීම සඳහා ලියන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය. ඉවසීම මඟින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මඟින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල, එයින් ඇති වන ඉවසීමෙන් ද සැනසීමෙන් ද අපට බලාපොරොත්තුව උදා වන පිණිස, අපේ ඉගෙනීම සඳහා ලියන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 15:4
17 හුවමාරු යොමු  

ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.


බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙන්න; දුකේදී ඉවසිලිවන්තව සිටින්න; යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න;


ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.


මෙය මතු එන පරම්පරාව උදෙසා ලියනු ලබන්නේය. මවනු ලබන සෙනඟක්ද ස්වාමීන්ට ප්‍රශංසාකරන්නේය.


මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය.


ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.


අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්