Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 11:34 - Sinhala Revised Old Version

34 ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 රුදුරු ගින්නේ බල, මැඩපැවැත් වූහ, කඩු මුවහතින් ගැලවී පලා ගියහ; දුබලකම්, ප්‍රබලකමට හරවා ගත්හ. යුද්ධයට බලවත් වූහ; සතුරු හමුදා පලවා යැවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 11:34
36 හුවමාරු යොමු  

ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.


නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.


රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.


එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.


ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර,


ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න.


එහෙත් යෙරෙමියා මරන්ට ඔහු සෙනඟ අතට පාවා නොදෙන හැටියට ෂාපාන්ගේ පුත්‍රවූ අහීකාම්ගේ අත ඔහු සමඟ විය.


ඔබ මනුෂ්‍යයන් අපේ හිසට උඩින් යැවූසේක; ගිනි මැදින් හා ජල මැදින්ද ගියෙමුව; නුමුත් ඔබ අප එයින් සාරවත් තැනකට පැමිණවූසේක.


අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක.


තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.


සාගතයේදී මරණයෙන්ද යුද්ධයේදී කඩුවේ බලයෙන්ද උන්වහන්සේ නුඹ මුදනසේක.


දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: නුඹේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය.


අනික් පුත්‍රයාගේ නම එලියේසර්ය; මක්නිසාද: මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මට පිහිටවී ඵාරාවෝගේ කඩුවෙන් මා ගළවාගත්සේකැයි ඔහු කීවේය.


මම බිත්තියටම වදින්ට දාවිත්ට අනිමියි සිතා ඔහු හෙල්ලය වීසිකෙළේය. දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක් ගැළවී ගියේය.


සාවුල්ද බිත්තියටම වදින පිණිස හෙල්ලයෙන් දාවිත්ට අනින්ට උත්සාහ කෙළේය; නුමුත් ඔහු සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේය, හෙල්ලය බිත්තියට වැදුණේය. නුමුත් දාවිත් පලාගොස් ඒ රාත්‍රියේ ගැළවුණේය.


එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රොපේතවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් යෙසෙබෙල්ට දැන්නුවේය.


ශිෂ්‍ය ප්‍රොපේතවරු එලිෂාට කථාකොට: බැලුව මැනවි, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදිය.


පක්ෂි වැද්දන්ගේ උගුලෙන් පක්ෂියෙකු මෙන් අපේ ප්‍රාණය ගැළවුණේය. උගුල බිඳී ගියේය, අපි ගැළවුණෙමුව.


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්