ඔබටත් මේ ලොකු නිදහසක් දැනෙන්න පුළුවන්, කිසිම බරක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වගේ. ක්ෂමා කිරීම කියන්නේ ලස්සන දෙයක්. ක්ෂමා කරලා, ක්ෂමාව ලබලා තියෙන කෙනෙක් දන්නවා ඒක කොච්චර සැහැල්ලුවක්ද කියලා. අපිට ඒකෙ ලොකුම ආදර්ශය දෙන්නෙ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිට කියලා දෙනවා, අපි හැමදාම ක්ෂමා කරන්න ඕන කියලා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ ඔබට හැමදාම ක්ෂමා කරනවා වගේ, ඔබත් අනිත් අයට ක්ෂමා කරන්න කියලා මම ඔබට කියනවා.
ක්ෂමා කිරීමෙන් නිදහස් වෙන්න මේක තමයි වෙලාව. මේ ජීවිතේදි අපිට කවුරු හරි අපහස කරන්න, රිද්දන්න පුළුවන්. ඒත් අපි ඉගෙන ගන්න ඕන ක්ෂමා කරන්න, නැවත ආදරය කරන්න. ඔබේ ජීවිතයෙන් වෛරය අයින් කරන්න. එතකොට ඔබට ඉස්සරහට යන්න, දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම දෙවියන් වහන්සේ එක්ක ඔබේ සම්බන්ධයත් හොඳ වෙනවා.
යේසුස් වහන්සේගේ කුරුසියේ පූජාව නිසා අපේ පව්වලට අපිට ක්ෂමාව ලැබිලා තියෙන නිසා, දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට අපි සතුටු වෙනවා. ඒත් අපිට ක්ෂමාව ලැබුණා වගේම, අපිත් අනිත් අයට ක්ෂමා කරන්න සූදානම් වෙන්න ඕන කියලා මතක තියා ගන්න ඕන. (මාර්ක් 11:25) "ඔබ යාච්ඤා කරන කල, කාට හරි විරුද්ධව යමක් තිබේ නම්, ඔහුට ක්ෂමා කරන්න. එවිට ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් වහන්සේත් ඔබේ පව් ඔබට ක්ෂමා කරන සේක." අපි පසුතැවිලි වෙලා, අනිත් අයට ක්ෂමා කරන්න විශ්වාසවන්තව ඉන්නවා නම්, දෙවියන් වහන්සේ අපිට සම්පූර්ණයෙන්ම ක්ෂමා කරනවා. එතකොට අපිට ඇත්තටම අලුත් ආරම්භයක් ලැබෙනවා!
මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.
නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.
එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.
විනිශ්චය නොකරන්න, එවිට නුඹලාත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරන්න; එවිට නුඹලාත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහරින්න, එවිට නුඹලාත් මුදාහරිනු ලබන්නහුය.
අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,
එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි.
එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.
නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න.
එහෙත් යමෙක් ශෝක ඉපදෙවූවේ නම් ඔහු මට නොව, පමණක් දුරට නුඹලා සියල්ලන්ටම ශෝක ඉපදෙවූවේය. මෙසේ කියන්නේ පමණට වඩා බර නොකරන පිණිසය. බොහෝ දෙනා විසින් පමුණුවනලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත. අනික් අතට එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.
වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.
මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.
නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක.
නුඹලා ප්‍රවේසම්වෙන්න. නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙන්න. මනුෂ්‍ය පුත්‍රයා ප්‍රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය. ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙනයන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා. ලොත්ගේ භාර්යාව සිහිකරන්න. තමාගේ ජීවිතය ලබාගන්ට සොයන්නා ඒක නැතිකරගන්නේය. තමාගේ ජීවිතය නැතිකරගන්නා ඒක ආරක්ෂා කරගන්නේය. නුඹලාට කියමි–ඒ රාත්‍රියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් එක යහනක වන්නෝය; එක්කෙනෙක් ගනුලබන්නේය, අනික් එක්කෙනා අත්හරිනු ලබන්නේය. ස්ත්‍රියෝ දෙදෙනෙක් එකට අඹරමින් සිටින්නෝය; එක තැනැත්තියක් ගනු ලබන්නීය, අනික් තැනැත්තී අත්හරිනු ලබන්නීයයි කීසේක. එවිට ඔව්හු උත්තරදෙමින්: ස්වාමිනි, කොතැන්හිදැයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: යම් තැනක මළකඳ ඇද්ද, එතැනට ගිජුලිහිණියොත් රැස්වන්නෝයයි කීසේක. ඔහු දවසකට සත්වරක් නුඹට විරුද්ධව පව්කොට, සත්වරක් නුඹ වෙතට හැරී: මම පසුතැවිලිවෙමියි කීවොත්, ඔහුට කමාවෙන්නැයි කීසේක.
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.
ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.
ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.
උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත;
යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය.
නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරන්න.
යමෙකුගේ පව් නුඹලා කමාකරවුද ඒවා ඔවුන්ට කමාකරනු ලැබේ; යමෙකුගේ පව් නුඹලා කමා නොකරවුද ඒවා කමාකරනු නොලැබේයයි ඔවුන්ට කීසේක.
නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න. එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේද නුඹට විපාක දෙනසේක.
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ.
ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද? නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.
අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක. උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක.
නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.
එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.
ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත; අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.
එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න.
දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය. දෙවියන්වහන්ස, මාගේ ගැළවීමේ දෙවියන්වහන්ස, මිනීමැරීමේ අපරාධයෙන් මා මුදාහැරිය මැනව; මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්දනගා ගීතිකාකරන්නේය. ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව; එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය. මක්නිසාද ඔබ පූජාවට නොකැමතිසේක; කැමතිසේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවනසේක. දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක. ඔබගේ ප්‍රසන්නයෙන් සියොනට යහපත සිදුකළ මැනව; යෙරුසලමේ පවුරු ගොඩනැගුව මැනව. එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජාව හා මුළු දවන පූජාවට, ඔබ ප්‍රියවනසේක. එවිට ඔව්හු ඔබගේ පූජාසනය පිට ගොනුන් පූජාකරන්නාහුය. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.
මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.
නුමුත්–මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක.
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක. උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.
සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.
කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,
නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම්, ඔහුට සර්පයෙකුදේද? මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද? එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය. පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය. බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.
සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක. එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.
ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.
ස්වාමීන්වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට, විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,
දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථිර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව.
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක. තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත. නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි. මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමාකරනු ලැබූ බැවින්ය. පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය. පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය. ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය. ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය, නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය. උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.
එබැවින් නුඹට කියමි–බොහෝවූ ඇගේ පව් ඈට කමාකරන ලද්දේය; මක්නිසාද ඈ බොහෝකොට ප්‍රේමකළාය. නුමුත් යමෙකුට ස්වල්පයක් කමාකරනලද්දේද ඔහු ස්වල්ප කොට ප්‍රේමකෙරේයයි කීසේක.
මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.
කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.
නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.
මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක.
මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.
දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.
ඉතින් එකිනෙකා සමඟ නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද?
නුඹලා යමෙකුට යමක් ගැන කමාවෙනවා නම් මමත් කමාවෙමි. මම යමක් ගැන කමාවීම් නම්, එසේ කමාවී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය, ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.
කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න.
මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න. ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න; මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය. නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ. එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක. ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න. මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය; නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.
හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.
එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කථාකොට: නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල ඔබට කමාකෙළෙමි. මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.
මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.
අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.
නුමුත් නුඹේ සතුරාට බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය. නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.
ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.
මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
එබැවින් මම නුඹලාට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය.
උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක; නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.
නුමුත් දෙවියන්වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක්, අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන්, අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා,
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න;
ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති. ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.
මක්නිසාද: පළිගැනීම මට අයිතිය, මම්ම ප්‍රතිඵල දෙන්නෙමියි කියාද, ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරනසේක කියාද කී තැනන්වහන්සේ අපි දනිමුව. ජීවමානවූ දෙවියන්වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්ය.
ඔහු උත්තරදෙමින්: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයයි කීවේය.
නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා. නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.
නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.
දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.
මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,
නුඹලාගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ නුඹලා, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක; අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක.
මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.
නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.
දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක.
තමුන්ගේ අයුතුකම්වලට කමාවත් තමුන්ගේ පාපයට වැස්මත් ලැබූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය. ස්වාමීන්වහන්සේ විසින් පාපය ගණන් නොතබන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාදලද්දේයයි කියයි.
උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න; මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.
මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.
කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය. සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.
නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
නුමුත් සුංගම් අයකරන්නා දුරින් සිට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා බලන්ටවත් නොසිතා, තමාගේ ළැපැත්තට ගසාගනිමින්: දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනවයි කීවේය.
නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,
මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.
එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.
නුමුත් පොළොවෙහිදී පව්කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියා: නැගිට නුඹේ ඇඳ අරගෙන නුඹේ ගෙදරට යන්නැයි අංශභාග රෝගියාට කීසේක.
මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.
එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,
තවද නුඹේ සහෝදරයා ඔබට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය.
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.
මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි.
එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක. පසුගිය කාලයේදී අන්‍යයන්ව, නුඹලාගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්ව සිටියාවූ නුඹලා, ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.
නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ, නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන,