Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 14:13 - Sinhala Revised Old Version

13 එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කරගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 14:13
26 හුවමාරු යොමු  

අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී,


සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධව කථා නොකරන්න. සහෝදරයෙකුට විරුද්ධව කථාකරන්නා නොහොත් තමාගේ සහෝදරයා විනිශ්චයකරන්නා ව්‍යවස්ථාවට විරුද්ධව කථාකරන්නේය, ව්‍යවස්ථාව විනිශ්චයකරන්නේය. ඉඳින් නුඹ ව්‍යවස්ථාව විනිශ්චයකරන්නෙහි නම්, නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චයකාරයෙක්ය.


යුතු දේ නුඹලාම විනිශ්චය නොකරන්නේ මක්නිසාද?


නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න.


කෙනෙක් කථාකොට: සමතලාකරන්න. සමතලාකර, මාර්ගය පහදා පැකිලවන දේ මාගේ සෙනඟගේ මාර්ගයෙන් අහක්කරන්නැයි කියනවා ඇත.


සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.


එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.


යමෙක් මේ කුඩා අයගෙන් එක්කෙනෙකුට බාධාකරනවාට වඩා, එසේ කරන්නාගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා, ඔහු මුහුදේ දැමීම ඔහුට යහපත.


එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.


නුඹලා භේදවූ අදහස් ඇත්තෝව, නපුරු සිතිවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද?


හිස නොවසා දෙවියන්වහන්සේට යාච්ඤාකරන්ට ස්ත්‍රියකට හොබනේද කියා නුඹලා තුළම විනිශ්චයකරන්න.


මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,


අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.


බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ!


නුමුත් උන්වහන්සේ හැරී පේතෘස්ට කථාකොට: සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැතැයි කීසේක.


තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.


එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.


උතුම්වූ දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්වෙන්ටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්,


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,


තවද දාවිත් කථාකොට: ඔවුන්ගේ මේසය ඔවුන්ට මලපතක් හා උගුලක්ද බාධාවක් හා විපාකයක්ද කරනු ලැබේවා.


නුමුත් නුඹ මේ ක්‍රියාව කරණකොටගෙන අපහාසකරන්ට ස්වාමීන්වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ළදරුවා සැබවින්ම මැරෙන්නේයයි දාවිත්ට කීයේය.


මනුෂ්‍ය පුත්‍රය මේ මනුෂ්‍යයෝ තමුන්ගේ දේවරූප තමුන්ගේ සිත්වල පිහිටුවාගෙන, තමුන්ගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමුන්ගේ මුහුණු ඉදිරිපිට තබාගන සිටිති. මාගෙන් විභාගකරන්ට ඔවුන්ට කොහෙත්ම ඉඩදිය යුතුද?


බිහිරාට දෙස් නොකියන්න, අන්ධයාට ඉස්සරහ පැකිළවන දෙයක් නොතබා, නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න. මම ස්වාමීන්වහන්සේය.


කන තැනැත්තා නොකන තැනැත්තා සුළුකොට නොසිතාවා; නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු පිළිගත්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්