Biblia Todo Logo
බයිබල් වචන

- දැන්වීම් -


ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

150 බයිබල් පද: ඊර්ෂ්‍යාව සහ තරඟකාරිත්වය ජය ගන්න

150 බයිබල් පද: ඊර්ෂ්‍යාව සහ තරඟකාරිත්වය ජය ගන්න


හිතෝපදේශ 14:30

මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 3:16

මක්නිසාද ඊර්ෂ්‍යාවත් පක්ෂවාදිකමත් ඇති තැන, අවුල්කමත් සියලු නපුරු ක්‍රියාවලුත් ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:26

නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 13:4

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 2:1

එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 20:17

නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 4:2-3

නුඹලා ආශාවන්නහුය, නුමුත් නොලැබෙන්නේය. නුඹලා මිනීමරන්නහුය, ඊර්ෂ්‍යාවන්නහුය, නුමුත් ලබාගන්ට බැරිවන්නේය. නුඹලා ඩබරද යුද්ධද කරන්නහුය; නුඹලා නොඉල්ලන බැවින් නුඹලාට නොලැබෙන්නේය.නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 27:4

උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 3:3

මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:19-21

ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;ඉදින් නුඹලා චර්මඡේද්‍යය ලබන්නහු නම්, ක්‍රිස්තුස්වහන්සේගෙන් නුඹලාට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුල් නම් මම නුඹලාට කියමි.රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 13:13

ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 2:3

පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 23:17

නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:13-15

යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 2:16

මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 37:1-3

නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව.මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.දුෂ්ටයා ධර්මිෂ්ඨයාට විරුද්ධව උපා යොදමින් ඔහුට විරුද්ධව දත්මිටිකයි.ස්වාමීන්වහන්සේ ඔහුට සිනාසෙනසේක. මක්නිසාද ඔහුගේ දවස පැමිණෙන බව උන්වහන්සේට පෙනෙයි.දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.ඔවුන්ගේ කඩුව ඔවුන්ගේම හෘදයට ඇතුල්වන්නේය. ඔවුන්ගේ දුනුද බිඳිනු ලබන්නේය.බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත.මක්නිසාද දුෂ්ටයන්ගේ බාහු බිඳිනු ලබන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට පිහිටවනසේක.භක්තිවන්තයන්ගේ දවස් ස්වාමීන්වහන්සේ දන්නාසේක. ඔවුන්ගේ උරුමයද සදාකල් පවතින්නේය.ඔව්හු විපත්ති කාලයේදී ලජ්ජා නොවන්නෝය. දුර්භික්ෂ දවස්වලදී තෘප්තියට පැමිණෙන්නෝය.මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.නුමුත් දුෂ්ටයෝ විනාශවන්නෝය, ස්වාමීන්ගේ සතුරෝද ගොදුරු බිම්වල සාරවූ කොටස මෙන් වන්නෝය. ඔව්හු ක්ෂයවන්නෝය; දුම මෙන් සහමුලින්ම ක්ෂයවන්නෝය.දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි.මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය.මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක.ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක.මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි.නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව.මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 3:14-15

නුමුත් නුඹලාගේ සිත්වල තික්ත ඊර්ෂ්‍යාවද පක්ෂවාදිකමද තිබේ නම්, පාරට්ටුකරමින් සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංසිකව යක්ෂාකාරව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 24:19-20

නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න; දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න.මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි.මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:15

ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 6:6-7

ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:5

නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 12:25-26

දෙවියන්වහන්සේ අඩුකම් ඇති කොටසට වඩා නම්බු දී, ශරීරය සංයෝජනය කළසේක.මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 73:2-3

එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය.යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය.මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි.එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක.ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 18:6-9

තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්‍රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය.කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය.සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය.එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 34:14

මක්නිසාද ස්වයම් ගෞරව රක්ෂක නම්වූ ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ දෙවිකෙනෙක් බැවින් නුඹ අන් දෙවිකෙනෙකුට නමස්කාර නොකළ යුතුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:33

නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 12:15

තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:2

නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 28:22

අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:11-12

හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි.පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 13:14

නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:16

නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:31-32

සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා.නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 3:15

තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දතීහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:8

සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:12-13

එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 3:17

නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 4:7

මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 4:4

තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 27:19-20

වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත; මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 5:18

සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 2:14-15

වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න.ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:5

එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 5:1-2

එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න.ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න.අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ.එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 139:23-24

දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:28

තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 12:1

එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 11:17

කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 6:10-11

ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 139:14

මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 5:6-7

එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 37:4-5

ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.ස්වාමීන්වහන්සේ ඔවුන්ට පිහිටව, ඔවුන් මුදනසේක. ඔවුන් උන්වහන්සේ සරණගත් නිසා, උන්වහන්සේ ඔවුන් දුෂ්ටයන්ගෙන් මුදා ගළවනසේක.ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 10:5

අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 22:37-39

උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය.මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 6:4-5

නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 15:16-17

කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 14:10-12

එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව.මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 73:26

මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:19-21

පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:2

සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 13:6

අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 133:1

බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 19:23

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:5-6

නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:25

අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 10:13

මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:16

නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 17:17

මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:14-15

මේ සියල්ල උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 4:18

ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 34:1

සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 2:10

මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:9

ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:31

බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:34

එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:10

සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 16:3

නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:13

මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 118:6

ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 3:8

අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 4:10

ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ නුඹලා උසස්කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:13

ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:9

සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 37:8

තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:29

නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 12:9

උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 2:1-2

ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්,යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න.ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය.එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.එසේම නුඹලාත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න.මමත් නුඹලාගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි.නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 4:6

නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 2:20

මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 41:10

භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 91:2

උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:8

නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:6

නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 10:24-25

තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:12

මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:1

එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 6:2

එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:23-24

නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන,නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 23:1

ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:6

ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:20

ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:4

ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 13:13

දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:38-39

මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 26:3

ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 32:8

ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 6:18

සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 4:23

සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:2

මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 2:9

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:16-17

අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 11:1

ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 28:7

ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:105

ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:24

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:1-2

ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.මේ සියල්ල උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න.පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:13

මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:5

නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 62:5-6

මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 5:14

උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:26-27

එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:19

මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 33:18-19

බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:31

නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 25:4-5

ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 16:13

අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 16:33

මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 3:14

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:7

දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 12:25

මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:4

මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 27:14

ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබ්ගේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:12

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතුව ළංවන්ට පුළුවන්කමත්, උන්වහන්සේ තුළ අපට තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:22

නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 34:17-18

ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 11:28

වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 41:13

මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 14:17

මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 6:19-20

නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?නොහොත් ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චයකරන බව නොදනිවුද? ඉඳින් නුඹලා විසින් ලෝකයා විනිශ්චයකරනු ලබන්නේ නම්, ඉතා සුළු කාරණා විනිශ්චයකරන්ට නුඹලා නොවටින්නෝද?නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 7:7-8

ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 5:8-9

මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න.ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 22:6

දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:18

ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 5:16-18

නිතරම ප්‍රීතිවෙන්න;නොකඩව යාච්ඤාකරන්න;සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:5

මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 14:13

එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 42:8

එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 1:7

මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 4:16

එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්