Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 42:8 - Sinhala Revised Old Version

8 එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ කරුණාගුණය දිවාභාගයේදී නියමකරනසේක, රාත්‍රිභාගයේදීත් උන්වහන්සේට ගීතිකාවක්, එනම් මාගේ ජීවනයේ දෙවියන්වහන්සේට යාච්ඤාවක්, මා සමඟ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එබැවින් හිමිතුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමාණන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 42:8
20 හුවමාරු යොමු  

ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා.


මාගේ ආත්මය ඇටමිදුලුවලින්ද තෙලින්ද මෙන් තෘප්තියට පැමිණෙන්නේය; මාගේ මුඛයද ප්‍රීතිමත් තොල්වලින් ඔබට ප්‍රශංසාකරන්නේය.


මට දැනමිතිකම් දුන්නාවූ ස්වාමීන්ට ස්තුති ප්‍රශංසාකරන්නෙමි; එසේය, රාත්‍රි භාගයෙහිදී මාගේ සිතිවිලිවලින් මට ගුරුකම් ලැබේ.


එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ,


නුඹේ ගබඩා කෙරෙහිද නුඹ අත තබන සියල්ලෙහිද ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදය එවා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයේදී නුඹට ආශීර්වාදකරනසේක.


සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.


මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.


නුමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන්දීගන සිටියෝය;


සියයකට මුලාදෑනියා උත්තරදෙමින්: ස්වාමිනි, මාගේ පියස්ස යටට ඔබගේ ඊමට මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවාට සුවවන්නේය.


දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය. යාකොබ්ට මිදීම වේවයි අණකළ මැනව.


ශුද්ධ මංගල්‍යයක් පවත්වන රාත්‍රියේදී මෙන් ගීතිකාවක්ද ස්වාමීන්වහන්සේගේ කන්දටත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් වෙතටත් පැමිණෙන්ට නළාවක් පිඹිමින් යන අයගේ ප්‍රීතිය මෙන් සිතේ ප්‍රීතියද නුඹලාට වන්නේය.


රාත්‍රියේ මාගේ ගීතිකාව සිහිකොට, මාගේම සිත සමඟ කථාකරමි; මාගේ ආත්මයද ඕනෑකමින් විමසුවේය.


මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.


ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?


මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂාකරනසේක; මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක.


හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි.


කුමක්හෙයින්ද මරණය නමැති තරංගයෝ මා වටකළෝය, අධර්මය නැමති ජලධාරාවෝ මා භයගැන්වූය.


මා අඳුනන්නන් ඔබ මාගෙන් දුරු කළසේක; ඔවුන්ට මා පිළිකුලක් කළසේක. හිරකරනලදුව පිටත එන්ට නොහැක්කෙමි.


එකල්හි ජලය අප වසාගන්නවා ඇත, දියපාර අපේ ප්‍රාණය යටකොට ගලනවා ඇත.


එවිට මම: ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි; එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්