Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 13:4 - Sinhala Revised Old Version

4 ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කරගන්නේ නැත; අහංකාර නැත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 13:4
53 හුවමාරු යොමු  

ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.


නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.


එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,


වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.


ප්‍රේමවන්තයෙනි, දෙවියන්වහන්සේ අපට මෙසේ ප්‍රේමකළසේක් නම්, අප විසිනුත් එකිනෙකාට ප්‍රේමකළ යුතුය.


වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.


අවසානකොට, නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.


ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.


දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න.


සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා,


පිරිසිදුකමින්ද දැනගැන්මෙන්ද ඉවසිලිවන්තකමින්ද ගුණවත්කමින්ද ශුද්ධාත්මයෙන්ද අවංක ප්‍රේමයෙන්ද;


මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය.


ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,


නිෂ්ඵල පාරට්ටු නොකරමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොවෙමු.


ඉතින්, සහෝදරයෙනි, නුඹලා උදෙසා මේ දේ උපමාවකින් අපොල්ලොස්ටත් මටත් අදාළකොට කීමි. එසේ කරන්නේ ලියා තිබෙන දේ ඉක්මවා නොයන්ට නුඹලා අපෙන් ඉගෙනගන්නා පිණිසත් නුඹලාගෙන් කවරෙක්වත් එක්කෙනෙකු උදෙසා අනිකෙකුට විරුද්ධව උඩඟු නොවන පිණිසත්ය.


වචනය දේශනා කරන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න; සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටුකර, අවවාදකර, අනුශාසනාකරන්න කියාය.


නුමුත් නුඹ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද,


ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ.


ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය; එසේය, ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය;


ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.


ඔව්හු කීකරුවෙන්ට අකැමැතිවී, ඔවුන් අතරේ ඔබ කළ පුදුමවල් සිහි නොකර, තමුන්ගේ කුළල් තදකරගෙන, වාල්කමට හැරී යන පිණිස තමුන්ගේ කැරළිකාරකමෙන් ප්‍රධානියෙකු පත්කරගත්තෝය. එහෙත් ඔබ කමාවෙන්නාවූ, දයාබරවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, කරුණාභරිතවූ දෙවිකෙනෙක් බැවින්, ඔබ ඔවුන් අත් නොහැරියසේක.


එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා,


මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.


මක්නිසාද නුඹලා තවම මාංසිකය. නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇති බැවින්, නුඹලා මාංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද?


කුලජ්‍යෙෂ්ඨයෝ යෝසෙප්ට ඊර්ෂ්‍යාකොට ඔහු මිසරයට වික්කෝය.


ආණ්ඩුකාරයාගේ සිත නුඹට විරුද්ධව ඇවිස්සුණොත්, නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.


උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.


ඔහුගේ මාර්ග සෑමවිටම ස්ථිරය; ඔබගේ විනිශ්චයෝ ඔහුට නොපෙනෙන තරම් ඉහළය. ඔහු තමාගේ සියලු සතුරන් කෙරේ අහංකාරයෙන් පිපෙයි.


විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,


ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ,


දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.


ඔව්හු වනාහි සියලු අධර්මිෂ්ඨකමින්ද දුෂ්ටකමින්ද ලෝභකමින්ද නපුරුකමින්ද පූර්ණව, ඊර්ෂ්‍යාවෙන්ද මිනීමැරීමෙන්ද ඩබරයෙන්ද වංචාවෙන්ද ක්‍රෝධයෙන්ද පිරී සිටියෝය. ඔව්හු කනට කොඳුරන්නෝව,


ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යාකළෝය; නුමුත් ඔහුගේ පියා ඒ කීම සිතේ තබාගත්තේය.


නොහොත් දෙවියන්වහන්සේ අප තුළ වාසයකෙරෙවුවාවූ ආත්මය අප කෙරේ අතිශයින් ආශාවන්නේය කියා ලියවිල්ල නිෂ්කාරණයේ කථාකරන්නේයයි නුඹලා සිතන්නහුද?


නුමුත් මා නුඹලා ළඟට එන්නේ නැත කියා සමහරු උඩඟුව සිටිති.


ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.


පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,


සමහරු ඊර්ෂ්‍යාවෙන්ද විවාදයෙන්ද සමහරු හොඳ සිතින්ද ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරති.


මක්නිසාද මා ආකල යම් විධියකින් නුඹලා මා කැමති ආකාර නොවන බවත්, මා නුඹලා කැමති ආකාර නොවන බවත් පෙනේදෝ කියාද, යම් විධියකින් විවාද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කේලාම්, කනට කෙඳිරීම්, උඩඟුකම්, කෝලාහල පවතිනවා ඇද්දෝ කියාද,


මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහකරනු ලබන පිණිස ශෝකවෙනවා වෙනුවට, නුඹලා උඩඟුව සිටිවුය.


මක්නිසාද ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවාදුන් බව ඔහු දැනගෙන සිටියේය.


තමා යාකොබ්ට දරුවන් බිහිනොකළ බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්