Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 6:24 - Sinhala Revised Old Version

24 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 “ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 “හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසිවකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 “ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 6:24
20 හුවමාරු යොමු  

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසි වැඩකාරයෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවන්නේය, අනික් අයට ප්‍රේමවන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම්වන්නේය, අනික් අය හෙළාදක්නේය. දෙවියන්වහන්සේටත් වස්තුවටත් සේවය කරන්ට නුඹලාට බැරියයි කීසේක.


කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.


ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි.


ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.


එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.


එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම්, සැබෑවූ වස්තුව නුඹලාට භාරදෙන්නේ කවුද?


එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවිත් කථාකොට: නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.


මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,


සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.


මෙසේ මේ ජාතීහු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වමින් තමුන්ගේ රූපවලට සේවයකළෝය; එලෙසම ඔවුන්ගේ දරුවෝද දරුවන්ගේ දරුවෝද තමුන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කෙරෙති.


මමත් නුඹලාට කියමි: අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයාගන්න; එවිට එය පහවයන කල ඔව්හු නුඹලා සදාකාල කූඩාරම්වලට පිළිගන්නවා ඇත.


එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.


මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.


ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද,


ඔව්හු තමන්ගේ සිව්පාවුන් යෝසෙප් වෙතට ගෙනාවෝය. එවිට යෝසෙප් අශ්වයන්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. ඔහු ඒ අවුරුද්දේ ඔවුන්ගේ සියලු සිව්පාවුන් හිලව්වට ආහාරයෙන් ඔවුන් රක්ෂාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්