Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 8:37 - Sinhala Revised Old Version

37 නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 නැත; මේ සියල්ලේදී, අපට ප්‍රේම කළ තැනැත්තාණන් මඟින් අපි ජයග්‍රාහකයින්ටත් වඩා වැඩිමනත් වම්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 8:37
25 හුවමාරු යොමු  

නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.


මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.


තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නමැති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.


ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය.


ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.


ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,


මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.


උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටුකරන්නෙමි.


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


අප ප්‍රේමකරන්නේ උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසාය.


මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.


විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,


දිරන සුලුවූ මේක නොදිරන භාවයටත් මරණීයවූ මේක අමරණීයභාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනාලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ.


තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද,


උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනඟගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක.‍


බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.


ප්‍රේමය මේය, එනම් අප දෙවියන්වහන්සේට ප්‍රේමකළා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට, අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය.


අපිම නුඹලා ඉදිරියෙහි නිදොස්වන්ට උත්සාහකරමුයයි මෙපමණ කල් නුඹලා සිතන්ට ඇත. අප කථාකරන්නේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළය. නුමුත්, ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල නුඹලාගේ වර්ධනයවීම පිණිසය.


ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්