Biblia Todo Logo
බයිබල් වචන
- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

ශුද්ධාත්මයාණන් පිළිබඳ බයිබල් පද

ශුද්ධාත්මයාණන් පිළිබඳ බයිබල් පද
යොහන් 14:26

නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:25

අපි ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ජීවත්වෙමු නම්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:3-4

ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය. ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය. මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක. මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි ඔහුම කියයි. එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය. ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය. පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා, ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:14

මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:13

ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 1:8

නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 11:2

ස්වාමීන්වහන්සේගේ ආත්මය, එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්ම හා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේ ආත්මයද, උන්වහන්සේ කෙරේ පිහිටන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 11:13

මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්දැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 3:17

ඉදින් ඒ ස්වාමීන්වහන්සේ ආත්මයාණන්වහන්සේය. ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:5

බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 36:27

මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 1:7

මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:26

එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 16:13-14

එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක. උන්වහන්සේ මා ගෞරවයට පමුණුවනසේක. මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:19

මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 5:32

අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය; එසේම දෙවියන්වහන්සේ විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශුද්ධාත්මයාණන්වහන්සෙත් සාක්ෂිකාරයෙකැයි කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:11

උත්සාහවන්තකමේදී මැළි නොවෙන්න; ආත්මයෙන් ජ්වලිතවෙන්න; ස්වාමීන්වහන්සේට සේවයකරන්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:15

මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:16

අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:21

උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:17

මක්නිසාද මාංසය ආත්මයාණන්වහන්සේට විරුද්ධවද ආත්මයාණන්වහන්සේ මාංසයට විරුද්ධවද ආශාකරයි. නුඹලා කැමතිවන දේ නොකරන ලෙස මොව්හු එකිනෙකාට විරුද්ධවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:22-23

නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 6:19

නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 14:15-17

නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය. මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:16-17

උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 2:10

නුමුත් දෙවියන්වහන්සේ ස්වකීය ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරව්කළසේක. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 3:6

මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:3

සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්, ස්වාමීන්වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:26-27

එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක. ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 2:11

මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන්වහන්සේගේ කාරණා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 1:17

එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 4:1

ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
සෙකරියා 4:6

එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 143:10

ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 4:24

දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 3:16

නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 4:13

අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 6:19-20

නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නොහොත් ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චයකරන බව නොදනිවුද? ඉඳින් නුඹලා විසින් ලෝකයා විනිශ්චයකරනු ලබන්නේ නම්, ඉතා සුළු කාරණා විනිශ්චයකරන්ට නුඹලා නොවටින්නෝද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:38

පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:4

ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 16:13

එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 3:24

උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි, උන්වහන්සේද ඔහු තුළ පවතිනසේක. උන්වහන්සේ අප තුළ සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:9

නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 1:13-14

උන්වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැළවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන්වහන්සේ කෙරෙහි අදහාගෙන, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන්වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස, අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 7:38-39

මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 10:44-47

පේතෘස් මේ වචන කථාකරද්දීම වචනය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේ පහළවූසේක. පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය. මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්: අපට ලැබුණාක්මෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබූ මොවුන් බව්තීස්මකරනු නොලබන පිණිස වතුර තහනම්කරන්ට කාට පුළුවන්දැයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 1:22

උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන්වහන්සේ නමැති අත්තිකාරම අපට දුන්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:30

දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 51:11

ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 2:12-13

නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව. අප විසින් ඒ දේවල් කථාකරන්නෙත් මනුෂ්‍ය ප්‍රඥාව කරණකොටගෙන උගන්වනලද වචනවලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමඟ සමානකර බලමින් ආත්මයාණන්වහන්සේ විසින් උගන්වනලද වචනවලින්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 4:6

තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 19:2

නුඹලා අදහාගත් කල ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවහුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔව්හු: නැත, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇති බවවත් නොඇසීමුයයි කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 3:5-6

යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය. මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:17-18

අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:16

උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 2:4

දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂිදුන්සේක. ‍

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 4:18

ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 61:1

ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 14:17

ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 8:15-17

ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය. මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත. ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 3:14

මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:12

ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:15-16

මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව. අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 2:18

මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 13:2

ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
තීතස් 3:5

අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 4:8

එබැවින් එපාකරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් නුඹලාට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්