ඔයාලට මතකද බයිබලයේ එළිවෙන ජාමෙට කලින් වෙච්ච වැදගත් සිදුවීම් ගැන? ඒවා ශුද්ධාත්මයාණන් විසින් අපිට මතක් කරන්නේ රාත්‍රී යාඥාවලදී අධ්‍යාත්මික සටනේ බලය අපිට පෙන්වන්න. දෙවියන් වහන්සේ අපේ අවධානය යොමු කරන්නේ දවල්ට වඩා රෑ, ඒ විශේෂයෙන්ම අලුයම, යාඥා කරන්න වෙනස් බව පෙන්වන්න. උන්වහන්සේ අපේ හෘද සාක්ෂියට කතා කරන දේ අපිට ඇහුම්කන් දෙන්න කියලත් දෙවියන් වහන්සේගේ වචනයේ කියනවා. එපීස 6:18 හි කියනවා වගේ, "සියලු යාච්ඤාවලින්ද කන්නලව්වලින්ද සෑම කලකදීම ආත්මයෙන් යාච්ඤා කරමින්, ඒ සඳහා සියලු සාන්තුවරයන් උදෙසා නොපසුබට උත්සාහයෙන්ද කන්නලව්වෙන්ද අවදිව සිටින්න". රෑ ඇහැරගෙන ඉන්න එකට, මුර කරන එකට "විජිලිය" කියලා කියනවා. ඒ වගේම අධ්‍යාත්මික අන්ධකාරයේ ජීවත් වන ලෝකය මැද අපි අවදිව, සෝබරව ඉන්න ඕන කියලත් මේ වචනය අපිට මතක් කරනවා. අපි දුකෙන්, කරදරේක ඉන්නකොටත් දෙවියන් වහන්සේගෙන් සැනසීම ලබාගන්න අලුයම යාඥා කරන්න ඕන. ලාමෙන්තු 2:19 හි කියනවා වගේ "රාත්‍රියේ මුල් මුරයේදී නැගිට, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත වතුර මෙන් වගුරුවන්න. ඔබේ දෑත් උන්වහන්සේ වෙතට ඔසවන්න."
නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක.
සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.
එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.
අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.
තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ.
ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔව්හු වාසනාවන්තයෝය. සැබවක් නුඹලාට කියමි–ඔහු තමාගේ ඉඟටිය බැඳගෙන, ඔවුන් කෑමට හිඳුවා, ඇවිත් ඔවුන්ට උපස්ථානකරන්නේය.
අන්න, නුඹේ මුරකාරයන්ගේ හඬ! ඔව්හු හඬ නගති, ඔව්හු එක්ව ගී කියති; මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත.
නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය දුර්වලයයි කීසේක.
ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබාගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.
නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.
නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව.
මාගේ දෙවියන්වහන්ස, මාගේ සතුරන්ගෙන් මා මිදුව මැනව. මට විරුද්ධව නැගිටින්නන් කෙරෙන් උස්තැනක මා සිටෙවුව මැනව.
ඔහුගේ මුරකාරයන් සියල්ලෝම අන්ධව, දැනගැන්ම නැතුව සිටිති; සියල්ලෝම බුරන්ට බැරි ගොළු බල්ලෝය; ඔව්හු හීන දකිති, ලැග හිඳිති, නිදා ඉන්ට කැමැත්තෝය.
ස්වාමීන් කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව.
නුමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණකරන්න.
ඉතින්, මාගේ ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතෙන්න; එසේ කළ යුතුවන්නේ උන්වහන්සේ ප්‍රකාශවුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජානොවී නිර්භීතකම ඇතුව සිටින පිණිසය.
සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.
දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.
ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.
එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.
වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න.ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය.
මාගේ ඇස් හමුවෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නුරුස්සමි; එය මට නොඇලෙන්නේය.
සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.
එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය.
එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයිකියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.
තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්:
ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන්දැයි පරීක්ෂාකරන්න.
මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්,ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානකරනු ලැබේ.මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය.පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය.නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනමියි කීවේය.එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.කුමක්හෙයින්ද එය වනාහි අන් රටකට යන මනුෂ්‍යයෙක් තමාගේ දාසයන් කැඳවා, ඔවුන්ට තමා සන්තක දේ භාරදෙන්නාක්මෙන්ය.ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය.තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවාගත්තේය.නුමුත් එක ලැබූ තැනැත්තේ ඉවත්ව ගොස් පොළොව හාරා, තමාගේ ස්වාමියාගේ මිල සඟවා තැබුවේය.බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමඟ ගණන් බැලුවේය.ඔවුන්ගෙන් පස්දෙනෙක් නුවණ නැත්තියෝය, පස්දෙනෙක් නුවණ ඇත්තියෝය.එවිට තලෙන්ත පහ ලැබූ තැනැත්තේ තවත් තලෙන්ත පහක් ගෙනැවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත පහක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත පහක් උපදවාගතිමියි කීවේය.ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත දෙකක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත දෙකක් උපදවාගතිමියි කීවේය.ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වු විශ්වාසවූ දාසය, ඒ යහපත; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.එක තලෙන්තය ලැබු තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නාවූ, නොඉස්ස තැනින් රැස්කරන්නාවූ, කර්කස මනුෂ්‍යයෙකු බව දැනගතිමි.එබැවින් මම භයව ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ සඟවා තැබීමි, මෙන්න, ඔබ සන්තක දේයයි කීවේය.ඔහුගේ ස්වාමියා ඔහුට උත්තරදෙමින්: දුෂ්ටවූ අලසවූ දාසය, මා නොවපුළ තැනින් කපාගන්න බවත් නොඉස්ස තැනින් රැස්කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද!එසේ නම් මාගේ මුදල මිල ගනුදෙනුකරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය, එවිට මා ආ කල මට අයිති දේ පොළියත් සමඟ ලබන්ට තිබුණේය.එබැවින් ඔහුගෙන් තලෙන්තය හැරගෙන තලෙන්ත දසය ඇත්තාට දෙන්න.මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහකරනු ලබන්නේය.මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය.
නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.
නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න.
අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.
නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව.මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය.ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි.ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක.ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය.ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව.ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව.මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි.ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය; එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි.ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිමි; මක්නිසාද ඒවා මාගේ සිතේ ප්‍රීතියය.සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.දෙසිත් ඇත්තවුන්ට ද්වේෂකරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.නපුරුකම් කරන්නෙනි, මා වෙතින් පහවයව්. මාගේ දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නෙමි.මා ජීවත්වන පිණිස ඔබගේ වචනය ප්‍රකාර මා දැරුව මැනව; මාගේ බලාපොරොත්තුව ගැන ලජ්ජා නොවෙම්වා.මා දැරුව මැනව, එවිට මම සුරක්ෂිතව සිට, ඔබගේ පනත් නිතරම සලකන්නෙමි.ඔබගේ පනත්වලින් මුළාවයන සියල්ලන් ඔබ සුළුකොට සිතූසේක. මක්නිසාද ඔවුන්ගේ වංචාව නිෂ්ඵලය.ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් බොර මෙන් පහකරනසේක. එබැවින් ඔබගේ ශික්ෂාවලට ප්‍රේම කරමි.ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.යුක්තියත් ධර්මිෂ්ඨකමත් කෙළෙමි. මට පීඩාකරන්නන්ට මා නොහැරිය මැනව.යහපත පිණිස ඔබගේ මෙහෙකරුවාට ඇපවුව මැනව. උඩඟු අය මට පීඩා නොකෙරෙත්වා.ඔබ දෙන ගැළවීම හා ඔබගේ ධර්මිෂ්ඨ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.ඔබගේ කරුණාව පරිද්දෙන් ඔබගේ මෙහෙකරුවාට ක්‍රියාකරමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.මම ඔබගේ මෙහෙකරුයෙමි; ඔබගේ ශික්ෂා දැනගන්නා පිණිස මට නුවණ දුන මැනව.ස්වාමීන්වහන්සේ විසින් ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන්ය; මක්නිසාද ඔව්හු ඔබගේ ව්‍යවස්ථාව කඩකළෝය.එබැවින් රනට වඩා, එසේය, පවිත්‍ර රනට වඩා, ඔබගේ ආඥාවලට ප්‍රේමකරමි.එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.ඔබගේ ශික්ෂා ආශ්චර්යමත්ය. එබැවින් මාගේ ආත්මය ඒවා රක්ෂා කරයි.ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි.ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.මම ඔබගේ ආඥාවලට ආශාවූ නිසා කට ඇර හතිදැමීමි.ඔබගේ නාමයට ප්‍රේමවන්නන්ට ඔබගේ ව්‍යවහාරය ලෙස, මා දෙසට හැරී මට කරුණාකළ මැනව.ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව; කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව.මනුෂ්‍යයාගේ බලාත්කාරයෙන් මා මිදුව මැනව. එවිට ඔබගේ නියෝග පවත්වන්නෙමි.ඔබගේ මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.ස්වාමිනි, ඔබ ධර්මිෂ්ඨය, ඔබගේ විනිශ්චයෝ සෘජුය.ඔබ ධර්මිෂ්ඨකමින්ද මහත් විශ්වාසකමින්ද ඔබගේ ශික්ෂා නියමකළසේක.මාගේ එදිරිකාරයන් ඔබගේ වචන සිහි නැතිකළ නිසා මාගේ ජ්වලිතය මා සිඳදැම්මේය.සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි.ඔබගේ වචනය ඉතා පිරිසිදුය; එබැවින් ඔබගේ මෙහෙකරුවා ඊට ප්‍රේමකරයි.මම සුළු කෙනෙක්මි, නින්දා ලද්දෙක්මි. එහෙත් ඔබගේ නියෝග සිහිනැති නොකරමි.ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය.විපත හා සිත් වේදනාව මා කරා පැමිණ තිබේ. එහෙත් ඔබගේ ආඥා මාගේ ප්‍රීතියය.ඔබගේ ශික්ෂා සදාකාලේටම ධර්මිෂ්ඨය. මා ජීවත්වන පිණිස මට නුවණ දුන මැනව.මම මුළු සිතින් යාච්ඤාකෙළෙමි; ස්වාමිනි, මට උත්තරදුන මැනව. ඔබගේ පනත් රක්ෂාකරන්නෙමි.මම ඔබට අඬගැසීමි; මා ගැළෙවුව මැනව, එවිට ඔබගේ ශික්ෂා පවත්වන්නෙමි.මම අලුයමට පළමුවෙන් නැගිට මොරගැසීමි, ඔබගේ වචන කෙරෙහි බලාපොරොත්තුවීමි.ඔබගේ වචනය භාවනාකරන පිණිස රෑ යාම්වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය.ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මාගේ ශබ්දය ඇසුව මැනව. ස්වාමිනි, ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි.දුෂ්ටකම අනුව යන්නෝ ළංවෙති; ඔව්හු ඔබගේ ව්‍යවස්ථාවෙන් දුරුව සිටිති.ස්වාමිනි, ඔබ ළංව සිටිනසේක; ඔබගේ සියලු ආඥා සත්‍යයය.ඔබගේ ශික්ෂා සදාකාලේටම පිහිටෙවු බව පෙර සිට එයින් දැනගතිමි.මාගේ විපත්තිය බලා මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව සිහිනැති නොකරමි.මාගේ යුක්තිය කියා මා මිදුව මැනව; ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය; මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති.ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.මට පීඩාකරන්නෝද මාගේ එදිරිකාරයෝද බොහෝය; එහෙත් මම ඔබගේ ශික්ෂාවලින් ඉවත නොගියෙමි.මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති.ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව. ස්වාමිනි, ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මා ප්‍රාණවත්කළ මැනව.ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය; ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය.අධිපතීහු නිකරුණේ මට පීඩාකළෝය; නුමුත් මාගේ සිත ඔබගේ වචන වලට භයින් පවතී.මහත් කොල්ලයක් ලබන කෙනෙකු මෙන් මම ඔබගේ වචනයෙහි ප්‍රීතිමත්වෙමි.බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා දවසට සත් වරක් ඔබට ප්‍රශංසා කරමි.ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.ස්වාමිනි, ඔබගේ ගැළවීම බලා සිටියෙමි, ඔබගේ ආඥා ඉෂ්ටකෙළෙමි.මාගේ ආත්මය ඔබගේ ශික්ෂා පැවැත්විය; මම ඊට බොහෝසෙයින් ප්‍රේමකරමි.මම ඔබගේ නියෝග හා ශික්ෂා පැවැත්වීමි; මක්නිසාද මගේ සියලු මාර්ග ඔබ ඉදිරියෙහිය.ස්වාමිනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය පරිද්දෙන් මට නුවණ දුන මැනව.මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි.මාගේ අයදීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය ලෙස මා මිදුව මැනව.ඔබගේ පනත් ඔබ මට උගන්වන බැවින් මාගේ තොල් ප්‍රශංසාව ප්‍රකාශ කෙරේවා.ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම වන බැවින් මාගේ දිව ඔබගේ වචනය ගැන ගී කියාවා.ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා; මක්නිසාද මම ඔබගේ නියෝග තෝරාගතිමි.ස්වාමිනි, මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි; ඔබගේ ව්‍යවස්ථාවද මාගේ ප්‍රීතියය.මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය; ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා.නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා.නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න.
තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.
එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක.
නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.
මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය.මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි.
ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි.
ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.
උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.
සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.
බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න.සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.මක්නිසාද පසුව ඔහු ආශීර්වාදය උරුමකරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපාකරනු ලැබූ බව නුඹලා දනිහුය; මක්නිසාද ඔහු කඳුළෙන් යුක්තව ඕනෑකමින් එය සෙවූ නුමුත්, වෙනස්කිරීමට ඉඩක් ලැබුණේ නැත.තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.
උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.කාන්තාරයෙහි ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරන්න.තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය.නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත.
ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.
නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
මේ සියල්ලෝම ස්ත්‍රීන්ද යේසුස්වහන්සේගේ මවුවූ මරියාද උන්වහන්සේගේ සහෝදරයන්ද සමඟ එක්සිත්ව නොකඩවම යාච්ඤාකරමින් සිටියෝය.
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.
නුඹලා අතරෙහි යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා.එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.
එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.
ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව,
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමයත් ගැන අප ඇසූ බැවින්, ස්වර්ගයෙහි නුඹලාටත් තබා තිබෙන්නාවූ බලාපොරොත්තුව නිසා,
තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.
මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.