Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 90:12 - Sinhala Revised Old Version

12 ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 90:12
20 හුවමාරු යොමු  

ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව; මම කොපමණ බෙලහීනයෙම්දැයි මට දැනේවා.


දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.


අහෝ, ඔවුන් ඥානවන්තව, මේක තේරුම්ගෙන, තමුන්ගේ මතු කාලය ගැන මෙනෙහි කළොත් යහපත!


ප්‍රඥාව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥාව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


නුඹේ සිත ඉගැන්වීමටද නුඹේ කන් දැනගැනීමේ වචනවලටද යොමුකරන්න.


නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න.


ප්‍රඥාව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද! එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ඝය.


ප්‍රඥාව ලබාගන්න, නුවණ ලබාගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීම්වලින් අහක්ව නොයන්න.


උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.


සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.


බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.


මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ; ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්