Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 13:17 - Sinhala Revised Old Version

17 නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ඔබේ නායකයින්ට අවනතව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 13:17
34 හුවමාරු යොමු  

යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.


දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න.


එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.


දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.


නුමුත් නුඹලා ඒක අසන්නේ නැත්නම්, මාගේ ආත්මය රහස් තැන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන අඬා, බොහෝසෙයින් කඳුළු වගුරුවනවා ඇත; ස්වාමීන්වහන්සේගේ රැළද වාලට ගෙනයනු ලැබූ නිසා මාගේ ඇස්වලින් කඳුළු ගලනවා ඇත.


නුඹලාත් එවැනි අයටද වැඩට හවුල්වෙමින් වීර්යකරන්නාවූ සියල්ලන්ටද යටත්ව සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.


එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;


මෝසෙස් ස්වාමීන්වහන්සේ වෙතට හැරී ගොස්: අහෝ, මේ සෙනඟ මහත් පාපයක් කර තමුන්ට රනින් දෙවිවරුන් සාදාගත්තෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න; එබඳු අය ගරුකොට සලකන්න.


එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.


යමෙක් මේ ලියුමේ අපේ වචනයට කීකරු නොවන්නේ නම්, නුඹලා ඔහු බලාගෙන, ඔහු ලජ්ජාවන පිණිස ඔහු සමඟ සමාගම් නොපවත්වා සිටින්න.


නුඹලාගේ සියලු ප්‍රධානීන්ටත් සියලු ශුද්ධවන්තයන්ටත් ආචාරකරන්න. ඉතාලියේ අය නුඹලාට ආචාරකරති.


එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,


එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.


මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති.


එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.


පළමුවෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන,


එවිට ඔහු ගබඩාකාරයාට අඬගසා: නුඹ ගැන මා අසන මේ කාරණය කිමෙක්ද? නුඹේ ගබඩාකාරකමේ ගණන දෙන්න; මක්නිසාද නුඹට තවත් ගබඩාකාරයාව සිටින්ට නුපුළුවනැයි කීවේය.


මම සභාව සහ සම්මුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමියි කියාත් නොකියන පිණිසද,


එහෙත් සෙනඟ සාමුවෙල්ගේ හඬට කීකරුවෙන්ට කැමති නොවී කථාකොට: නැත;


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹේ ස්වාමිදුව වෙතට හැරී ගොස් ඈට යටත්ව සිටින්නැයි කීසේක.


මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය.


ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත්වෙන්න.


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් යම් දේශයකට කඩුව පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමුන් අතරෙන් මනුෂ්‍යයෙකු ගෙන තමුන්ට මුරකාරයා කොට තැබුවොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්