Biblia Todo Logo
බයිබල් වචන

- දැන්වීම් -


ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

148 පරීක්ෂාවන්ට මුහුණ දෙන අයට බයිබල් පද

148 පරීක්ෂාවන්ට මුහුණ දෙන අයට බයිබල් පද


1 කොරින්ති 10:13

මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 4:7

එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 26:41

නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 5:8-9

සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 2:18

මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:11

ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 13:14

නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:16

නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 6:11

යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:13

අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 2:15-17

ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:12-15

පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 2:22

යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 6:12-14

එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා.නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:8

ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 101:3

මාගේ ඇස් හමුවෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නුරුස්සමි; එය මට නොඇලෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:29-30

නුඹේ දකුණු ඇස ඔබට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත.සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.නුඹේ දකුණු අත ඔබට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 4:14-15

දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න.එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 4:15-16

මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 4:4

මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 6:27-28

මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:37

නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:6-7

ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 141:4

අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොහළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකරෙමේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 7:25-27

නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න.මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය.ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 5:11

අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:5-6

එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 10:3-5

මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව.(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.)අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:133

ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව; කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:5-6

නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 5:22

සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 23:3-4

උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 6:13-17

එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත් පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න.එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න.ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය.ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 12:1-2

එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.මක්නිසාද ඔව්හු ඇත්තෙන්ම තමුන්ට යහපත්ව පෙනුණු ලෙස ස්වල්ප දවසකට දඬුවම්කළෝය; නුමුත් උන්වහන්සේ තමන්ගේ ශුද්ධකමට අප පංගුකාරයන් වන පිණිස අපේ ප්‍රයෝජනය සඳහා දඬුවම්කරනසේක.කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.කොර කකුල් අහක්කරනු නොලැබ, සුවවෙන පිණිස, නුඹලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න.සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්ටත්, ශුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමීන්වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම අනුවයන්ටත් උත්සාහකරන්න.කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.මක්නිසාද පසුව ඔහු ආශීර්වාදය උරුමකරගන්ට කැමතිවුණ නුමුත් ඔහු එපාකරනු ලැබූ බව නුඹලා දනිහුය; මක්නිසාද ඔහු කඳුළෙන් යුක්තව ඕනෑකමින් එය සෙවූ නුමුත්, වෙනස්කිරීමට ඉඩක් ලැබුණේ නැත.තවද නුඹලා ළඟාවී සිටින්නේ ස්පර්ශකරන්ට පුළුවන්වූ ගින්නෙන් ඇවිළෙන්නාවූ කන්දකටත් කළුවරකමටත් අන්ධකාරයටත් කුණාටුවටත්,හොරණෑවක ශබ්දයටත් වචනවල හඬටත් නොවේය; ඒ හඬ ඇසූ අය තවත් තමුන්ට කථා නොකරන ලෙස ඉල්ලා සිටියෝය.උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 4:4

උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 8:36

එහෙයින් පුත්‍රයා නුඹලා නිදහස්කරන්නේ නම් සැබැවින් නුඹලා නිදහස්වන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 1:7

මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:13

මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:37

නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:13

යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂානොකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 6:9

තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 121:7-8

ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂාකරනසේක.දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 6:18-20

වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න. මනුෂ්‍යයා කරන්නාවූ සියලු පව් ශරීරයෙන් පිටතය; නුමුත් වේශ්‍යාකම්කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව්කරන්නේය.නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?නොහොත් ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චයකරන බව නොදනිවුද? ඉඳින් නුඹලා විසින් ලෝකයා විනිශ්චයකරනු ලබන්නේ නම්, ඉතා සුළු කාරණා විනිශ්චයකරන්ට නුඹලා නොවටින්නෝද?නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 5:4-5

මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව විශ්වාසකරන තැනැත්තා මිස ලෝකයෙන් ජයගන්නේ වෙන කවුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:21

නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 16:3

නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 4:7

නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 11:4

අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:3-5

එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද,ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:18

ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 14:16

ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:27

යක්ෂයාට ඉඩ නොදෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:13

ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:5

නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 40:29-31

උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක.කාන්තාරයෙහි ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාදා, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලාකරන්න.තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය.නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:2

උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 7:7-8

ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 4:3-5

දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය–නුඹලා වේශ්‍යාකමින් වැලකී,නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ භාජනය, දෙවියන්වහන්සේ නාඳුනන්නාවූ ජාතීන් මෙන් කාමරාගයෙහි නොව,ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගන්ට දැනගන සිටීමත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:7

නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 6:11

නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 7:15-25

මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය.ඉඳින් මම අකැමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි.එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය.මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය.මක්නිසාද මම කැමති යහපත නොකර අකැමැති නපුර කරමි.පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය.එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ.මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද?අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සේවයකරමි; නුමුත් මාංසයෙන් සේවයකරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:165

ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 2:11

ප්‍රේමවන්තයෙනි, නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන්, ආත්මයට විරුද්ධව යුද්ධකරන මාංසික තෘෂ්ණාවලින් වැලකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:24

තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති තැනැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 4:10

එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 18:2-3

ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක; මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි.මක්නිසාද උන්වහන්සේගේ සියලු විනිශ්චයෝ මා ඉදිරියෙහි වූහ, උන්වහන්සේගේ පනත්ද මා කෙරෙන් පහ නොකෙළෙමි.මම උන්වහන්සේ වෙත නිර්දෝෂව සිටියෙමි, මාගේ අයුතුකමෙන් වැලකී සිටියෙමි.එබැවින් ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙසත් උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි මාගේ අත්වල පිරිසිදුකම ලෙසත් මට ප්‍රතිඵල දුන්සේක.කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක; නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ බව දක්වනසේක;පිරිසිදු අය සමඟ ඔබ පිරිසිදු බව දක්වනසේක; හිතුවක්කාර අය සමඟ විරුද්ධ බව දක්වනසේක.මක්නිසාද ඔබ පීඩිතවූ සෙනඟ ගළවනසේක; නුමුත් උඩඟු ඇස් පහත්කරනසේක.එසේය, ඔබ මාගේ පහන දල්වනසේක. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝකකරනසේක.මක්නිසාද ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි; මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරකින් පනිමි.ප්‍රශංසා ලැබිය යුතුවූ ස්වාමීන්ට හඬගසන්නෙමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 10:23

අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:2

පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 13:20

ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:2-3

මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන,මක්නිසාද මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය.එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි.නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:32

නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 2:13

මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 1:10

මාගේ පුත්‍රය, පව්කාරයෝ නුඹ පොළඹත් නම්, එකඟ නොවන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 5:17

එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 25:20-21

මාගේ ආත්මය ආරක්ෂාකොට මා මිදුව මැනව. ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින් මම ලජ්ජා නොවෙම්වා.සත්‍යකමත් අවංකකමත් මා රකීවා, මක්නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 15:33

නොරැවටෙන්න. නපුරු සමාගමනේ හොඳ චරිත නරක්වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 13:12

රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 2:4

හේවාකම් කරන්නාවූ කිසිවෙක්, ඔහු හේවායෙකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස, මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 16:33

මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 1:9

අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 25:15

මාගේ ඇස් නිතරම ස්වාමීන් දෙසට යොමුව තිබේ; මක්නිසාද උන්වහන්සේ මාගේ පාද දැලෙන් මුදාගන්නාසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:5-6

නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:2

නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:9

තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:1-2

එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබිනලෙස,බැස්සාවූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණකරන පිණිස සියලු ස්වර්ගවලින් ඉහළට නැගුණාවූ තැනන්වහන්සේමය.)උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්,ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්,ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය.උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය.එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තෙසලෝනික 3:3

නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 6:1

සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 6:18-19

මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:15-16

නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 6:14

නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:3-4

උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක; නුඹේ සියලු රෝග සුවකරනසේක;නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 26:3-4

ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.ස්වාමීන්වහන්සේ කෙරෙහි සදාකාලයටම විශ්වාසකරන්න. මක්නිසාද යෙහොවඃ නම්වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 3:3

උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑමදෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක්මෙන් තමුන්ම පිරිසිදුකරගනිති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 3:13-14

සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්,ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 4:23

සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 14:13

එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 5:10

එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 1:13-14

පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 40:1-3

මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක.ඔබගේ ධර්මිෂ්ඨකම මාගේ සිත තුළෙහි සඟවා නොගතිමි; ඔබගේ විශ්වාසකම හා ගැළවීම ප්‍රකාශකෙළෙමි. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් මහත් සභාවෙන් නොසැඟවීමි.ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.මක්නිසාද ගණන් නැති උවදුරින් වටකරනු ලදිමි, හිස නගන්ට බැරි තරම් මාගේ අයුතුකම් මා පිට පැමුණුණේය; ඒවා මාගේ හිසකෙස්වලට වැඩිය, මාගේ සිතද මා හැර ගියේය. ස්වාමිනි, මා මුදන්ට සතුටුවුව මැනව. ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ එක්ව ලජ්ජාවෙත්වා, වියවුල්වෙත්වා. මාගේ අන්තරායට ප්‍රියවන්නෝ ආපසු හැරී අගෞරවයට පැමිණෙත්වා.මට: ඔහෝ, ඔහෝ කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා අසරණ වෙත්වා.ඔබ සොයන සියල්ලෝ ඔබ කෙරෙහි සන්තෝෂවෙත්වා, ප්‍රීතියට පැමිණෙත්වා. ඔබගේ ගැළවීමට ප්‍රියවන්නෝ: ස්වාමීන්වහන්සේ උතුම්වනසේක්වයි නිතර කියත්වා.නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි; එහෙත් ස්වාමීන්වහන්සේ මා සිහි කරනසේක. ඔබ මාගේ උපකාරයය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්ස, පමා නූව මැනව.උන්වහන්සේ භයානක වළකින්, හැල්පතෙන්, මා ඔසවා, පර්වතයක් පිට මාගේ පා තබා, මාගේ ගමන් ස්ථිරකළසේක.උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 2:8-9

මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 1:10

උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 10:14

එහෙයින් මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 3:13

මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 46:1

දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 9:27

නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:5

මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:8

සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 34:17-19

ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:6

මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 4:12-13

ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න.නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව්වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස උන්වහන්සේගේ දුක් විඳීමෙහි නුඹලා පංගුකාරයන් වන ප්‍රමාණයට ප්‍රීතිවෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 10:9

ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 19:14

මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:16-17

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:4

ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 6:18

පාපයෙන් නිදහස්කරන ලදුව, ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින්, දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තෙසලෝනික 2:16-17

තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද,නුඹලාගේ සිත් සනසා, සියලු යහපත් ක්‍රියාවලද වචනවලද නුඹලා ස්ථිරකරනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:24

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 16:13

අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 91:1-2

මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලාගන්නෝය.නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 1:5

ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 28:13

තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තිමෝති 3:16-17

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 1:8-9

අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක.ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 5:15-16

ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:67

මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:23-24

නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන,නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 4:12

මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 4:7

යේසුස්වහන්සේද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:13

මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 5:18

දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 56:3-4

මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:6

නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 11:3

ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 4:8

දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 34:14

නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 පේත්‍රැස් 2:9

භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 19:13

එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 3:18

අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව, ස්වාමීන්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්, ආත්මයාණන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස්කරනු ලබමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 5:1-2

එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න.ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න.අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ.එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 7:13-14

පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:19

මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 16:6

කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 2:1-2

මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව්කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමාකරනු ලැබූ බැවින්ය.පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ, නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය.පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය,නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 25:4-5

ස්වාමිනි, ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව.ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:13

ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්