Biblia Todo Logo
බයිබල් වචන

- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

මිත්රත්වය පිළිබඳ පද

මිත්රත්වය පිළිබඳ පද

යේසුස් වහන්සේත් යාළුවන්ගෙන් වට වෙලා හිටියා. ඒක අපිට ලොකු ආදර්ශයක්. ජීවිතේ හොඳ යාළුවෙක් කියන්නේ කොච්චර වටිනා කෙනෙක්ද කියලා හිතලා බලන්න. “දෙන්නෙක් එක්කෙනෙක්ට වඩා හොඳයි; මක්නිසාද ඔවුන්ගේ වැඩවලට හොඳ විපාකයක් ලැබේ. එක්කෙනෙක් වැටුණොත් අනෙකාට ඔහුව නැඟිටුවන්න පුළුවන්” කියලා බයිබලයේ කියනවා නේද? හොඳ, ඇත්ත යාළුවෙක් ඉන්න එක ලොකු ආශිර්වාදයක්, වාසනාවක්.

දුකක් අපහසුවක් වෙලාවක යාළුවෙක් කියන්නේ සහෝදරයෙක් වගේ. ඔයාට හොඳ උපදෙස් දෙන, ඔයාගේ දියුණුවට සතුටු වෙන, දුකේදී ළඟින් ඉන්න කෙනෙක් තමයි ඇත්ත යාළුවා. ඔයා හැමදාම හොඳින් ඉන්නවා දකින්න, ඉදිරියට යනවා දකින්න තමයි යාළුවෙක් කැමති. දෙවියන් වහන්සේ ළඟට ඔයාව ගෙනියන්නත් යාළුවෙක් උදව් කරනවා.

ජීවිතේ හැම අවස්ථාවකම අපිට යාළුවෝ ඉන්නවා. ඒ යාළුවෝ අපේ පවුල වගේ. ඒ නිසා නිර්මල ආදරයක් තියෙන යාළුවෙක් ඉන්න එක කොච්චර වටිනවද කියලා තේරුම් ගන්න. “තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දෙනවාට වඩා විශාල ප්‍රේමයක් කිසිවෙකුට නැත.” (යොහන් 15:13)




යොහන් 15:14

මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එළිදරව් 3:20

මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 33:11

මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථාකරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ කථාකළසේක. ඔහු නැවත කඳවුරට හැරී ආයේය. නුමුත් නූන්ගේ පුත්‍රවූ තරුණයෙක් වන ඔහුගේ සේවකයාවූ යෝෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:15

දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 41:8

නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 2:15

ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 2:23

මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 4:4

කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 22:11

සිතේ පිරිසිදුකමට ඇලුම්වෙන්නාවූ, ප්‍රසන්න තොල් ඇත්තාවූ අයට රජ්ජුරුවෝ මිත්‍රයෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 20:7

ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඉදිරිපිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නාදමා, ඔබගේ මිත්‍රවූ ආබ්‍රහම්ගේ වංශයට ඒක සදාකාලයටම නුදුන්සේක්ද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:12-13

මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෝබ් 22:21-25

ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් නුඹට ශුභසිද්ධ වන්නේය.උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන නුඹේ හිතේ තබාගන්න.නුඹ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම නුඹේ කූඩාරම්වලින් පහකළොත්, නුඹ පිහිටුවනු ලබන්නෙහිය.නුඹේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;එවිට සර්වපරාක්‍රමයාණෝ නුඹේ වස්තුවද නුඹට අනර්ඝ රිදීද වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 3:29

මනමාලී ඇත්තා මනමාලයාය. නුමුත් මනමාලයා ළඟ සිට ඔහුගේ වචන අසන ඔහුගේ මිත්‍රයා මනමාලයාගේ හඬට බොහෝසෙයින් ප්‍රීතිවෙයි. එබැවින් මාගේ මේ ප්‍රීතිය සම්පූර්ණවී තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:13

යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 55:14

අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවැත්වීමුව, සමූහයා සමඟ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සක්මන් කෙළෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 25:14

ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 12:50

මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 27:4

ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 63:1-3

දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය. සිවලුන්ට ගොදුරක් වන්නෝය.නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය. උන්වහන්සේ ගැන දිවුරන සියල්ලෝ ප්‍රීති ප්‍රකාශකරන්නෝය; මක්නිසාද බොරු කියන්නන්ගේ කට පියනු ලබන්නේය.මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි.මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 73:28

දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 7:21

ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:5

මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:63

මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 145:18

ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:32

මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 91:14-15

ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 17:17

මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:10

මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 18:24

බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 1:21-22

පසුගිය කාලයේදී අන්‍යයන්ව, නුඹලාගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්ව සිටියාවූ නුඹලා,ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
උත්පත්ති 18:17-19

ස්වාමීන්වහන්සේ: මා කරන්ට යනදේ ආබ්‍රහම්ගෙන් සඟවම්ද?ආබ්‍රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 9:23-24

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා.නුමුත් පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන ස්වාමීන්වහන්සේ මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ආමොස් 3:3

දෙදෙනෙක් එකඟවුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මීකා 6:8

එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 14:21

යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 11:6

නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 2:9

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:13-15

යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 7:7-8

ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 5:10-11

මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 1:9

ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 103:13

පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 5:18-19

සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 37:4

ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 2:13

නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 3:12

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතුව ළංවන්ට පුළුවන්කමත්, උන්වහන්සේ තුළ අපට තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 1:20-22

උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.පසුගිය කාලයේදී අන්‍යයන්ව, නුඹලාගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්ව සිටියාවූ නුඹලා,ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 10:22

නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 4:8

දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 1:3

(ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 4:7-8

ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය; ප්‍රේමකරන සෑමදෙනම දෙවියන්වහන්සේගෙන් ඉපද සිටිති, දෙවියන්වහන්සේව අඳුනති.ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම

ප්‍රේමණීය දෙවියනි, ඔබට සියලු මහිමය හා ගෞරවය! සියල්ලෙහිම උල්පත ඔබ වන බැවින්ද, අව්‍යාජ හා අවංක ප්‍රේමය හා මිත්‍රත්වය ලැබෙන්නේ ඔබගෙන් පමණක් බැවින්ද, ඔබට ස්තූතියි. මාගේ මිතුරන්ගේ ජීවිත සුරකින්න, ඕනෑම තත්වයක් යටතේ හෝ ඕනෑම උවමනාවකදී ප්‍රේමය හා මිත්‍රත්වය ඔවුන්ගේ හදවත් තුළ සැමවිටම පවතින සේ ඔවුන්ව බලවත් කරන්න. දාවිත් සහ ජොනතන්ගේ මෙන් අපගේ මිත්‍රත්වය දිනෙන් දින ශක්තිමත් කරන්න. “මිතුරෙකු වීමට කැමති තැනැත්තා මිතුරෙකු ලෙස පෙනී සිටිය යුතුය” යනුවෙන් ඔබ වදාළ සේක. බොහෝ දෙනෙක් මා හැර ගිය විට, දුක් කරදරවලදී මාගේ සැබෑ මිතුරන් ලෙස ඔවුන් පෙනී සිටියා. පියාණනි, ඔවුන්ගේ මිත්‍රත්වය රැකබලා ගැනීමටත්, අගය කිරීමටත් මට ප්‍රඥාව දෙන්න. ඕනෑම තත්වයකට සහ පරීක්ෂාවකට ධෛර්යයෙන් මුහුණ දීමට හැකි වන පරිදි, අපට සෑම දිනකම ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම යටතේ එක්ව ගමන් කළ හැකි වේවා. මක්නිසාද ඔබගෙන් පමණක් අපට ජයග්‍රහණය ලැබේ. අපගේ මිත්‍රත්වයට කිසිවක් හානියක් නොවන ලෙස, මාගේ සිත ආරක්ෂා කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන්!
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්