Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 25:14 - Sinhala Revised Old Version

14 ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 හිමිතුමාණන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 25:14
18 හුවමාරු යොමු  

දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.


යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක් ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.


එසේ කළේ කාලවල සම්පූර්ණකමේ නියමය ලෙස ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්රාශිකරන්ට,


නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.


උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.


ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි. ඔව්හු ඔබ සන්තකවූවෝය, ඔබ ඔවුන් මට දුන්සේක; ඔව්හු ඔබගේ වචනය රක්ෂා කළෝය.


උන්වහන්සේ නුඹලාට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය නුඹලාට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක.


ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.


මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.


මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.


නුඹේ ගෙයි උපන් තැනැත්තාද නුඹ විසින් මිලයට ගන්නා ලද තැනැත්තාද චර්මඡේද්‍යයකරනු ලබන්ටම ඕනෑය. මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස නුඹලාගේ මාංසයෙහි පවත්නේය.


නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්