Biblia Todo Logo
බයිබල් වචන
- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

අමුත්තන් සඳහා පද

අමුත්තන් සඳහා පද

ඔබ අපේ ගෙදරට හෝ පල්ලියට එනකොට, ඔබේ වචනවලින් අපිට ලොකු සහනයක් දැනෙනවා. ඔබ යන ගමන ආරක්ෂිතව යන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන්, ඔබටත් ආශිර්වාදයක් වෙන පදයක් දෙන්න මට හිතුනා. දෙවියන් වහන්සේගේ වචනයේ ඕන තරම් පොරොන්දු තියෙනවා අපිට බෙදාගන්න. 3 යොහන් 1:2 හි තියෙනවා වගේ, "ප්‍රේමවන්තයෙනි, ඔබේ ආත්මය සඵල වන ලෙස සියලු දේවලදීම ඔබ සඵල වී නිරෝගීව සිටීමට මම ප්‍රාර්ථනා කරමි". ඔබට දෙන්න පුළුවන් මේ වගේ තවත් බොහෝ පද දෙවියන් වහන්සේගේ වචනයේ තියෙනවා.


ගීතාවලිය 121:8

දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:19

මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
උත්පත්ති 18:1-3

ඔහු දවාලේ ග්‍රීෂ්ම වේලාවේ කූඩාරමේ දොරකඩ හිඳින කල ස්වාමීන්වහන්සේ මම්රේගේ ආලොන් ගස් ළඟදී ඔහුට පෙනුණුසේක; කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම නුඹ වෙතට නැවත එන්නෙමි; බලව, නුඹේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය. ආබ්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය; ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබුණේය. සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්‍රීතියක් ලබන්නෙම්දැයි කීවාය. එවිට ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: මහලුවූ මම සැබවින් දරුවෙකු වදන්නෙම්දැයි කියමින් සාරා සිනාසුණේ මක්නිසාද? ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට නුඹ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. සාරා භයවූ බැවින්: මා සිනාසුණේ නැතැයි කීවාය. උන්වහන්සේද: නැත; නුඹ සිනාසුණායයි කීසේක. ඒ මනුෂ්‍යයෝ එතැනින් නැගිට සොදොම බලා ගියෝය. ආබ්‍රහම් ඔවුන් ඇරලන පිණිස ඔවුන් සමඟ ගියේය. ස්වාමීන්වහන්සේ: මා කරන්ට යනදේ ආබ්‍රහම්ගෙන් සඟවම්ද? ආබ්‍රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක. ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛවන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිවගොස් බිමට නැමී: තවද ස්වාමීන්වහන්සේ: සොදොමේද ගොමොරාවේද මොරගැසීම මහත් බැවින්ද ඔවුන්ගේ පාපය ඉතා බරපතළ බැවින්ද, මම දැන් බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි, නැතහොත් දැනගන්නෙමියි කීසේක. ඒ මනුෂ්‍යයෝ එතැනින් හැරී සොදොම දෙසට ගියෝය. නුමුත් ආබ්‍රහම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිම නැවතී සිටියේය. ආබ්‍රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද? ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද? එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ: සොදොම් නුවර තුළ ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සම්බවුණොත් ඔවුන් නිසා මුළු ස්ථානය ඉතුරුකරන්නෙමියි කීසේක. ආබ්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි. ධර්මිෂ්ඨයන් පනස් දෙනාගෙන් පස් දෙනෙක් අඩුවීනම්, පස් දෙනෙක් අඩු නිසා ඔබ මුලු නුවර විනාශකරනසේක්දැයි කීය. උන්වහන්සේද: එහි හතලිස්පස් දෙනෙක් මට සම්බවුණොත් ඒක විනාශ නොකරන්නෙමියි කීසේක. ඔහු නැවතත් උන්වහන්සේට කථාකොට: සමහරවිට එහි හතලිස් දෙනෙක් සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේ: හතලිස් දෙනා නිසා ඒක නොකරසිටින්නෙමියි කීසේක. මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 20:12

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
3 යොහන් 1:2

ප්‍රේමවන්තය, නුඹේ ආත්මය සඵලවන්නාක්මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාච්ඤාකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 5:12

මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක; ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලෙවී කථාව 19:34

නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 10:19

එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 20:12-15

යොනාතාන් දාවිත්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සාක්ෂි වන සේක්වා; හෙටවත් අනිද්දාවත් මේ වේලාවට පමණ මා විසින් මාගේ පියාගේ අදහස සොයාබැලුවාම දාවිත්ට හොඳක් වෙන්ට තිබේනම් නුඹට දන්වන පිණිස මා නුඹට පණිවිඩ එවන්නේ නැද්ද? මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා. ඇරත් මා නොනස්නා ලෙස නුඹ ස්වාමීන්වහන්සේගේ කරුණාව මා ජීවත්ව සිටින තුරුම මට පෙන්වනවා පමණක් නොව, මාගේ වංශයෙන් ද නුඹේ කරුණාව කවදාවත් පහනොකරන්න. එසේය, ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා භූමිය මතුපිටින් සිඳදැමූ කල්හිත් එසේ නොකරන්නැයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 25:6

සම්පත් ඇති ඔහුට කථාකොට–නුඹට සමාදානය වේවා, නුඹේ පවුලටත් සමාදානය වේවා, නුඹට ඇති සියල්ලටත් සමාදානය වේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 සාමුවෙල් 9:7

දාවිත් කථාකොට: භයනොවෙන්න. සැබෑවටම නුඹේ පියවූ යොනාතාන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි; නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:13

ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:20-21

ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ, තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 සාමුවෙල් 19:38

රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, නුඹට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. නුඹ මාගෙන් ඉල්ලන සියල්ලත් නුඹට කර දෙන්නෙමියි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 රාජාවලිය 19:5-7

ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය. ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය. තවද ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 41:1-3

දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔහු මුදනසේක. නුමුත් මා විසින් ඔවුන්ට විපාක දෙන පිණිස, ස්වාමිනි, මට කරුණාකොට මා නැගිටෙවුව මැනව. මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි. මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්. ස්වාමීන්වහන්සේ ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව. ස්වාමීන්වහන්සේ ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස්කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගණන් කථාව 6:24-26

ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 68:6

දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 82:3-4

දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්. දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 18:24

බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 25:17

නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 58:7

බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 22:16

ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 34:16

මම නැතිවූ එකා සොයන්නෙමි, පන්නාදමනු ලැබූ එකා දෙවනු ගෙනෙන්නෙමි, පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි. නුමුත් මම තරවූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැතිකර, විනිශ්චයෙන් උන් පෝෂ්‍යකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 5:42

නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 10:42

යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 18:20

මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 25:35-40

මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක. එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද? කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද? කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත. නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමඟ තමුන්ගේ භාජනවල තෙල් ගෙනගියෝය. එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මාක් 12:31

දෙවෙනි එක නම්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැතැයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 6:31

මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 10:33-35

නුමුත් එක්තරා සමාරියයෙක් ගමන් යන අතර ඔහු සිටි තැනට ඇවිත්, ඔහු දැක අනුකම්පාකොට, ළඟට ගොස්, ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රිකපානයද වත්කොට තුවාල බැඳ, තමාගේම මෘගයා පිට හිඳුවාගෙන, තානායමකට ගෙන ගොස්. ඔහු බලාගත්තේය. පසුවදා ඔහු මසු දෙකක් රැගෙන තානායම්කාරයාට දී: මොහු බලාගන්න; මීට වැඩියෙන් නුඹ වියදම්කරන දෙයක් මම නැවත ආ කල නුඹට ගෙවන්නෙමියි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 14:12-14

උන්වහන්සේ තමන් කැඳවූ තැනැත්තාටත් කථාකොට: නුඹ දවල් කෑමක් හෝ රාත්‍රි කෑමක් හෝ පිළියෙළකරන කල, නුඹේ යහළුවන්වත් සහෝදරයන්වත් නෑයන්වත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහරවිට ඔව්හු නැවත නුඹ කැඳවන්නෝය, එවිට නුඹට ප්‍රතිඵලයක් ලැබෙන්නේය. නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න. නුඹට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් නුඹට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී නුඹට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 19:10

මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 13:14-15

ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 9:36-39

දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය. තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය. ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය. එවිට පේතෘස් නැගිට ඔවුන් සමඟ ගියේය. ඔහු ආ කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගන ගියෝය. සියලු වැන්දඹුවෝ ඔහු ළඟ සිට හඬ හඬා, දොර්කස් තමුන් සමඟ සිටියදී මහපු ඇඳුම් සහ වස්ත්‍ර පෙන්නුවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 10:1-2

ඉතාලික කණ්ඩායමයයි කියන හේවා කණ්ඩායමේ සියයකට මුලාදෑනියෙක්වූ කොර්නේලියස් නම් එක්තරා මනුෂ්‍යයෙක් කායිසාරියෙහි සිටියේය. ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය. එවිට අහස විවරව, සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය. පොළොවේ සියලු ආකාර සිවුපාවෝද බඩගාන ජාතීහුද ආකාශයේ පක්ෂීහුද එහි සිටියෝය. පේතෘස්, නැගිට, මරා කන්න යන හඬක් ඔහු වෙතට පැමුණුණේය. නුමුත් පේතෘස්: ස්වාමිනි, එසේ නොවේවා; මක්නිසාද අකැපවූ අපවිත්‍රවූ දෙයක් කිසි කලෙකත් නොකෑවෙමියි කීවේය. නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය. මෙය තුන්වරක් කරනලද්දේය. එකෙණෙහිම ඒ භාජනය අහසට ඔසවාගනු ලැබීය. තවද, තමා දුටු දර්ශනයේ අර්ථය කුමක් විය හැකිදැයි සිතා පේතෘස් වියවුල්ව සිටියදී, කොර්නේලියස් විසින් එවනලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේදැයි විභාගකර, දොරටුව ඉදිරියෙහි සිට: පේතෘස් නම්ලත් සීමොන් මෙහි නවාතැන්ගෙන සිටීදැයි හඬගසා ඇසූහ. පේතෘස් වනාහි දර්ශනය ගැන කල්පනාකරමින් සිටියදී, ආත්මයාණන් වහන්සේ කථාකොට: බලව, මනුෂ්‍යයෝ තුන්දෙනෙක් නුඹ සොයති. ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 16:15

ඈද ඇගේ ගෙයි වැසියන්ද බව්තීස්මකරනු ලැබුවායින් පසු, ඈ කථාකොට: මා ස්වාමීන්වහන්සේට විශ්වාසව සිටින කෙනෙකැයි නුඹලා ඒත්තුගෙන සිටිනු නම්, මාගේ ගෙට ඇවිත් එහි නැවතුණ මැනවියි අපෙන් ඉල්ලා, අප නවත්වාගත්තාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 12:13

ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 15:1-2

ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය. නැවතත්: අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙන්නැයි කියා තිබේ. නැවතත්: සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න; සියලු වර්ගයෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියා තිබේ. නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි. ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා. මාගේ සහෝදරයෙනි, නුඹලාම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි. එහෙත් මා විසින් නුඹලාට නැවත සිහිකරවන්ට මෙන් වඩා නිර්භීතකමින් තරමක් දුරට ලියන්නේ, අන්‍යජාතීන් නමැති පූජාව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ශුද්ධකරනලදුව පිළිගත යුතු වන පිණිස, දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය. එහෙයින් දෙවියන්වහන්සේට අදාළ කාරණා ගැන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ පාරට්ටු කරගැනීමක් තිබේ. මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද, ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි. අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 12:25-26

දෙවියන්වහන්සේ අඩුකම් ඇති කොටසට වඩා නම්බු දී, ශරීරය සංයෝජනය කළසේක. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමඟ සියලු අවයවයෝ ප්‍රීතිවෙති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 9:12-13

මක්නිසාද මේ උපස්ථානකිරීමේ සේවයෙන් ශුද්ධවන්තයන්ගේ හිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන්වහන්සේට බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය. මේ උපස්ථානයෙන් නුඹලා සෝදිසිකිරීම කරණකොටගෙන ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නුඹලා විසින් පිළිගැනීමේ කීකරුකමද, ඔවුන් සහ සියල්ලන් කෙරෙහි නුඹලාගේ සම්මාදමේ ත්‍යාගවන්තකමද නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසාකරනවාත් හැර,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 6:2

එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 6:10

එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එපීස 4:32

නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 2:3-4

පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 3:12-14

එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න. මේ සියල්ල උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 5:14

ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 5:10

යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
තීතස් 3:14

තවද අපේ අයවලුත් ඵල නැතුව නොසිටින පිණිස වුවමනාකරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙනගනිත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 10:24-25

තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:1-2

සහෝදර ස්නේහය පවතීවා. අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත. මක්නිසාද උත්තම පූජකයා විසින් පාපය නිසා යම් යම් සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙනයනු ලැබේද, ඒ සතුන්ගේ ශරීර කඳවුරෙන් පිටතදී පුළුස්සාදමති. එහෙයින් යේසුස්වහන්සෙත් තමන්ගේම ලෙයින් සෙනඟ පිරිසිදුකරන පිණිස දොරටුවෙන් පිටතදී වධවින්දසේක. ඉතින් අපි උන්වහන්සේගේ නින්දාව දරාගනිමින් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙතට යමු. මක්නිසාද පවතින නුවරක් මෙහි අපට නැත, අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය. එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු. නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක. නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රුකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න. අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව. වඩා ඉක්මනින් මා නුඹලාට නැවත දෙනු ලබන පිණිස, එසේ කරන්ට මම වඩා ඕනෑකමින් නුඹලාට අනුශාසනාකරමි. ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කාරකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 1:27

අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 3:17-18

නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද? මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 119:63

මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 138:8

ස්වාමීන්වහන්සේ මා සම්බන්ධ කාරණය සම්පූර්ණකරනසේක. ස්වාමිනි, ඔබගේ කරුණාව සදාකල් පවත්නේය; ඔබගේම හස්තකර්ම අත් නොහළ මැනව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 3:27-28

කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න. නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 11:25

ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 17:17

මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 3:1

සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දේශනාකාරයා 4:10

ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 61:1

ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 9:36

උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 11:28-30

වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාළේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 12:20

ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 18:15-17

තවද නුඹේ සහෝදරයා ඔබට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය. නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න. ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 4:18

ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 7:13

ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 15:12-13

මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය. යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:44-45

අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය; ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 4:32-35

අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්තවූහ. කිසිවෙක් තමාට අයිති දේවලින් කිසිවක් තමාගේමයයි නොකීවේය; සියල්ල ඔවුන්ට පොදුවේ තිබුණේය. ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත–නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය. හිඟ ඇති–කිසිවෙක් ඔවුන් අතරෙහි නොවීය. මක්නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණා, විකුණනලද දේවල මිල ගෙනත්, ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවෝය. එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙන ලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 16:1-2

කෙංක්‍රයේ තිබෙන සභාවෙහි මෙහෙකාරියෙක්වූ පේබී නම් අපගේ සහෝදරී ශුද්ධවන්තයන්ට ඔබිනාලෙස නුඹලා විසින් ස්වාමීන්වහන්සේ තුළ පිළිගනු ලබන ලෙසත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ පිළිගනු ලැබූ අපොල්ලස්ට ආචාරකරන්න. අරිස්තොබුලස්ගේ ගෙට අයිතිවූවන්ට ආචාරකරන්න. මාගේ නෑයාවූ හෙරෝදියෝන්ට ආචාරකරන්න. නාර්කිසස්ගේ ගෙට අයිතිවූවන්ගෙන් ස්වාමීන්වහන්සේ තුළ සිටින්නන්ට ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාටද තෘපෝසාටද ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ බොහෝ වෙහෙස දැරුවාවූ ප්‍රියවූ පර්සිස්ට ආචාරකරන්න. ස්වාමීන්වහන්සේ තුළ තෝරාගනු ලැබූවාවූ රූපස්ටද ඔහුගෙත් මාගෙත් මෑණියන්ටද ආචාරකරන්න. අසින්ක්‍රිතස්ටද ප්ලෙගෝන්ටද හෙර්මෙස්ටද පත්‍රොබස්ටද හෙර්මස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සහෝදරයන්ටද ආචාරකරන්න. පිලොලොගස්ටද ජූලියාටද නේරියස්ටද ඔහුගේ සහෝදරීටද ඔලිම්පස්ටද ඔවුන් සමඟ සිටින්නාවූ සියලු ශුද්ධවන්තයන්ටද ආචාරකරන්න. ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ නුඹලාට ආචාරකරති. සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති. මක්නිසාද නුඹලාගේ කීකරුකම සියල්ලන්ටම ප්‍රකාශවී තිබේ. එබැවින් නුඹලා ගැන ප්‍රීතිවෙමි. එසේවී නුමුත් නුඹලා යහපත ගැන ප්‍රඥාවන්තව, නපුර ගැන නිවටව සිටිනවාට කැමැත්තෙමි. ඈට නුඹලාගෙන් ඕනෑකරන කවර කාරණයකදී නුමුත් උපකාරකරන ලෙසත්, නුඹලාට ඈ භාරකරමි. මක්නිසාද ඈ බොහෝ දෙනෙකුගේද මාගේද උපකාරකාරියෙක්ව සිටියාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 8:4

ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීමට පංගුකාරයන්වීමේ ප්‍රසාදය බොහෝ කන්නලව් ඇතුව ඔව්හු අපගෙන් ඉල්ලුවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 කොරින්ති 9:7

කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:3-5

නුඹලා මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්, මා කෙරෙහි තිබෙන බව නුඹලා දුටුවාවූ, දැන් මට ඇතැයි නුඹලා අසන්නාවූ එම සටනම නුඹලාටත් ඇත්තේය. පළමුවෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන, නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 4:15-16

පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය. මක්නිසාද තෙසලෝනිකයට පවා නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 1:2-3

අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ ඇදහිල්ලේ ක්‍රියාවද ප්‍රේමයේ වීර්යයද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමද අපි නොකඩව සිහිකරමින්, අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 තෙසලෝනික 1:3

සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 3:13

නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 6:10

මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 5:14

ප්‍රේමයේ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින නුඹලා සියල්ලන්ට සමාදානය වේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 107:2

ස්වාමීන් විසින් මුදනලද්දෝ එසේ කියත්වා. මක්නිසාද උන්වහන්සේ එදිරිකාරයාගේ අතින් ඔවුන් මුදා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 133:1

බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 14:21

තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 14:31

දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 19:17

දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 58:10

බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී නුඹේ එළිය නැගී එන්නේය, නුඹේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 61:3

සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 25:40

එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 10:36-37

ඉඳින් සොරුන් අතට අසුවූ තැනැත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක් කියා නුඹ සිතන්නෙහිදැයි ඇසූසේක. ඔහුට කරුණාකළ තැනැත්තේයයි ඔහු කීවේය. නුඹත් ගොස් එලෙසම කරන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යොහන් 13:34-35

මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි කීසේක.‍

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 9:36

දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:13

මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
කොලොස්සි 4:5

නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තිමෝති 6:18

යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
තීතස් 2:14

උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හෙබ්‍රෙව් 13:16

නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යාකොබ් 2:15-16

සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 පේත්‍රැස් 4:10

දෙවියන්වහන්සේගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ හැටියට එයින් එකිනෙකාට සේවයකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 146:9

ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හිතෝපදේශ 27:10

නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 25:35

මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලූක් 14:13

නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 1:7

නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම

මාගේ දෙවියනි, ඔබ වහන්සේගේ නාමය පරිශුද්ධ හා භයංකාරයි, ඔබ වහන්සේගේ ශුද්ධකමට සමාන කිසිවක් නැත. පියාණෙනි, ඔබ වහන්සේ අපූරු හා කරුණාවන්ත දෙවි කෙනෙක්. මාගේ නිවසට පැමිණෙන අය වෙනුවෙන්, මට ආශිර්වාද කිරීමට හෝ මගේ පවුලෙන් ආශිර්වාද ලබා ගැනීමට ඔබ වහන්සේ එවන සිත් වෙනුවෙන් මම ඔබ වහන්සේට ස්තූති කරමි. ඔබ වහන්සේගේ සභාවට පැමිණීමට සිය සිත් යොමු කරන සෑම නව මිතුරෙකු වෙනුවෙන්ම ඔබ වහන්සේගේ කරුණාවට මම ස්තූති කරමි. ඔවුන්ගේ සිත් ශක්තිමත් කර, ඔබ වහන්සේගේ පැමිණීම ගැන දිනපතා ඔවුන් තුළ ආදරය වැඩි කර, නව උපතක් සහ ඔබ වහන්සේ සමඟ පෞද්ගලික හමුවීමක් අත්විඳීමට සියලු බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට ඔවුන්ට හැකි වේවායි මම ඉල්ලා සිටිමි. දෙවියනි, ඔබ වහන්සේගේ ශුද්ධාත්මයාණන් විසින් ඔවුන්ව ස්පර්ශ කර, ඔවුන්ගේ ඇදහිල්ල වැඩි කර, පසුතැවිල්ලේ ඵල දරමින් ඔබ වහන්සේගේ මාර්ගයේ ස්ථිරව සිටීමට ඔවුන්ට හැකි වේවා. ඔවුන්ගේ පියවර මෙහෙයවා, මින් ඉදිරියට ඔවුන් යන ඕනෑම තැනක ඔබ වහන්සේගේ මහිමය සහ බලය දැකීමට ඔවුන්ට හැකි වේවා. “එබැවින් මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇති තේජාන්විත ධනයට අනුව ඔබට අවශ්‍ය සියල්ල සපයනු ඇත” යනුවෙන් ඔබ වහන්සේගේ වචනය පවසයි. ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත ආශීර්වාද කර, ඔවුන්ට අවශ්‍ය සියල්ල සපයන්න. මෙය හුදෙක් සංචාරයක් පමණක් නොව, ඔබ වහන්සේ ඔවුන් එක් එක් අය තුළ කිරීමට පටන් ගන්නා දෙයෙහි ආරම්භය බව මම ප්‍රකාශ කරමි. සියලු නපුරෙන්, සතුරාගේ සියලු උපායන්ගෙන් සහ උගුල්වලින් ඔවුන්ව ගලවා ගන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්