Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 7:13 - Sinhala Revised Old Version

13 ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 7:13
36 හුවමාරු යොමු  

ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.


පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.


මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.


එහෙත් ස්වාමිනි, ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ, කෝපවීමට ප්‍රමාදවන්නාවූ, දයාවෙන් හා සත්‍යයෙන් මහත්වූ දෙවිකෙනෙක්ය,


සියල්ලෝම ඈ ගැන අඬමින්ද වැලපෙමින්ද සිටියෝය. එහෙත් උන්වහන්සේ කථාකොට: අඬන්ට එපා; ඈ මැරිලා නොවේ, නිදන්නීයයි කීසේක.


එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.


එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.


යේසුස්වහන්සේ: ස්ත්‍රිය, නුඹ මක්නිසා හඬනවාද? කවරෙකු සොයනවාදැයි ඇගෙන් ඇසූසේක. ඈ උන්වහන්සේ උයන්ගොව්වායයි සිතා: ස්වාමීනි, නුඹ උන්වහන්සේව ගෙනගියානම්, උන්වහන්සේ කොතැන තැබුවාද කියා මට කිව මැනව, මම උන්වහන්සේ ඉවත්කොට ගෙනයමියි කීවාය.


සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති, ඔවුන්ට කන්ට කිසිවක් නැත.


එවිට ඔව්හු තමුන් අතරෙන් අන් දෙවිවරුන් පහකරදමා ස්වාමීන්වහන්සේට සේවයකළෝය. උන්වහන්සේගේ ආත්මය ඉශ්‍රායෙල්ගේ කාලකණ්ණිකම ගැන ශෝකවූයේය.


ඒ මරියා නම් ස්වාමීන්වහන්සේට සුවඳ තෙල් ආලේප කොට ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැමූ තැනැත්තීය, රෝගීව සිටි ලාසරුස් ඇගේ සහෝදරයාය.


ස්වාමීන්වහන්සේ සැබවින්ම නැගුටුණුසේක, සීමොන්ට පෙනුණුසේකැයි කියමින් සිටිනවා දුටුවෝය.


එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය.


අඬන්නෝ නාඬන්නන් මෙන්ද, ප්‍රීතිවන්නෝ ප්‍රීති නොවන්නන් මෙන්ද, මිලේට ගන්නෝ අයිති නැත්තන් මෙන්ද;


එකල ඔව්හු: ස්ත්‍රිය, මක්නිසා හඬනවාදැයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කථාකොට: මාගේ ස්වාමීන්වහන්සේව අහක්කොට ගෙනගොස් කොතැන තබනලද්දේදැයි මා නොදන්නා නිසායයි කීවාය.


නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: වංචාකාරයෙනි, නුඹලාගෙන් එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර පොවන්ට ගෙන නොයන්නේද?


ඉන්පසු ස්වාමීන්වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු නියමකොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යැවූසේක.


එවිට යොහන් තමාගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙන කෙනෙකු බලා සිටිය යුතුද කියා අසන්ට ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් යැවීය.


තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.


ස්වාමීන්වහන්සේ හැරී පේතෘස් දෙස බැලූසේක. පේතෘස්ද: අද කුකුළා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුනමියි තුන් වරක් නුඹ මා ගැන කියන්නෙහියයි ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය සිහිකොට,


උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.


උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අතගැසූසේක. එවිට උසුලාගෙනයන්නෝ නැවතුණෝය. උන්වහන්සේ: යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි කීසේක.


තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමීනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනවයි කීවේය.


ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: ඵරිසිවරුවූ නුඹලා කුසලානේද තලියේද පිට පැත්ත පවිත්‍රකරන්නෝය; නුමුත් නුඹලාගේ ඇතුල් පැත්ත කොල්ලකෑමෙන්ද දුෂ්ටකමෙන්ද පිරී තිබේ.


එකල ස්වාමීන්වහන්සේ කියනසේක්: ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම කොටස දෙන්ට ඔවුන් කෙරේ පත්කරන විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා කවුද?


ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.


එවිට ස්වාමීන්වහන්සේ කියනසේක්: මේ අධිර්මිෂ්ඨ විනිශ්චයකාරයා කියන දේ අසන්න.


සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.


ඔව්හු ඇතුල්වූ කල ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය.


එබැවින් (යේසුස්වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බව්තීස්ම නොකළ නුමුත්)


(එසේ වුවත් ස්වාමීන්වහන්සේ ස්තුතිකළායින් පසු ඔවුන් රොටි කෑවාවූ ස්ථානය සමීපයට තිබේරියස්හි සිට ඔරු වගයක් ආවෝය.)


එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්