Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 10:19 - Sinhala Revised Old Version

19 එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 බැවින්, ඔබ ද මිසර දේශයෙහි ආගන්තුකයන් ව සිටි බැවින්, මොවුන්ට ප්‍රේමය දක්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 බැවින්, ඔබ ද මිසර දේශයෙහි ආගන්තුකයන් ව සිටි බැවින්, මොවුන්ට ප්‍රේමය දක්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 10:19
12 හුවමාරු යොමු  

විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.


එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.


මේ විදේශිකයා හැර දෙවියන්වහන්සේට ගෞරවකරන්ට වෙන කිසිවෙක් හැරී නායේද කියා,


නුමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.


ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.


නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.


විදේශියා වාසයකරන ගෝත්‍රය අතරේම ඔහුගේ උරුමය ඔහුට දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්