Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 121:8 - Sinhala Revised Old Version

8 දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 121:8
12 හුවමාරු යොමු  

නුඹ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.


එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.


නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.


මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාවේවා;


ඉක්බිති අපි පළමුවෙනි මාසයේ දොළොස්වෙනිදා යෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත්වුණෙමු. අපේ දෙවියන්වහන්සේගේ හස්තය අප කෙරෙහි විය, උන්වහන්සේ සතුරන්ගේ අතිනුත් මග රැක සිටි අයගෙනුත් අප ගැළෙවූසේක.


නුමුත් අපි මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් වර්ණනාකරන්නෙමුව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.


පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.


නුඹ ඇතුළට එන විටද පිටතට යන විටද ශාප ලබන්නෙහිය.


යෙරුසලම හාත්පස කඳු තිබෙන්නාක්මෙන්, දැන් පටන් සදාකල්ම, ස්වාමීන්වහන්සේ ස්වකීය සෙනඟ හාත්පසින් සිටිනසේක.


එම්බා ඉශ්‍රායෙල්, මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් කෙරෙහි බලාපොරොත්තු වෙව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්