Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:34 - Sinhala Revised Old Version

34 නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ, නුඹලා අතර උපන් කෙනෙකු මෙන් ය. නුඹලා නුඹලාට ප්‍රේම කරන ලෙස ම ඔහුට ද ප්‍රේම කළ යුතු ය. මිසර දේශයේ දී නුඹලා විදේශිකයන් මෙන් සිටි බව සිහි කරන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ, නුඹලා අතර උපන් කෙනෙකු මෙන් ය. නුඹලා නුඹලාට ප්‍රේම කරන ලෙස ම ඔහුට ද ප්‍රේම කළ යුතු ය. මිසර දේශයේ දී නුඹලා විදේශිකයන් මෙන් සිටි බව සිහි කරන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:34
12 හුවමාරු යොමු  

එබැවින් විදේශියාට ප්‍රේම කරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.


පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේය.


නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ.


විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.


ඉදින් නුඹ අප සමඟ යන්නෙහි නම් ස්වාමීන්වහන්සේ අපට කරන යහපතම අපි සැබවින් නුඹට කරන්නෙමුයයි කීවේය.


ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.


ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.


නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.


එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.


නුඹලාටත් නුඹලා අතරේ වාසයකරන්නාවූ, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පසඇට දමා බෙදාගන්න; ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශීන් මෙන් නුඹලා සමඟ සිටිත්වා; නුඹලා සමඟ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි පසඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්