Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:38 - Sinhala Revised Old Version

38 රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, නුඹට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. නුඹ මාගෙන් ඉල්ලන සියල්ලත් නුඹට කර දෙන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 රජ පිළිතුරු දෙමින්, “කිම්හාම් මා සමඟ එගොඩ වනු ඇත. ඔබ යහපත් යයි සිතන කවර දෙයක් වුව ද මම ඔහු උදෙසා කරමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් මම ඔබට ඉටු කර දෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 රජ පිළිතුරු දෙමින්, “කිම්හාම් මා සමඟ එගොඩ වනු ඇත. ඔබ යහපත් යයි සිතන කවර දෙයක් වුව ද මම ඔහු උදෙසා කරමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් මම ඔබට ඉටු කර දෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:38
4 හුවමාරු යොමු  

මාගේම නුවර මාගේ පියාණන්ගෙත් මාගේ මෑණියන්ගෙත් සොහොන්පළ ළඟ මා මැරෙන පිණිස ඔබගේ මෙහෙකරුවාට හැරී යන්ට අවසර ලැබේවා. නුමුත් ඔබගේ මෙහෙකරුවූ කිම්හාම්, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ එගොඩ ගියාවේ; ඔබට හොඳව පෙනෙන හැටියක් ඔහුට කළ මැනවැයි කීවේය.


මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.


කල්දිවරුන් නිසා මිසරයට ඇතුල්වෙන්ට යන පිණිස බෙත්-ලෙහෙම අසල තිබෙන කිම්හාම්ගේ නවාතැනෙහි නැවතී සිටියෝය.


නුමුත් ගිලියදිය බර්සිල්ලයිගේ පුත්‍රයන්ට කරුණාව පෙන්වන්න, ඔව්හු නුඹේ මේසයෙන් කන තැනැත්තන් අතරේ සිටිත්වා. මක්නිසාද නුඹේ සහෝදරවූ අබ්සලොම් ඉදිරියෙන් මා පලාගිය විට ඔව්හු එලෙස මා ළඟට ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්