බයිබල් වචන

දැන්වීම්


ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

උප ප්‍රවර්ගය

පීඩනයඅප ජීවත් වන්නේ ඇයි?ශ්‍රද්ධාවේ ප්‍රාතිහාර්යයඥානවන්ත කථන ශක්තියදිව්‍යමය දැනුමේ දායාදයසුව කිරීමේ හැකියාවන්අනාගතය දකින හැකියාවආත්ම විචාර ඥානයභාෂා දක්ෂතාවයේ අනුග්‍රහයභාෂා ප්‍රඥාවේ අසිරියජීවිතයේ අරුත සොයා යන ඔබටදස පනතෙහි වැදගත්කමශරීර සෞඛ්‍යය රැකගනිමුසැබෑ පසුතැවිල්ලඉවසීමේ බලයමානසික වේදනාවෙන් මිදෙන්නපුද්ගල පරිවර්තනයඅඳුරආධ්‍යාත්මික නොමේරූකමසත්‍යය හා මිථ්‍යාව වෙන්කර හඳුනා ගනිමුදෙවියන් වහන්සේ සමඟ සමාදාන වන්නකුරුසියේ තේරුමපාපය ගැනනිරය පිළිබඳවපරීක්ෂාවන් ගැනයක්ෂාවේශ වූවන්පසුතැවිල්ලආත්මය ගැනනිදහස් කැමැත්තබයිබලයේ පණිවිඩයෙන් ආභාෂයඅමරණීය ආත්මය ගැනදිව්‍යමය දායාදදිව කතා කිරීමපාතාලයආධ්‍යාත්මික පරිණතභාවයපෞද්ගලික වර්ධනයක්ලාන්තයසිහිනසැකයඅත් තැබීමක්‍රිස්තුස් වහන්සේ සමඟ එකමුතුවයක්ෂයෝආත්මික උදාසීනත්වයදිරි දීමවෙනස් වෙන්න

උප ප්‍රවර්ගය

93 දෙවියන් වහන්සේගේ වචනය: සත්‍යය හා අසත්‍යය හඳුනා ගනිමු


යාකොබ් 1:5

නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.

යොහන් 16:13

එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.

රෝම 12:2

නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

1 තෙසලෝනික 5:21

සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;

හිතෝපදේශ 14:5

විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.

එපීස 6:14

එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,

හෙබ්‍රෙව් 4:12

මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.

හිතෝපදේශ 3:5-6

නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න.

නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

2 තිමෝති 3:16-17

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.

ගීතාවලිය 119:105

ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.

1 පේත්‍රැස් 5:8

සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

හිතෝපදේශ 3:7

නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

1 යොහන් 2:21

මා නුඹලාට ලියා එවුවේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව, නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය.

පිලිප්පි 4:8

ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.

1 තිමෝති 4:1

එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.

රෝම 1:25

එසේ කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මෙහෙකළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමෙන්.

හිතෝපදේශ 19:9

බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.

යොහන් 15:26

නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.

කොලොස්සි 3:9

එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,

මතෙව් 7:15

බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.

2 තිමෝති 2:15

සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

හිතෝපදේශ 12:22

බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.

යොහන් 14:6

යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,

ගීතාවලිය 119:160

ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය; ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය.

1 කොරින්ති 13:6

අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය,

ගීතාවලිය 25:5

ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.

2 කොරින්ති 11:14

මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි.

යොහන් 17:17

සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව.

හිතෝපදේශ 4:23

සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

ගීතාවලිය 86:11

ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.

1 යොහන් 5:20

තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.

හිතෝපදේශ 14:12

මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.

2 පේත්‍රැස් 2:1

නුමුත් සෙනඟ අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය, එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් ආචාරීන්වහන්සේව එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.

ගලාති 6:7

නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.

යෙරෙමියා 17:9

සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?

1 කොරින්ති 3:18

කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.

හිතෝපදේශ 12:19

සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.

එපීස 5:6

හිස් වචනවලින් නුඹලා රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.

කොලොස්සි 2:8

ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.

ගීතාවලිය 119:42

එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය; මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසකරමි.

හිතෝපදේශ 24:28

කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.

රෝම 8:16

අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක.

1 තෙසලෝනික 4:7

දෙවියන්වහන්සේ අප කැඳෙවුවේ අපවිත්‍රකමට නොව ශුද්ධකමටය.

යෙසායා 45:19

මා කථාකළේ රහසින් නොවේය, පොළොවේ අඳුරු තැනකදී නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. ස්වාමීන්වහන්සේ වන මම ධර්මිෂ්ඨ දේ කියමි, යුතු දේ ප්‍රකාශකරමි.

යොහන් 6:63

ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

හිතෝපදේශ 20:7

තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.

රෝම 2:8

නුමුත් සැබෑකමට අකීකරුවූ, අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්,

1 කොරින්ති 4:2

ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.

හිතෝපදේශ 11:18

දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය; එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය.

යොහන් 8:45

මා නුඹලාට සැබෑව කියන හෙයින් නුඹලා මා අදහාගන්නේ නැත.

යෙසායා 59:14

යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.

ගීතාවලිය 26:3

මක්නිසාද ඔබගේ කරුණාගුණය මාගේ ඇස් හමුවෙහිය; ඔබගේ සැබෑකමෙහි හැසුරුණෙමි.

ගීතාවලිය 119:66

යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි.

2 තෙසලෝනික 2:10

විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.

සෙකරියා 8:16

නුඹලා විසින් කටයුතු දේ මේවාය–එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න.

හිතෝපදේශ 19:5

බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.

2 කොරින්ති 13:8

මක්නිසාද සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්නට අපට බැරිය.

හිතෝපදේශ 11:3

ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.

එපීස 5:11

අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;

යෙසායා 5:20

නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!

මතෙව් 24:24

මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.

හිතෝපදේශ 8:7

එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත; දුෂ්ටකමද මාගේ තොල්වලට පිළිකුලක්ය.

ගීතාවලිය 119:11

ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.

එපීස 4:25

එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.

ගීතාවලිය 119:30

විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි.

හිතෝපදේශ 10:9

ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.

යොහන් 7:24

පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.

රෝම 16:18

මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.

හෙබ්‍රෙව් 13:9

අනේකාකාරවූ අමුතු ඉගැන්වීම් කරණකොටගෙන අහකට ගෙනයනු නොලබන්න. මක්නිසාද කෑම ගැන ව්‍යාවෘතවූවන්ට ප්‍රයෝජනයක් වුණේ නැති නිසා කෑමවලින් නොව, අනුග්‍රහයෙන් සිත ස්ථිරවීම යහපත්ය.

හිතෝපදේශ 16:6

කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.

1 තිමෝති 6:20

තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරන්න;

1 පේත්‍රැස් 2:9

නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.

හෙබ්‍රෙව් 10:23

අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

1 යොහන් 2:27

නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න.

යෙසායා 30:10

ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:

හිතෝපදේශ 15:14

නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම අනුභවකරයි.

ගීතාවලිය 15:2

අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය.

හිතෝපදේශ 12:17

සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.

මතෙව් 7:13

පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.

හිතෝපදේශ 28:13

තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

යොහන් 3:21

නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.‍

1 තෙසලෝනික 2:3

මක්නිසාද අපේ අනුශාසනාව මුළාවෙන්වත් අපවිත්‍රකමින්වත් වංචාවෙන් යුක්තවවත් නොවේය.

හිතෝපදේශ 23:23

සත්‍යයද ප්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.

හිතෝපදේශ 10:32

ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කථාකරයි.

යෙසායා 26:2

විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල්වෙන පිණිස දොරවල් අරින්න.

ගීතාවලිය 40:11

ස්වාමිනි, ඔබගේ දයාව මාගෙන් නොවැලැක්වුව මැනව. ඔබගේ කරුණාගුණයත් සැබෑකමත් නිතර මා ආරක්ෂාකෙරේවා.

ක්‍රියා 17:11

ඔව්හු තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය.

2 යොහන් 1:4

පියාණන්වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම නුඹේ දරුවන්ගෙන් සමහරුන් සත්‍යතාවෙහි හැසිරෙනවා මට සම්බවුණ බැවින් ඉතා ප්‍රීතිවෙමි.

හිතෝපදේශ 6:16-17

ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:

උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය,

යොහන් 8:44

නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

ගීතාවලිය 141:3

ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව.

තීතස් 2:7

සියල්ලෙහිදී නුඹම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,

යොහන් 8:32

නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

උප ප්‍රවර්ගය

පීඩනයඅප ජීවත් වන්නේ ඇයි?ශ්‍රද්ධාවේ ප්‍රාතිහාර්යයඥානවන්ත කථන ශක්තියදිව්‍යමය දැනුමේ දායාදයසුව කිරීමේ හැකියාවන්අනාගතය දකින හැකියාවආත්ම විචාර ඥානයභාෂා දක්ෂතාවයේ අනුග්‍රහයභාෂා ප්‍රඥාවේ අසිරියජීවිතයේ අරුත සොයා යන ඔබටදස පනතෙහි වැදගත්කමශරීර සෞඛ්‍යය රැකගනිමුසැබෑ පසුතැවිල්ලඉවසීමේ බලයමානසික වේදනාවෙන් මිදෙන්නපුද්ගල පරිවර්තනයඅඳුරආධ්‍යාත්මික නොමේරූකමසත්‍යය හා මිථ්‍යාව වෙන්කර හඳුනා ගනිමුදෙවියන් වහන්සේ සමඟ සමාදාන වන්නකුරුසියේ තේරුමපාපය ගැනනිරය පිළිබඳවපරීක්ෂාවන් ගැනයක්ෂාවේශ වූවන්පසුතැවිල්ලආත්මය ගැනනිදහස් කැමැත්තබයිබලයේ පණිවිඩයෙන් ආභාෂයඅමරණීය ආත්මය ගැනදිව්‍යමය දායාදදිව කතා කිරීමපාතාලයආධ්‍යාත්මික පරිණතභාවයපෞද්ගලික වර්ධනයක්ලාන්තයසිහිනසැකයඅත් තැබීමක්‍රිස්තුස් වහන්සේ සමඟ එකමුතුවයක්ෂයෝආත්මික උදාසීනත්වයදිරි දීමවෙනස් වෙන්න