ක්රිස්තුස් වහන්සේ සමඟ මමත් කුරුසියේ ඇණ ගසනුලැබ සිටිමි. දැන් ජීවත් වන්නේ මම නොව ක්‍රිස්තුස් වහන්සේ මින් ජීවත් වෙයි. මේ ලෝකයේ මා ජීවත් වන ජීවිතය, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයෙන් යුක්තව ජීවත් වෙමි. එපීසි 2:20 උන්වහන්සේ මට ප්‍රේම කළ අතර මා වෙනුවෙන් තමන්වම පූජා කළ සේක.
ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවයක් යනු උන්වහන්සේගේ කැමැත්ත කිරීම මත පදනම් වූවකි. පාපයෙන් සතුටක් ලබන සියල්ල මරා දැමීමට අධිෂ්ඨාන කරගෙන, සියල්ලටම වඩා උන්වහන්සේ සතුටු කිරීමට තීරණය කරන විටයි ඒ. එවිටයි ඔබට උන්වහන්සේ සමඟ සැබෑ සම්බන්ධතාවයක් ඇති බව ඔබට වැටහෙන්නේ. උන්වහන්සේව හොඳින් දන්නා නිසා උන්වහන්සේට රිදවන හෝ දුක්ඛිත කරන කිසිවක් කිරීමට ඔබට අවශ්‍ය නොවනු ඇත. ඔබේ ඇතුළාන්තයේ වෙනස්කම් සිදුවීමට පටන් ගන්නා අතර උන්වහන්සේගේ පැමිණීමකින් තොරව ඔබට ජීවත් විය නොහැකි බව ඔබට වැටහෙනු ඇත. එවිට ඔබේ ලොකුම ආශාව වන්නේ ආත්මයෙන් සහ හදවතින් පමණක් නොව, ශුද්ධාත්මයාණන් තුළ සම්පූර්ණයෙන්ම ජීවත් වීමයි.
ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවයක් යනු උන්වහන්සේගේ චරිතය, ප්‍රේමය සහ ආශාව සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරන එකකි. ඒ නිසා, උන්වහන්සේගෙන් වෙන් නොවන්න. දිනපතා උන්වහන්සේගේ මුහුණ සොයන්න. කුරුසියේ පූජාව තුළින් උන්වහන්සේ ඔබට දුන් මහත් ප්‍රේමය නොසලකා හරින්න එපා.
ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට නුඹලා කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක.
මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.
එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් නම් දෙවියන්වහන්සේගේ වචනය අසා පිළිපදින්නාවූ මොව්හුයයි වදාළසේක.
එහෙත් උන්වහන්සේ තමන්ට කථාකළ තැනැත්තාට උත්තරදෙමින්: මාගේ මෑණියෝ කවුද? මාගේ සහෝදරයෝ කවුරුදැයි කියා, තමන් ගෝලයන් දෙසට අත දිගුකොට: මෙන්න, මාගේ මෑණියෝ සහ මාගේ සහෝදරයෝ! නොහොත් දේවමාළිගාවෙහි පූජකයන් සබත් දවසේදී සබත් කඩකොට නිවැරදිව සිටින බව ව්‍යවස්ථාවෙහි නුඹලා කියවා නැද්ද? මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.
(ඒ ජීවනය ප්‍රකාශකරනු ලැබීය, අපි ඒ දැක සාක්ෂිදෙමින්, පියාණන්වහන්සේ සමඟ තිබුණාවූ අපට ප්‍රකාශකරනලද්දාවූ ජීවනය, එනම් සදාකාල ජීවනය නුඹලාට ප්‍රකාශ කරමුව.) එසේය, අපේ පංගුකාරකම පියාණන්වහන්සේද ස්වකීය පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද සමඟය.
යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.
උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,
මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය. මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
ඔබ මා කෙරෙහි ඇතුව සිටි ප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමියි කීසේක.
ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.
ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි.
අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.
කෑම බඩ උදෙසාය, බඩ කෑම උදෙසාය. නුමුත් දෙවියන්වහන්සේ ඒකත් ඒවාත් නැතිකරනසේක. එහෙත් ශරීරය තිබෙන්නේ වේශ්‍යාකම පිණිස නොව ස්වාමීන්වහන්සේ උදෙසාය; ස්වාමීන්වහන්සේද ශරීරය උදෙසාය. දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේව නැගිටෙවුසේක, අපත් තමන්වහන්සේගේ බලයෙන් නැගුටුවනසේක. නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.
තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.
නුමුත් වරක් දුර සිටියාවූ නුඹලා දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ළංකරනු ලැබුවහුය.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.
මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ. අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශවන කල, නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය.
අප විසින් ආශීර්වාදකරන ආශීර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයේ සහභාගිකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සහභාගිකමක් නොවේද?
මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක්මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත් එක ශරීරයක්ව තිබෙන්නාක්මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටිනසේක.
මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධවී සිටිමු නම්, උන්වහන්සේ නැගිටීමේ සමානත්වෙයනුත් සම්බන්ධවන්නෙමුව.
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.
එබැවින් යේසුස්වහන්සේ තමන්ව අදහාගත් යුදෙව්වරුන්ට කියනසේක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය;
යමෙක් උන්වහන්සේ තුළ පවතීද, ඔහු පව්කරන්නේ නැත. පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳිනගත්තේවත් නැත.
ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.
මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.
තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය.
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,
ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.
මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති; බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි.
උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි, උන්වහන්සේද ඔහු තුළ පවතිනසේක. උන්වහන්සේ අප තුළ සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය.
ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය. උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය.
බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව.
නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න. නුඹට භාරදුන් යහපත් දෙය අප තුළ වසන ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ආරක්ෂාකරන්න.
එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්, එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය. එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න; මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය. වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය. මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය. එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි. එසේම නුඹලාත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න. මමත් නුඹලාගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි. නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න.
මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව.
අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.
එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව, නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.
මෙසේ කෙළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේමකළාක්මෙන් ඔවුන්ටත් ප්‍රේමකළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්ය.
නුඹලා පටන්ගැන්මේ සිට ඇසූදේම නුඹලා තුළ පවතීවා. පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ දේ නුඹලා තුළ පවතී නම්, නුඹලාත් පුත්‍රයාණන්වහන්සේද පියාණන්වහන්සේද තුළ පවතින්නහුය.
ස්තුතිකොට, කඩා: මේක නුඹලා උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක. එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානත් දී: මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද, එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක. මක්නිසාද, නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන්වහන්සේ එන තුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශකරන්නහුය.
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.
ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක. උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.
මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.
එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්, පුළුවන් නම්, නමස්කාරකරන්නන් වරක් පවිත්‍රකරනලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද? උන්වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුල්වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද, දෙවියන්වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම්වූ පූජකයෙක් සිටින බැවින්ද, නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.
තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.
නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,
යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව යමෙක් ඒත්තුගන්නේද, දෙවියන්වහන්සේ ඔහු තුළත් ඔහු දෙවියන්වහන්සේ තුළත් ඇත්තේය. දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.
තවද මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ ක්‍රිස්තුස්වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින්,
ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිකමද නුඹලා සියල්ලන් හා සමඟ වේවා.
ඉඳින් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාගන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක. අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය. එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මඡේද්‍යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක. එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න. මේ සියල්ල උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න; ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න. තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත්, සියල්ලම ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න. භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න. පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න. දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය. පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න. දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න. නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය. මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය. මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.
සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.
ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාසකරන පිණිසත්, අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤාකරමි.
අපගේ වරද කරණකොටගෙන අප මැරී සිටි කල්හි පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවත්කර-නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය-උන්වහන්සේ සමඟ අප නැගුටුවා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,
ක්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතුව ළංවන්ට පුළුවන්කමත්, උන්වහන්සේ තුළ අපට තිබේ.
එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව. අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.
එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න.
මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය.
ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;
උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන්වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා,
නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත.
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.
අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.
මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.
මක්නිසාද ස්වාමීන්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නුමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත ඇත්තේය.
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.
පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.
මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ.
යේසුස්වහන්සේගේ ජීවත්වීම අපේ ශරීරයෙහි ප්‍රකාශවෙන පිණිස අපි යේසුස්වහන්සේගේ මරනු ලැබීම අපේ ශරීරයෙහි නිතරම දරාගෙන යමුව. මක්නිසාද අපේ මරණීයවූ මාංසයෙහි යේසුස්වහන්සේගේ ජීවනයත් ප්‍රකාශවන පිණිස ජීවත්වන්නාවූ අපි යේසුස්වහන්සේ උදෙසා නිතරම මරණයට පාවා දෙනු ලබමුව.
එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න. ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න; මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය. නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ. එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක. ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න. මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න. මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය; නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්, ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.
ඉතින්, මාගේ ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතෙන්න; එසේ කළ යුතුවන්නේ උන්වහන්සේ ප්‍රකාශවුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජානොවී නිර්භීතකම ඇතුව සිටින පිණිසය.
එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක.
මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක.
ඉදින් නුඹලා සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරකරන්නෙත් අප ආලේපකළෙත් දෙවියන්වහන්සේය. උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන්වහන්සේ නමැති අත්තිකාරම අපට දුන්සේක.
එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.
ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.
ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.