Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 3:19 - Sinhala Revised Old Version

19 එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 3:19
24 හුවමාරු යොමු  

ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණකරන තැනන්වහන්සේගේ පූර්ණකම වන උන්වහන්සේගේ ශරීරයය.


සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද,


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,


කුමක්හෙයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව.


එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.


මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන,


එහෙත් අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනයවෙන්න. දැනටත් සදාකාලයටත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමෙන්.


සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.


ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.


පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.


එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, වීණාවෙන් ඔබට ප්‍රශංසාකරන්නෙමි.


නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි.


මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.


ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද?


උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.


නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්