Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 14:20 - Sinhala Revised Old Version

20 ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද නුඹලා මා තුළෙහිද මා නුඹලා තුළෙහිද සිටින බව නුඹලා දැනගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 ඒ දවසේ මා, මගේ පියාණන්වහන්සේ තුළත්, ඔබ මා තුළත්, මා ඔබ තුළත් වන වග ඔබ වටහා ගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 14:20
24 හුවමාරු යොමු  

ඔබ මා කෙරෙහි ඇතුව සිටි ප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමියි කීසේක.


මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.


කිසිවෙක් කිසි කලක දෙවියන්වහන්සේව දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේමකරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ සම්පූර්ණවී තිබේ.


මා පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටින බව විශ්වාසකරන්නේ නැද්ද? මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි; නුමුත් පියාණන්වහන්සේ මා තුළෙහි වසමින් ස්වකීය ක්‍රියා කරනසේක.


එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.


නුමුත් ඒවා කරම් නම්, නුඹලා මා විශ්වාස නොකරතත් පියාණන්වහන්සේ මා තුළෙහිද මා පියාණන්වහන්සේ තුළෙහිද සිටින බව දැන තේරුම්ගන්නා පිණිස ක්‍රියා විශ්වාසකරන්නැයි කීසේක.


නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලන්න; නුඹලාවම සෝදිසිකර බලන්න. නොහොත්, නුඹලා එපා කරනලද තැනැත්තෝ නොවෙත් නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළෙහි වසන බව නුඹලාම නොදනිවුද?


අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන නුඹලා තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.


ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නහුය. නුඹලා උදෙසා පියාණන්වහන්සේට යාච්ඤාකරන්නෙමියි නොකියමි;


මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය.


මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා,


මාගේ මාංසය කන්නාවූ මාගේ ලේ බොන්නාවූ තැනැත්තේ මා තුළෙහි පවතියි, මමද ඔහු තුළෙහි පවතිමි.


එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.


මම ලෝකයෙහි තවත් නොසිටිමි, ඔව්හු ලෝකයෙහි සිටිති, මමද ඔබ ළඟට එමි. ශුද්ධවූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නාක්මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂාකළ මැනව.


ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි–පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.


මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමුණුණ බව ඔව්හු දැන් දනිති.


ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක.


එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන් වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.


ප්‍රේරිතයන් අතරෙහි ප්‍රසිද්ධවූ, මට පළමුවෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටියාවූ, මාගේ නෑයන්වූ, මාගේ හවුල් හිරකාරයන්වූ අන්ද්‍රෝනිකස්ට හා යූනියස්ට ආචාරකරන්න.


මම පියාණන්වහන්සේ තුළෙහිත් පියාණන්වහන්සේ මා තුළෙහිත් සිටිනසේක යන මාගේ කීම විශ්වාසකරන්න. එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාම විශ්වාසකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්