Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 13:8 - Sinhala Revised Old Version

8 මක්නිසාද සැබෑව උදෙසා මිස සැබෑවට විරුද්ධව කිසිවක් කරන්නට අපට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සත්‍යයට පක්ෂ ව මිස සත්‍යයට විපක්ෂ ව කිසිවක් අපට කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 මන්ද සත්‍යය සඳහා පමණක්ම ය මිස, සත්‍යයට එරෙහිව කිසිවක් කිරීමට අපට නුපුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සත්‍යයට පක්ෂ ව මිස සත්‍යයට විපක්ෂ ව කිසිවක් අපට කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 13:8
20 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.


නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඔහුට තහනම් නොකරන්න. මක්නිසාද මාගේ නාමයෙන් බලවත් ක්‍රියාවක් කරන කිසිවෙකුට මා ගැන ඉක්මනින්ම නපුර කථාකරන්ට නොහැකිවේ.


හිමෙනියස්ද අලෙක්ෂන්දර්ද එබඳු තැනැත්තෝය. අපහාස නොකරන්ට දැනමුතුවෙන පිණිස ඔවුන් සාතන්ට භාරදුනිමි.


මේ නිසා, බිඳ හෙළීමට නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ මට දුන් බලය ලෙස මා නුඹලා ළඟ සිටින විට සැරකම පාවිච්චි නොකරන පිණිස, ඈත්ව සිටින විට මේ දේවල් ලියා එවමි.


මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි.


ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.


මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත්, ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැත. ජනයිනි, නුඹලා සියල්ලෝම අසන්නැයි කීවේය.


නුමුත් නුඹලා කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන්වහන්සේට යාච්ඤාකරමුව. එසේ කරන්නේ අපි ඒත්තුගත් තැනැත්තන් බව පෙනෙන පිණිස නොව, අපි එපාකරනලද තැනැත්තන් මෙන් වූ නුමුත්, නුඹලා විසින් ගරුකටයුතු දේ කරන පිණිසය.


අප දුර්වලව නුඹලා බලවත්ව සිටින කල අපි ප්‍රීතිවෙමුව. තවද නුඹලාගේ සම්පූර්ණවීම සඳහා අපි යාච්ඤාද කරමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්