Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 4:2 - Sinhala Revised Old Version

2 ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 භාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්ත ව සිටී ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 තවද භාරකරුවන් විශ්වාසවන්ත වීම, අවශ්‍යයෙන්ම විය යුත්තකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 භාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්ත ව සිටී ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 4:2
17 හුවමාරු යොමු  

ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.


එකල ස්වාමීන්වහන්සේ කියනසේක්: ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම කොටස දෙන්ට ඔවුන් කෙරේ පත්කරන විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා කවුද?


ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වු විශ්වාසවූ දාසය, ඒ යහපත; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.


දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි.


මාගේ මෙහෙකරුවූ මෝසෙස් එසේ නොවේ; ඔහු මාගේ මුළු ගෘහයෙහි ඉතා විශ්වාසිකය.


ස්වාමීන්වහන්සේ තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්නැයි අර්කිපස්ට කියන්න.


මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර, අවංකකමින්ද දෙවියන්වහන්සේගෙන් ලැබුණු ලෙසද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ කථාකරමුව.


එසේ අප උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාස සේවකයෙක්ව සිටින අපේ ප්‍රේමවන්ත හවුල් වැඩකාරවූ එපප්‍රස්ගෙන් නුඹලා ඉගෙනගත්තහුය.


කන්‍යාවන් ගැන ස්වාමීන්වහන්සේගෙන් ආඥාවක් මට නැත. නුමුත් විශ්වාසව සිටින්ට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලද්දෙකු මෙන් මාගේ කල්පනාව කියමි.


ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.


ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද වූ තුඛීකස් මාගේ සියලු කාරණා නුඹලාට දන්වනවා ඇත.


මේ පිණිස, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවාවූ තිමෝතියස් නුඹලා ළඟට එවීමි. මා සියලු තැන්වල සියලු සභාවලදී උගන්වන ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ මාගේ මාර්ගයන් ඔහු නුඹලාට සිහිකරවනවා ඇත.


තවද වැඩකරන්නන්ට දෙන්ට මිල භාරදෙනු ලැබූ මනුෂ්‍යයන් විශ්වාස ලෙස කටයුතුකළ බැවින් ඔවුන්ගෙන් ගණනක් නොගන්නා ලද්දේය.


එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය.


මනුෂ්‍යයෝ අප ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයන් මෙන්ද දෙවියන්වහන්සේගේ රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන්ගනිත්වා.


නුමුත් නුඹලා විසින්වත් මනුෂ්‍ය විනිශ්චයෙන්වත් මා විනිශ්චයකරනු ලැබීම මට ඉතා සුළු දෙයක්ය. එසේය, මමම මා විනිශ්චය නොකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්