Biblia Todo Logo
බයිබල් වචන
- දැන්වීම් -

ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

උප ප්‍රවර්ගය

පීඩනයඅප ජීවත් වන්නේ ඇයි?ශ්‍රද්ධාවේ ප්‍රාතිහාර්යයඥානවන්ත කථන ශක්තියදිව්‍යමය දැනුමේ දායාදයසුව කිරීමේ හැකියාවන්අනාගතය දකින හැකියාවආත්ම විචාර ඥානයභාෂා දක්ෂතාවයේ අනුග්‍රහයභාෂා ප්‍රඥාවේ අසිරියජීවිතයේ අරුත සොයා යන ඔබටදස පනතෙහි වැදගත්කමශරීර සෞඛ්‍යය රැකගනිමුසැබෑ පසුතැවිල්ලඉවසීමේ බලයමානසික වේදනාවෙන් මිදෙන්නපුද්ගල පරිවර්තනයඅඳුරආධ්‍යාත්මික නොමේරූකමසත්‍යය හා මිථ්‍යාව වෙන්කර හඳුනා ගනිමුදෙවියන් වහන්සේ සමඟ සමාදාන වන්නකුරුසියේ තේරුමපාපය ගැනනිරය පිළිබඳවපරීක්ෂාවන් ගැනයක්ෂාවේශ වූවන්පසුතැවිල්ලආත්මය ගැනනිදහස් කැමැත්තබයිබලයේ පණිවිඩයෙන් ආභාෂයඅමරණීය ආත්මය ගැනදිව්‍යමය දායාදදිව කතා කිරීමපාතාලයආධ්‍යාත්මික පරිණතභාවයපෞද්ගලික වර්ධනයක්ලාන්තයසිහිනසැකයඅත් තැබීමක්‍රිස්තුස් වහන්සේ සමඟ එකමුතුවයක්ෂයෝආත්මික උදාසීනත්වයදිරි දීමවෙනස් වෙන්න

36 දෙවියන් වහන්සේගේ භාෂා වරප්‍රසාදය පිළිබඳ බයිබල් පද

36 දෙවියන් වහන්සේගේ භාෂා වරප්‍රසාදය පිළිබඳ බයිබල් පද
1 කොරින්ති 12:10

තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 12:28

මෙසේ දෙවියන්වහන්සේ පළමුකොට ප්‍රේරිතයන්ද දෙවනුව අනාගතවක්තෘවරුන්ද තුන්වෙනුව ගුරුවරුන්ද ඊළඟට ආශ්චර්ය කරන්නන්ද පසුව සුවකිරීමේ දීමනාද උපකාරද ආණ්ඩුද නානා වර්ග භාෂාද සභාවෙහි පිහිටෙවුසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 12:30

සියල්ලෝම ආශ්චර්යකරන්නෝද? සුවකිරීමේ දීමනා සියල්ලන්ටම ඇත්තේද? සියල්ලෝම අන් භාෂාවලින් කථාකරන්නෝද? සියල්ලෝම තේරුම්කර දෙන්නෝද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 13:1

මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:2

මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:18-19

නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි. එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:4

අන් භාෂාවකින් කථාකරන්නා තමාම වර්ධනයකරගන්නේය, නුමුත් ධර්මවාක්‍ය පවසන්නා සභාව වර්ධනයකරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:5

නුඹලා සියල්ලන් අන් භාෂාවලින් කථා කරනවාට කැමැත්තෙමි, නුමුත් නුඹලා ධර්මවාක්‍ය කියනවාට ඊට වඩා කැමැත්තෙමි. අන් භාෂාවලින් කථාකරන්නා සභාවේ වර්ධනයවීම පිණිස තේරුම්කර නොදෙතොත් ඔහුට වඩා ධර්මවාක්‍ය කියන්නා උතුම්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:6

ඉතින්, සහෝදරයෙනි, මම නුඹලා ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම් දීමෙන්වත් නුඹලාට කථා නොකොට, අන් භාෂාවලින් කථාකළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:9

එසේම නුඹලාත් තේරුම්ගන්ට පහසු වචන දිවෙන් කථා නොකළොත්, කියන දේ දැනගන්නේ කොහොමද? නුඹලා හුළඟට කථාකරන්නාක්මෙන් වේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:26-27

එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක. ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:13

එබැවින් අන් භාෂාවකින් කථාකරන්නා තේරුම්කරදෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤාකෙරේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:14

මක්නිසාද මම අන් භාෂාවකින් යාච්ඤාකරම් නම්, මාගේ ආත්මය යාච්ඤාකරන නුමුත් මාගේ සිහිකල්පනාව ප්‍රයෝජන නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:15

එසේවී නම් කිමෙක්ද? ආත්මයෙන් යාච්ඤාකරමි, සිහිකල්පනාවෙනුත් යාච්ඤාකරමි. ආත්මයෙන් ගීතිකාකරමි, සිහිකල්පනාවෙනුත් ගීතිකාකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 10:46

මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්:

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:18

නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:19

එසේවී නුමුත් සභාවේදී අන් භාෂාවකින් දසදහසක් වචන කථාකරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථාකරන්ට කැමැත්තෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 8:26

එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:22

මෙසේ අන් භාෂා වනාහි අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. නුමුත් ධර්මවාක්‍ය කීම තිබෙන්නේ නොඅදහන්නන් නොව අදහන්නන් උදෙසාය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:23

එබැවින් මුළු සභාව එකට රැස්ව, සියල්ලෝම අන් භාෂාවලින් කථාකරත් නම්, නූගත් අයවත් නොඅදහන්නන්වත් එහි පැමුණුණොත්, ඔවුන් නුඹලාට ඔල්මාදයයි කියන්නේ නැද්ද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:26

එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? නුඹලා රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:27-28

යමෙක් අන් භාෂාවකින් කථාකෙරේ නම්, දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන්දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම්කරදේවා. තේරුම් කරදෙන කෙනෙක් නැත්නම්, ඔහු සභාවේදී නිශ්ශබ්දවේවා; තමාටත් දෙවියන්වහන්සේටත් කථාකෙරේවා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 11:15

මා කථාකරන්ට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළවූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 14:39

එබැවින්, මාගේ සහෝදරයෙනි, ධර්මවාක්‍ය කියන්ට ආශාවෙන්න, අන් භාෂාවලින් කථාකිරීමත් තහනම් නොකරන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:4

ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:6

මේ ශබ්දය ඇසුණු කල සමූහයා එකතුව ඇවිත් වියවුල්විය, මක්නිසාද එකිනෙකා තම තමාගේ භාෂාවෙන් ඔවුන් කථාකරනවා ඇසුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
පිලිප්පි 1:19

මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:11

ක්‍රීත්වරු සහ අරාබිවරුද යන අපි අපගේ භාෂාවලින් දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කථාකරනවා අසමුයයි කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 4:31

ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 10:45-46

පේතෘස් සමඟ ආවාවූ චර්මඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍යජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිතවූවෝය. මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්:

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගලාති 5:22-23

නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 19:6

පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 28:11

එසේය, උන්වහන්සේ වියවුල් තොල්වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කථාකරනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මාක් 16:17

අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 2:3-4

ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක්එක්කෙනා කෙරෙහි පිහිටුණේය. එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය. ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය. මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක. මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි ඔහුම කියයි. එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය. ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය. පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා, ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කථාකරන්ට පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කථාකරන්ට පටන්ගත්තෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

උප ප්‍රවර්ගය

පීඩනයඅප ජීවත් වන්නේ ඇයි?ශ්‍රද්ධාවේ ප්‍රාතිහාර්යයඥානවන්ත කථන ශක්තියදිව්‍යමය දැනුමේ දායාදයසුව කිරීමේ හැකියාවන්අනාගතය දකින හැකියාවආත්ම විචාර ඥානයභාෂා දක්ෂතාවයේ අනුග්‍රහයභාෂා ප්‍රඥාවේ අසිරියජීවිතයේ අරුත සොයා යන ඔබටදස පනතෙහි වැදගත්කමශරීර සෞඛ්‍යය රැකගනිමුසැබෑ පසුතැවිල්ලඉවසීමේ බලයමානසික වේදනාවෙන් මිදෙන්නපුද්ගල පරිවර්තනයඅඳුරආධ්‍යාත්මික නොමේරූකමසත්‍යය හා මිථ්‍යාව වෙන්කර හඳුනා ගනිමුදෙවියන් වහන්සේ සමඟ සමාදාන වන්නකුරුසියේ තේරුමපාපය ගැනනිරය පිළිබඳවපරීක්ෂාවන් ගැනයක්ෂාවේශ වූවන්පසුතැවිල්ලආත්මය ගැනනිදහස් කැමැත්තබයිබලයේ පණිවිඩයෙන් ආභාෂයඅමරණීය ආත්මය ගැනදිව්‍යමය දායාදදිව කතා කිරීමපාතාලයආධ්‍යාත්මික පරිණතභාවයපෞද්ගලික වර්ධනයක්ලාන්තයසිහිනසැකයඅත් තැබීමක්‍රිස්තුස් වහන්සේ සමඟ එකමුතුවයක්ෂයෝආත්මික උදාසීනත්වයදිරි දීමවෙනස් වෙන්න
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්