Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 14:2 - Sinhala Revised Old Version

2 මක්නිසාද අන් භාෂාවකින් කථාකරන්නා මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේට කථාකරන්නේය; ඔහු ආත්මයෙන් රහස් කථාකරන නුමුත් කාටවත් තේරෙන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 මන්ද අන්‍ය භාෂා කථනයෙහි යෙදෙන අය කතා කරන්නේ මිනිසුනට නො ව දෙවියන්වහන්සේට ය. මන්ද ඔහු පවසන දෑ කිසිවකුටත් වැටහෙන්නේ නැත; ඔහු ආත්මයාණන් මඟින් අබිරහස් පවසයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 14:2
33 හුවමාරු යොමු  

අදහන්නන්ට ඇත්තාවූ ලකුණු නම්: ඔව්හු මාගේ නාමයෙන් යක්ෂයන් දුරුකරන්නෝය; අන් භාෂාවලින් කථාකරන්නෝය;


පාවුල් ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක; ඔව්හු අන්‍ය භාෂාවලින් කථාකරමින් අනාගතවාක්‍ය කීවෝය.


මක්නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කථාකරනවාත් දෙවියන්වහන්සේ වර්ණනාකරනවාත් ඔවුන්ට ඇසුණේය. එවිට පේතෘස් උත්තරදෙමින්:


මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.


නුමුත් දෙවියන්වහන්සේ ස්වකීය ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන අපට ඒ දේ එළිදරව්කළසේක. මක්නිසාද ආත්මයාණන්වහන්සේ සියලු දේ, එසේය, දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක.


සත්වෙනි දේවදූතයාගේ ශබ්දකිරීමේ දවස්වලදී, ඔහු පිඹින්ට යන කල, දෙවියන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශකළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණ වී තිබේය කියාද කීවේය.


දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.


ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය.


ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නමැති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය.


යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්,


මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්,


අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන්වහන්සේ විසින් කලින් නියමකරනලද්දාවූ, සඟවා තුබූ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කථාකරමුව.


ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ,


මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝය, නුමුත් මට කථාකළ තැනන්වහන්සේගේ හඬ ඔවුන්ට ඇසුණේ නැත.


එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස නුඹලාට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමාවලින් කියනු ලැබේ.


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.


උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ,


මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,


යෝසෙප් සහ ඔවුන් අතරේ තෝල්කකෙනෙක් සිටි නිසා ඔහුට තේරුණු බවක් ඔව්හු දැනනොගත්තෝය.


යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක.


නැත්නම්, නුඹ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා නුඹ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් නුඹේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද?


එකල හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නාද යෝවාද රබ්-ෂාකේ කථාකොට: පවුර පිට සිටින සෙනඟට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථානොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කථාකළමැනවැයි කීවෝය.


තවත් කෙනෙකුට ධර්මවාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද, තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම්කර දීමද දෙනලද්දේය.


මෙසේ දෙවියන්වහන්සේ පළමුකොට ප්‍රේරිතයන්ද දෙවනුව අනාගතවක්තෘවරුන්ද තුන්වෙනුව ගුරුවරුන්ද ඊළඟට ආශ්චර්ය කරන්නන්ද පසුව සුවකිරීමේ දීමනාද උපකාරද ආණ්ඩුද නානා වර්ග භාෂාද සභාවෙහි පිහිටෙවුසේක.


මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි.


එසේවී නම්, සහෝදරයෙනි, කිමෙක්ද? නුඹලා රැස්වන කල එක් එක්කෙනාට ගීතිකාවක්ද ගුරුකමක්ද එළිදරව්කිරීමක්ද අන් භාෂාවක්ද තේරුම්කරදීමක්ද ඇත්තේය. සියල්ල වර්ධනයවීම පිණිස කරනු ලැබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්