ගීතාවලිය 26 - Sinhala Revised Old Versionසම්පූර්ණ හෙවත් අවංක අයගේ ඉල්ලීම 1 ස්වාමිනි, මා විනිශ්චයකළ මැනව, මක්නිසාද මම නිර්දෝෂකමින් හැසුරුණෙමි. මම නොසෙල්වී ස්වාමීන් කෙරෙහි විශ්වාසකෙළෙමි. 2 ස්වාමිනි, මා සෝදිසිකොට පරීක්ෂාකළ මැනව; මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව. 3 මක්නිසාද ඔබගේ කරුණාගුණය මාගේ ඇස් හමුවෙහිය; ඔබගේ සැබෑකමෙහි හැසුරුණෙමි. 4 මම බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි; රැවටිලිකාරයන් සමඟද නොයමි. 5 නපුරුකම් කරන්නන්ගේ සමාගමට වෛරවෙමි, දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි. 6 ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද, 7 නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය ප්‍රදක්ෂිණ කරන්නෙමි. 8 ස්වාමිනි, ඔබගේ ගෘහ වාසයටත් ඔබගේ තේජස පිහිටි ස්ථානයටත් ප්‍රේමකරමි. 9 පව්කාරයන් සමඟ මාගේ ආත්මයත් මිනීමරන්නන් සමඟ මාගේ ජීවිතයත් එක් නොකළ මැනව. 10 ඔවුන්ගේ අත්වල පවිටුකම ඇත්තේය, ඔවුන්ගේ දකුණත අල්ලසින් පිරී තිබේ. 11 මම වනාහි නිර්දෝෂකමින් හැසිරෙන්නෙමි. මා මුදා මට කරුණාකළ මැනව. 12 මගේ පය සමබිමෙක්හි පිහිටා තිබේ. සභාවලදී ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. |
Ceylon Bible Society
Ceylon Bible Society