බයිබල් වචන

දැන්වීම්


ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

උප ප්‍රවර්ගය

97 විවාහයේ ගෞරවය පිළිබඳ බයිබල් පද


එපීස 5:33

එසේවී නුමුත් නුඹලා එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරන්න; භාර්යාවද පුරුෂයාට භයපක්ෂව සිටින්ට බලාගනීවා.

1 පේත්‍රැස් 3:7

එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.

එපීස 5:25

පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.

උත්පත්ති 2:24

එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.

1 කොරින්ති 7:3

පුරුෂයා භාර්යාවට යුතු දේ කරදේවා. එසේම භාර්යාවත් පුරුෂයාට කරදේවා.

හිතෝපදේශ 31:10-11

ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.

ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය.

1 කොරින්ති 13:4-5

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත,

උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත;

හෙබ්‍රෙව් 13:4

විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.

කොලොස්සි 3:19

පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න.

හිතෝපදේශ 18:22

භාර්යාවක සොයන්නා යහපතක් සොයාගන්නේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලැබේ.

එපීස 4:2-3

සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා,

නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත;

එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය.

[එසේ ඉගෙනගත්තේ] නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,

නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ,

සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.

එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.

කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.

යක්ෂයාට ඉඩ නොදෙන්න.

සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.

නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.

සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්, ස්වාමීන්වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම නුඹලාගෙන් ඉල්ලමි.

1 පේත්‍රැස් 4:8

ඇරත් ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.

හිතෝපදේශ 21:9

ඩබරකාර ස්ත්‍රියෙකු සමඟ පොදු ගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.

එපීස 5:21

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත්වෙන්න.

1 කොරින්ති 11:11

ඒ කෙසේවී නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පුරුෂයා නැතුව ස්ත්‍රියවත් ස්ත්‍රිය නැතුව පුරුෂයාවත් නැත.

ප්‍රේම ගී 8:7

බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය, ගංගාවලට එය යටකරන්ටත් බැරිය. මනුෂ්‍යයෙක් ප්‍රේමය දිනාගන්ට තමාගේ ගෙයි සියලු සම්පත දෙතත්, ඔහු සහමුලින්ම සුළුකරනු ලැබේ.

1 කොරින්ති 7:4

භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය.

හිතෝපදේශ 12:4

ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.

ප්‍රේම ගී 2:16

මාගේ ප්‍රේමවන්තයා මාගේය, මම ඔහුගේය. ඔහු මහනෙල් අතරේ රැළ කවයි.

හිතෝපදේශ 19:14

ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

ප්‍රේම ගී 4:9

මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.

1 පේත්‍රැස් 3:1

එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්,

හිතෝපදේශ 5:18-19

නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න.

ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.

ප්‍රේම ගී 1:2

ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය.

1 කොරින්ති 7:39

භාර්යාවක් තමාගේ පුරුෂයා ජීවත්ව සිටින තුරු බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මළොත්, ඈ කැමති කෙනෙකු සමඟ විවාහවන්ට නිදහස්ව සිටින්නීය; නුමුත් ස්වාමීන්වහන්සේ තුළ පමණක්ය.

හිතෝපදේශ 31:28-29

ඇගේ දරුවෝ නැගිට ඈට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඈට ප්‍රශංසාකරමින්:

බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය.

එපීස 5:22

භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.

කොලොස්සි 3:18

භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.

හිතෝපදේශ 30:18-19

මට ඉතා පුදුමවූ කාරණා තුනක් තිබේ, එසේය, මා නොදන්න කාරණා සතරක් තිබේ.

එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය; පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය; මුහුද මැද නැවක් යන මාර්ගය; කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.

උත්පත්ති 24:67

ඊසාක් තමාගේ මවුවූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවාගත්තේය; ඈ ඔහුගේ භාර්යාව වූවාය; ඔහු ඈට ප්‍රේමකෙළේය. ඊසාක් තමාගේ මවුගේ මරණයෙන් පසු මෙසේ සැනසුණේය.

මතෙව් 19:6

මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.

හිතෝපදේශ 14:1

ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය ගොඩනගන්නීය; එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.

රෝම 12:10

සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;

1 පේත්‍රැස් 3:3-4

නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,

දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.

එපීස 4:32

නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.

උත්පත්ති 29:20

යාකොබ් රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් වැඩකෙළේය; ඔහු ඈට ඇති ආදරය නිසා ඒ සත් අවුරුද්ද ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟුණේය.

ප්‍රේම ගී 7:10

මම මාගේ ප්‍රේමවන්තයාගේය, ඔහුගේ ආශාවද මා කෙරෙහිය.

1 තෙසලෝනික 5:11

එබැවින් නුඹලා කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.

ප්‍රේම ගී 5:16

ඔහුගේ මුඛය ඉතා මිහිරිය. එසේය, ඔහු මුළුමනින්ම ප්‍රියකරුය. යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා මේ ආකාරය, මාගේ මිත්‍රයා මෙබන්දෙක්ය.

මලාකි 2:14

එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.

හිතෝපදේශ 27:15-16

තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.

ඈ නවත්වන්ට හදන්නා හුළඟ නවත්වන්නේය. ඔහුගේ දකුණතින් තෙල් අල්ලාගන්නේය.

උත්පත්ති 2:18

‍ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක.

ලූක් 6:31

මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න.

ප්‍රේම ගී 4:10

මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹේ ප්‍රේමය කොපමණ මිහිරිද! නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයටත්, නුඹේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ හොඳද!

මතෙව් 22:39

මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය.

පිලිප්පි 2:3

පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.

1 කොරින්ති 7:5

යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් නුඹලාගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් නුඹලා පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.

ප්‍රේම ගී 6:3

මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය. ඔහු මානෙල් අතරේ තමාගේ රැළ කවයි.

හිතෝපදේශ 31:25

බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය.

1 කොරින්ති 7:10

නුමුත් විවාහවූවන්ට මම ආඥාකරමි, එහෙත් ආඥාකරන්නේ මා නොව ස්වාමීන්වහන්සේය. එනම්, භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා,

1 පේත්‍රැස් 3:2

ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.

ප්‍රේම ගී 8:6

මුද්‍රාවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබාගන්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්ය; කාම ක්‍රෝධය මිනීවළ මෙන් කෲරතරය. ඒකේ දැල්ල ගිනිදැල්ය, ස්වාමීන්වහන්සේගෙන් වූ ඇවිළෙන ගිනිදැල්ලක්මය.

හිතෝපදේශ 5:15

නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න.

1 තිමෝති 5:8

යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.

උත්පත්ති 1:28

දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.

ප්‍රේම ගී 4:7

මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය.

එපීස 5:1-2

එබැවින් නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙන්න.

ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න.

අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;

මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.

නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ.

එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.

ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,

දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.

මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.

මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;

නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,

ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.

ද්විතීය නීතිය 24:5

භාර්යාවකු අලුත පාවාගත් මනුෂ්‍යයෙක් යුද්ධ සේනාව සමඟ පිටත්ව නොයේවා; කිසි වැඩක්ද ඔහුට භාරදෙනු නොලැබේවා. ඔහු අවුරුද්දක් ගෙදර නිදහස්ව සිට තමා පාවාගත් භාර්යාව සන්තෝෂ කෙරේවා.

හිතෝපදේශ 22:6

දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

හිතෝපදේශ 27:17

යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.

දේශනාකාරයා 9:9

නුඹේ සියලු නිෂ්ඵල දවස්වල, උන්වහන්සේ ඉර යට නුඹට දී තිබෙන නුඹේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල, නුඹ ප්‍රේමකරන නුඹේ භාර්යාව සමඟ ජීවිතය භුක්තිවිඳින්න. මක්නිසාද ජීවිතයෙන්ද ඉර යට නුඹ ගන්නාවූ නුඹේ වෙහෙසෙන්ද නුඹට ලැබෙන කොටස ඒකය.

රෝම 13:10

ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.

ප්‍රේම ගී 2:3

වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.

1 කොරින්ති 13:13

දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.

ප්‍රේම ගී 3:4

මා මදක් දුර ඔවුන් පසුකර ගියවිට, මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා මට සම්බවිය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙටත් මා බිහිකළ තැනැත්තියගේ ඇතුල් ගෙටත් ඔහු පමුණුවන තෙක් ඔහු යන්ට නෑරියෙමි.

එපීස 6:1

දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.

ගීතාවලිය 127:3

බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.

ප්‍රේම ගී 1:15-16

බලව, මාගේ සොඳුර, නුඹ රුව ඇත්තීය; එසේය, නුඹ රුව ඇත්තීය; නුඹේ ඇස් පරෙවියන් හා සමානය.

බලව, මාගේ ප්‍රේමවන්තය, නුඹ රුව ඇත්තෙහිය, එසේය, ප්‍රියකරුය. අපේ යහනද නිල්පාටය.

හිතෝපදේශ 17:17

මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.

හෙබ්‍රෙව් 10:24

තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු.

ප්‍රේම ගී 5:1

මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.

හිතෝපදේශ 27:9

විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය; එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතේසි මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකමද සිත ප්‍රීතිකරයි.

ගීතාවලිය 128:3

නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.

හිතෝපදේශ 10:12

වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

රෝම 15:7

එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ නුඹලා පිළිගත් ලෙසම නුඹලාත් එකිනෙකා පිළිගන්න.

ප්‍රේම ගී 4:12

මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්‍රාකර තිබෙන උල්පතක්ය.

1 යොහන් 4:12

කිසිවෙක් කිසි කලක දෙවියන්වහන්සේව දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේමකරමු නම්, දෙවියන්වහන්සේ අප තුළ සිටිනසේක, උන්වහන්සේගේ ප්‍රේමයද අප තුළ සම්පූර්ණවී තිබේ.

හිතෝපදේශ 31:30

රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇති ස්ත්‍රියටය.

ප්‍රේම ගී 8:10

මම පවුරක්ව සිටියෙමි, මාගේ පියයුරු එහි කොත්කුළුනු මෙන්ය; එවිට මම ඔහුගේ ඇස් හමුයෙහි සමාදානය ලද්දියෙකු මෙන් වීමි.

1 කොරින්ති 7:32-34

නුඹලාද කරදර නැතුව සිටිනවාට කැමැත්තෙමි. විවාහ නොවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේව සතුටු කරන්නේ කෙසේද කියා ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නේය.

විවාහවූ තැනැත්තේ භාර්යාව සතුටු කරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නේය.

එසේම භාර්යාව හා කන්‍යාව අතරෙහිද වෙනසක් ඇත. විවාහ නොවූ තැනැත්තී ශරීරයෙන්ද ආත්මයෙන්ද ශුද්ධව සිටින පිණිස ස්වාමීන්වහන්සේගේ කාරණා ගැන සලකන්නීය. නුමුත් විවාහවී සිටින තැනැත්තී පුරුෂයා සතුටුකරන්නේ කෙසේද කියා ලෝකයේ කාරණා ගැන සලකන්නීය.

උත්පත්ති 1:27

දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.

1 කොරින්ති 11:3

නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.

2 කොරින්ති 13:11

ඉතින් සහෝදරයෙනි, සුවසේ සිටින්න. සම්පූර්ණවෙන්න; සැනසී සිටින්න; එක්සිත්වෙන්න; සමාදානයෙන් සිටින්න. එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ වනසේක.

කොලොස්සි 3:14

මේ සියල්ල උඩින් ප්‍රේමය නමැති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.

රෝම 14:19

එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු.

1 යොහන් 3:18

මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.

ප්‍රේම ගී 7:6

එම්බා, සොඳුරිය, ප්‍රීතිය වඩවන්ට නුඹ කොපමණ ලක්ෂණද! කොපමණ ප්‍රියකරුද!

හිතෝපදේශ 24:3-4

ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.

අලසයාගේ කෙත ළඟින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියෙමි;

එහි සෑම තැනම කටුගස් වැවී, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.

එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.

තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැන්මක්යයි

කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.

පිලිප්පි 4:5

නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක.

රෝම 12:16

එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.

ලූක් 10:27

ඔහු උත්තරදෙමින්: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයයි කීවේය.

උත්පත්ති 3:16

උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.

ප්‍රේම ගී 2:4

ඔහු මිදිපැන් ගෙයට මා ගෙනායේය, මට උඩින් ඔහුගේ කොඩිය ප්‍රේමයය.

1 කොරින්ති 16:14

නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.

ප්‍රේම ගී 1:16

බලව, මාගේ ප්‍රේමවන්තය, නුඹ රුව ඇත්තෙහිය, එසේය, ප්‍රියකරුය. අපේ යහනද නිල්පාටය.