Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 8:7 - Sinhala Revised Old Version

7 බොහෝ වතුරුවලින් ප්‍රේමය නිවන්ට බැරිය, ගංගාවලට එය යටකරන්ටත් බැරිය. මනුෂ්‍යයෙක් ප්‍රේමය දිනාගන්ට තමාගේ ගෙයි සියලු සම්පත දෙතත්, ඔහු සහමුලින්ම සුළුකරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මහා දිය දහරින් ප්‍රේමය නිවිය නොහැකි ය; මහා ගංවතුරට එය යට කළ නොහැකි ය. මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්, ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මහා දිය දහරින් ප්‍රේමය නිවිය නොහැකි ය; මහා ගංවතුරට එය යට කළ නොහැකි ය. මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්, ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 8:7
8 හුවමාරු යොමු  

ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත.


නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.


නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.


අසත්පුරුෂයා ඔහුගේ ඇසට පිළිකුල්ව පෙනෙයි; නුමුත් ඔහු ස්වාමින් කෙරෙහි භය ඇත්තන්ට ගෞරවකරයි. තමාට අලාභ පැමිණෙන දිවුරුමක් කළ නුමුත් එය වෙනස් නොකරයි.


නුඹේ වැඩකාරයා මට මෙලෙස කෙළේයයි තමාගේ භාර්යාව කී වචන ඔහුගේ ස්වාමියා ඇසූකල ඔහුගේ කෝපය ඇවුළුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්