Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 128 - Sinhala Revised Old Version


දේව භය ඇත්තාගේ පවුලේ දියුණුව

1 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.

2 මක්නිසාද නුඹ නුඹේ අත් වැඩේ ඵල කන්නෙහිය. නුඹ වාසනාවන්තවන්නෙහිය, නුඹට ශුභ සිද්ධවන්නේය.

3 නුඹේ භාර්යාව නුඹේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. නුඹේ දරුවෝ නුඹේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.

4 බලව, ස්වාමීන් කෙරෙහි භයවන තැනැත්තේ මෙසේ ආශීර්වාද ලබන්නේය.

5 ස්වාමීන්වහන්සේ සියොන්හි සිට නුඹට ආශීර්වාදකරනසේක. නුඹේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දක්නෙහිය.

6 එසේය, නුඹේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය. ඉශ්‍රායෙල්ට සමාදානය වේවා.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්