ද්විතීය නීතිය 24 - Sinhala Revised Old Version1 මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා. 2 ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන. 3 දෙවෙනි පුරුෂයාත් ඈට ද්වේෂකර ඈට අත්හැරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටකරන්නේ නම්, නොහොත් ඈ භාර්යාකොට ගත් දෙවෙනි පුරුෂයා නසින්නේ නම්, 4 ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට වරද නොපමුණුවන්න. 5 භාර්යාවකු අලුත පාවාගත් මනුෂ්‍යයෙක් යුද්ධ සේනාව සමඟ පිටත්ව නොයේවා; කිසි වැඩක්ද ඔහුට භාරදෙනු නොලැබේවා. ඔහු අවුරුද්දක් ගෙදර නිදහස්ව සිට තමා පාවාගත් භාර්යාව සන්තෝෂ කෙරේවා. 6 කිසිවෙක් ඇඹරුම් යන්ත්‍රයවත් උඩ ගලවත් උකසට නොගනීවා. මක්නිසාද එය ප්‍රාණය උකසට ගැනීම වේ. 7 යමෙකු විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයන්ගෙන් කිසිවෙකු සොරකම්කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගන්ට ලැබුණොත්, ඒ සොරා මරනු ලබන්නේය. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න. 8 කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් නුඹලාට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න. 9 නුඹලා මිසරයෙන් ආ කල නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මගදී මිරියාම්ට කළ දේ සිහිකරන්න. 10 නුඹේ අසල්වාසියාට නුඹ කිසිවක් ණයට දෙන කල ඔහුගේ උකස ගැනීමට ඔහුගේ ගෙට ඇතුල්නොවී, පිටත සිටින්න, 11 නුඹෙන් ණයට ගන්න තැනැත්තා උකස නුඹ ළඟට පිටතට ගෙනේවා. 12 ඔහු දිළිඳෙක් නම් ඔහුගේ උකස නුඹ ළඟ තිබෙද්දී නිදානොගන්න. 13 ඔහු තමාගේ වස්ත්‍රය පෙරවාගන නිදාගන්න පිණිසද නුඹට ආශීර්වාදකරන පිණිසද ඉරබස්නා කල්හි ඔහුගේ උකස නුඹ විසින් ඔහුට දිය යුතුමය. ඒක නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹට ධර්මිෂ්ඨකම වන්නේය. 14 නුඹේ සහෝදරයන්ගෙන් හෝ නුඹේ දේශයෙහි නුඹේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩානොකරන්න. 15 ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොර නොගසන පිණිසද එය නුඹට පාපය නොවන පිණිසද ඉර බසින්ට පළමුවෙන් ඔහුගේ දවසේ කුලී ඔහුට දෙන්න; මක්නිසාද ඔහු දිළිඳුය, ඔහුගේ ආශාවද ඒ කෙරෙහි තබා තිබේ. 16 දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා. 17 විදේශියාගේද පියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න; වැන්දඹුවගේ වස්ත්‍රය උකසට නොගන්න. 18 නුඹ මිසරයෙහි වහලෙක්ව සිටි බවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් නුඹ මුදාගත් බවද සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට නුඹට අණකරමි. 19 නුඹේ කෙතෙහි ගොයම් කපන කල්හි කෙතේ ගොයම් මිටියක් මතකනැතිවුණොත් ඒක ගෙනෙන්ට ආපසු නොයන්න. නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස ඒක විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය. 20 නුඹේ ඔලීව ගහට ගසා ඵල නෙළා ගැනීමේදී අතුවල ඉතුරු වෙන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය. 21 නුඹේ මුද්‍රික වලු කපාගැනීමේදී ඉතිරි ඒවා නැවත නෙළානොගන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය. 22 නුඹ මිසර දේශයෙහි වහලෙක් ව සිටි බව සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට නුඹට අණකරමි. |
Ceylon Bible Society
Ceylon Bible Society