දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.
මලාකි 3:16 - Sinhala Revised Old Version එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය. Sinhala New Revised Version එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය. Sinhala New Revised Version 2018 එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය. |
දේවදූතයා: නුඹේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද නුඹේ පුත්‍රයා, නුඹේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්වූ බැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.
රජුගේ සියලු සතුරන්ගෙන් ස්වාමීන්වහන්සේ ඔහුට හාත්පසින්ම නිදහස දුන්නායින් පසු ඔහු තමාගේ ගෘහයේ වාසයකරන අතර,
තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.
ආහබ් ගෙදර ප්‍රධානියාවූ ඔබදියාට අඬගැසුවේය. (ඔබදියා වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි බොහෝසෙයින් භය ඇති කෙනෙක්ය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මාගේ පියවූ දාවිත්ගේ සිතේ තිබුණේය.
අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.
ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම් පොතෙහි ලියා තබනලද්දේය.
එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකළේය, එය රජු ඉදිරියෙහි කියවනලද්දේය.
උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.
දුෂ්ටයා අහංකාරයෙන් කථාකොට: උන්වහන්සේ පළි නොගන්නසේකැයි කියයි. දෙවිකෙනෙක් නැත යනු ඔහුගේ මුළු සිතිවිල්ල වේ.
දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.
ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,
ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?
මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය.
දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි.
එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය.
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.
තවද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ ආත්මයෙන් සහ දැවීමේ ආත්මයෙන් සියොන් දූවරුන්ගේ කිලුටුකම සෝදා, යෙරුසලම මැදින් රුධිර අපරාධය පහකළ විට,
නුඹලා අතරෙන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ මෙහෙකරුවාගේ හඬට කීකරුවෙන්නාවූ තැනැත්තා කවුද? ආලෝකය නැතුව අඳුරෙහි ඇවිදින්නාවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසකර තමාගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටීවා.
ඔබ මට දඬුවම්කළසේක, මමද වියගහට පුරුදු නැති නාම්බෙකු මෙන් දඬුවම් ලැබුවෙමි. මා හැරෙන පිණිස මා හැරවුව මැනව; මක්නිසාද ඔබම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
මම ඇහුම්කන්දී ඇසීමි, නුමුත් ඔව්හු යුතුලෙස කථා නොකළෝය. මා කෙළේ කුමක්දැයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලිවෙන කෙනෙක් නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නාක්මෙන් ඔවුන් සියල්ලෝම තමුන්ගේ දිවීමට හැරීයති.
ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක.
ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.
ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.
තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.
ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.
ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.
ඔහු භක්තිවන්තවූ, තමාගේ ගෙදර සියල්ලන් සමඟ දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටියාවූ, සෙනඟට බොහෝ දන් දුන්නාවූ, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤා කළාවූ කෙනෙක්ය.
මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.
නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,
ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාදකරමුව.
කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,
නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.
ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.
මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය.