Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 7:10 - Sinhala Revised Old Version

10 ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 7:10
26 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ ඇවිළෙන කෝපයද නගින්නාවූ ඝන දුම් කඳක්ද ඇතුව දුර සිට එන්නේය. උන්වහන්සේගේ තොල් උදහසින් පිරී තිබේ, උන්වහන්සේගේ දිවද දවා දමන ගින්නක් මෙන්ය.


ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.


තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය; ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය.


අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.


දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය. ස්වාමීන්වහන්සේ සීනයිහි මෙන්, ශුද්ධස්ථානයෙහි, ඒවා මැද වනසේක.


ආදම් පටන් සත්වෙනියාවූ ඒනොක් මොවුන් ගැනත් අනාගතවාක්‍ය කියමින්: බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්,


මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.


මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.


මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.


ඒ අඟ ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධකර ඔවුන්ගෙන් ජයගන්න බව දුටුවෙමි.


නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,


නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.


එහෙත් විනිශ්චයකාර සභාව හිඳගන්නවා ඇත, එවිට ඔවුන් ඔහුගේ ආණ්ඩුව නාස්තිකිරීමටත් ඒක තීන්දුවටම නැතිකරදැමීමටත් ඒක පහකරනවා ඇත.


ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?


ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.


මීකායා කථාකොට: එබැවින් ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේගේ දකුණු පැත්තේද වම් පැත්තේද සිටිනවාත් දුටුමි.


උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය.


ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.


උන්වහන්සේගේ හමුදාවලට ගණනක් තිබේද? උන්වහන්සේගේ එළිය නොපායන්නේ කා කෙරෙහිද?


ස්වාමීන්ගේ සේනා සියල්ලෙනි එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්