Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 1:11 - Sinhala Revised Old Version

11 අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 1:11
27 හුවමාරු යොමු  

ඔබගේ මෙහෙකරුවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබගේ මෙහෙකරුවා වූ මා විසින් දැනට රෑ දාවල් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන යාච්ඤාවද, ඉශ්‍රායෙල් පුත්‍රයන්වූ අප විසින් ඔබට විරුද්ධවකළ පව් කියාදීමද අසන පිණිස ඔබගේ කන යොමා, ඔබගේ ඇස්ද ඇරී තිබේවයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එසේය, මමත් මාගේ පියවංශයත් පව්කෙළෙමුව.


ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.


තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි.


අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.


රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.


ස්වාමිනි, මාගේ ශබ්දය ඇසුව මැනව. මාගේ කන්නලව් ශබ්දයට ඔබගේ කන් යොමුවේවා.


මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.


ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.


තවද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ යෙරෙමියාගේ මුඛයෙන් කියෙවූ වචනය ඉෂ්ටවෙන පිණිස ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක.


කුසලාන දරන්නන්ගේ නායකයා ඔහුගේ නිලයට නැවත පැමිණවිය; ඔහු ඵාරාවෝගේ අතට කුසලාන දුන්නේය.


එසේවී නුමුත් කුසලාන දරන්නන්ගේ නායකයා යෝසෙප් සිහිනොකොට ඔහු මතක නැතිකෙළේය.


එවිට කුසලාන දරන්නන්ගේ නායකයා ඵාරාවෝට කථාකරමින්: මාගේ වරද අද සිහිකරමි.


මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.


මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.


ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.


යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.


ඵාරාවෝ තමන් ඇමතියන් දෙදෙනාවූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූප සාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදහස්ව


ඒ හැටියට අද මම උල්පත ළඟට අවුත්: මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ මා යන ගමන සඵලකරනසේක් නම් මෙසේ වේවා:


ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.


දැන්, මාගේ දෙවියන්වහන්ස, මේ ස්ථානයෙහිදී කරන යාච්ඤාවට ඔබගේ ඇස් ඇරී ඔබගේ කන් යොමුවී තිබේවා.


මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.


ඔවුන් වහල්කොට ගෙනගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්ට සැලැස්වූසේක.


ඔහු විසින් නුඹලාට අනුකම්පාකොට නුඹලාගේ රටට හැරීයන්ට ඉඩදෙන හැටියට නුඹලා කෙරෙහි දයාවෙන්ට සලස්වන්නෙමි.


එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්