Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 28:28 - Sinhala Revised Old Version

28 උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 28:28
25 හුවමාරු යොමු  

ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.


ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.


ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.


නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.


සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.


එබැවින් ඒවා පවත්වමින් කරන්න; මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැණවත්කමත්ය, ඔවුන් මේ සියලු පනත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනඟක්යයි කියනවා ඇත.


නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.


අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය; තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය.


ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.


රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.


එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.


නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.


නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා;


ආහබ් ගෙදර ප්‍රධානියාවූ ඔබදියාට අඬගැසුවේය. (ඔබදියා වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි බොහෝසෙයින් භය ඇති කෙනෙක්ය.


යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.


නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද?


එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද?


උන්වහන්සේ ඒක දැක කියාදුන්සේක; ඒක ස්ථිරකර සෝදිසිකළසේක.


ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.


ජාතීන්ට දඬුවම්කරන තැනන්වහන්සේ, එනම් මනුෂ්‍යයාට ඥානය උගන්වන්නාවූ තැනන්වහන්සේ, දඬුවම් නොකරනසේක්ද?


ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.


කරුණාවත් සැබෑකමත් කරණකොට ගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්