Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 2:23 - Sinhala Revised Old Version

23 ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම් පොතෙහි ලියා තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඒ කාරණය විභාග කළ කල්හි එය සැබෑ බව පෙනී ගිය නිසා, ඒ දෙදෙනා ගසක එල්ලා මරනු ලැබූ හ. මේ සිද්ධිය රජුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ රජු ඉදිරියේ දී සටහන් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 2:23
11 හුවමාරු යොමු  

ඔහුගේ බලපරාක්‍රමයේ සියලු ක්‍රියාද රජු විසින් උසස්කළ මොර්දෙකයිගේ උසස්කමේ විස්තරද මේදියාවෙත් පාර්සියාවෙත් රජවරුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?


එහෙත් ඔහු පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය.


පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය.


එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.


එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.


ඔහු හායිහි රජ සවස දක්වා ගසක එල්ලා තැබුවේය. ඉර බසින වේලාවේ ඔහුගේ මළකඳ යෝෂුවාගේ අණ පිට ගසින් බා, නුවර දොරකඩ හෙළා, මහත් ගල් ගොඩක් ඒ පිට ගොඩගැසුවෝය. එය අද දවස දක්වා තිබේ.


එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකළේය, එය රජු ඉදිරියෙහි කියවනලද්දේය.


මෙසේ ඔබ ලේකම් පොතෙහි සොයා බැලුවොත් මේ නුවර කැරළිකාරවූ, රජවරුන්ටත් රටවලටත් අලාභකරන්නාවූ නුවරක් බවත්, පුරාණ කාලයේ පටන් එහි ද්‍රෝහිකම් උපදවනලද බවත්, එම කාරණය නිසා ඒ නුවර නාස්තිකරනලද බවත් ඔබට දැනගන්ට ලැබෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්