ගීතාවලිය 16 - Sinhala Revised Old Versionස්වාමීන්වහන්සේ පරම සැපත බව 1 දෙවියන්වහන්ස, මා ආරක්ෂාකළ මැනව. මක්නිසාද ඔබ සරණ කොටගනිමි. 2 ඔබ මාගේ ස්වාමීන්වහන්සේය, ඔබ හැර යහපතක් මට නැතැයි ස්වාමීන්ට කීමි. 3 පොළොවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්රීතිය උපදවන උත්තමයෝය. 4 ස්වාමීන් අත්හැර අන් දෙවිකෙනෙකු පිළිගන්නන්ගේ දුක් බෝවන්නේය. ඔවුන් ලෙයින් කරන පාන පූජා මම පූජා නොකරන්නෙමි, ඔවුන්ගේ නම් මාගේ කටින් නොකියන්නෙමි. 5 මාගේ උරුම කොටසත් කුසලාන්කොටසත් ස්වාමීන්වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂාකරනසේක. 6 මට මායිම් වුණේ ප්රසන්න තැන්වලය; එසේය, මට ප්රියකරු උරුමයක් ඇත. 7 මට දැනමිතිකම් දුන්නාවූ ස්වාමීන්ට ස්තුති ප්රශංසාකරන්නෙමි; එසේය, රාත්රි භාගයෙහිදී මාගේ සිතිවිලිවලින් මට ගුරුකම් ලැබේ. 8 ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබාගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි. 9 එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව වසන්නේය. 10 මක්නිසාද ඔබ මාගේ ආත්මය ෂෙයෝලෙහි තිබෙන්ට නාරිනසේක; ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙනසේක. 11 ඔබ මට ජීවන මාර්ගය දක්වනසේක. ඔබ අභිමුඛයෙහි ප්රීතියේ සම්පූර්ණකම ඇත්තේය; ඔබගේ දකුණු පැත්තෙහි සදාකාලේටම සැපත ඇත්තේය. |
Ceylon Bible Society
Ceylon Bible Society