Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 32:32 - Sinhala Revised Old Version

32 එහෙත් දැන් ඔබ ඔවුන්ගේ පාපය ක්ෂමා කරන්ට කැමතිවනසේක් නම් [යහපත]; නැතහොත් ඔබවහන්සේ ලියා තිබෙන පොතෙන් මා මකාදැමුව මැනවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 32:32
26 හුවමාරු යොමු  

ඔව්හු ජීවන පොතෙන් මැකීයෙත්වා, ධර්මිෂ්ඨයන් සමඟ නොලියවෙත්වා.


බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දයෙක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.


එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.


මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි.


ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.


ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි.


ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.


ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?


නුඹ දුටු මෘගයා සිටියේය, දැන් නැත; ඌ පාතාලයෙන් නැගී එන්ටද විනාශයට යන්ටද සිටින්නේය. ලෝකයේ පටන්ගැන්මේ සිට ජීවන-පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසයකරන්නෝ මෘගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුමවන්නෝය.


ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,


එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට නුඹට දෙන දේශයේදී වටකර සිටින නුඹේ සියලු සතුරන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.


මා විසින් ඔවුන් විනාශ කොට ඔවුන්ගේ නාමය අහස යටින් මකාදමන පිණිස මට ඉඩ අරින්න. මම නුඹ ඔවුන්ට වඩා බලවත්වූ මහත්වූ සෙනඟක් වෙන්ට සලස්වන්නෙමියි කීසේක.


ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය.


එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක.


යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය.


තවද උන් දේශයේ පලාජාති කා තීන්දුකළ විට මම කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, කමාවුව මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි.


මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරනසේක යනුයි.


එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක.


ඔබ මට මෙසේ කරනසේක්නම්, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේනම්, වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි; අහෝ මාගේ කාලකණ්ණිකම මට දකින්ට නුදුන මැනවයි කීවේය.


එවිට රජ බොහෝසෙයින් කම්පාවී, දොරටුවේ උඩුමහලට නැගී ගොස් ඇඬුවේය. ඔහු යමින්ම: අහෝ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රවූ අබ්සලොම්! නුඹ වෙනුවට මා මැරුණා නම් යහපත, අහෝ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රයයි කීවේය.


තවද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ ආත්මයෙන් සහ දැවීමේ ආත්මයෙන් සියොන් දූවරුන්ගේ කිලුටුකම සෝදා, යෙරුසලම මැදින් රුධිර අපරාධය පහකළ විට,


එකල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය. ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිට ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය.


ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මමද මනුෂ්‍යයෙක් තමාට සේවයකරන තමාගේ පුත්‍රයාට කරුණාකරන්නාක්මෙන් ඔවුන්ට කරුණාකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්