ගීතාවලිය 111 - Sinhala Revised Old Versionස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමට ඇති කාරණා 1 ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරව්. අවංකයින්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් ස්වාමීන්ට ස්තුති කරන්නෙමි. 2 ස්වාමීන්ගේ ක්‍රියා මහත්ය, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහිකරති. 3 උන්වහන්සේගේ ක්‍රියාව ගෞරවයෙන් හා මහිමයෙන් යුක්තය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. 4 උන්වහන්සේ තමන් ආශ්චර්ය ක්‍රියා සිහිවෙන්ට සැලැස්වූසේක. ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය. 5 උන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට කෑම දුන්සේක. උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදාකල්ම සිහිකරනසේක. 6 උන්වහන්සේ ජාතීන්ගේ උරුමය තමන් සෙනඟට දීමෙන් තමන් ක්‍රියා බලය ඔවුන්ට පෙන්වූසේක. 7 උන්වහන්සේගේ කර්මාන්තයෝ සත්‍යය හා යුක්තිය වෙති; උන්වහන්සේගේ පනත් සියල්ල නියතය. 8 ඒවා නිතරම සදාකාලයටම පිහිටුවා තිබේ, ඒවා සැබෑකමෙන් හා අවංකකමින් කරන ලද්දේය. 9 උන්වහන්සේ තමන් සෙනඟට මිදීම එවුසේක; තමන් ගිවිසුම සදාකාලයටම නියමකළසේක. උන්වහන්සේගේ නාමය ශුද්ධය, ගරුකටයුතුය. 10 ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය. |
Ceylon Bible Society
Ceylon Bible Society