තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.
නෙහෙමියා 12:27 - Sinhala Revised Old Version යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය. Sinhala New Revised Version ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ. Sinhala New Revised Version 2018 ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ. |
තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.
සාලමොන් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ ශාන්ති පූජා සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහසක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේගේ ගෘහය කැපකළෝය.
දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.
නුඹලා ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. නුඹලාත් නුඹලාගේ සහෝදරයොත් පිරිසිදුවී, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා විසින් ඊට පිළියෙළකර තිබෙන ස්ථානයට ගෙනෙන්න.
තවද දාවිත් කුඩා වීණාද මහ වීණාද අත්තල්ද යන තූර්ය භාණ්ඩවලින් ගායනාකරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමුන්ගේ සහෝදරයන්වූ ගීතිකාකාරයන් නියමකරන්ට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේය.
මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.
ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය.
එනම් ප්‍රධානියා ආසාප්ය, ඔහු ළඟට ශෙකරියා, යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලීයාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ය; මොව්හු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනාකළෝය; නුමුත් ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්තුවේය;
හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.
හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් යෙරියාය. දාවිත්ගේ රජකම්කිරීමේ සතළිස්වෙනි අවුරුද්දේදී ඔවුන් ගැන විභාගකොට බලවන්ත මනුෂ්‍යයන් ගිලියද්-යාසෙර්හි ඔවුන් අතරේ සිටිනවා සම්බවුණේය.
තවද ඔහු දාවිත්ගේද රජුගේ දිවස් ඇත්තාවූ ගාද්ගේද ප්‍රොපේතවූ නාතාන්ගේද අණ පරිද්දෙන් අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටෙවුවේය. මක්නිසාද ඒ ආඥාව ස්වාමීන්වහන්සේගෙන් ප්‍රොපේතවරුන් අතින් වූයේය.
හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත් ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද: මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය වලාපටලයෙන් පිරීගියේය.
පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝද පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී ආවාවූ අනික් අයද දෙවියන්වහන්සේගේ ගෘහයේ කැපකිරීමේ කෘත්‍යය ප්‍රීතියෙන් පැවැත්තුවෝය.
අනික් ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද යූදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝය.
එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.
වහල්කමෙන් මිදී ආ තැනැත්තන්වූ මුළු සභාව පැල් සාදාගන පැල්වල විසුවෝය. නූන්ගේ පුත්‍රවූ යේෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ නොකළෝය. ඉතා මහත් සන්තෝෂයක්ද විය.
නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.
ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.
මුලාදෑනියෝද සෙනඟට කථාකරමින්: අලුත් ගෙයක් ගොඩනැගුවේවී නුමුත් එහි ගෙවදීම නොකළ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරීයේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ගෙවදීම කරනවා ඇත.
එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය.