Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:25 - Sinhala Revised Old Version

25 තවද ඔහු දාවිත්ගේද රජුගේ දිවස් ඇත්තාවූ ගාද්ගේද ප්‍රොපේතවූ නාතාන්ගේද අණ පරිද්දෙන් අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටෙවුවේය. මක්නිසාද ඒ ආඥාව ස්වාමීන්වහන්සේගෙන් ප්‍රොපේතවරුන් අතින් වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:25
19 හුවමාරු යොමු  

තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.


ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නියමකරනු ලැබුයේ නළාවලිනුත් අත්තල්වලිනුත් දෙවියන්වහන්සේට ගීතිකා සඳහා තූර්ය භාණ්ඩවලිනුත් ශබ්දකිරීමටය. යෙදූතුන්ගේ පුත්‍රයන්ද දොරටුපාලයන් කොට පත්කෙළේය.


මොව්හු ගීතිකාකාරයෝව, ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝව, ඇතුල් ගෙවල වාසයකළෝය, රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොව්හු අනික් මෙහෙවලින් නිදහස්ව සිටියෝය.


දාවිත් උදයේ නැගුටුණු කල දාවිත්ගේ දර්ශකයා වන ගාද් ප්‍රොපේතවරයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ:


ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.


මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ කාරණා එනම් ඔහුගේ මුළු රජකමද බලවන්තකම්ද ඔහුටත් ඉශ්‍රායෙල්වරුන්ටත්


මේ සටහනේ සියලු වැඩ තේරුම්කර දුන්නාවූ ස්වාමීන්වහන්සේගේ අතින් මා ලවා සියල්ලම ලියවා තිබේයයි දාවිත් කීවේය.


තමාගේ හිතේ තිබුණු සියල්ලවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවලත්, වටකර කාමරවලත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත්, කැපකරනලද දේ තිබූ ගබඩාවලත්,


ස්වාමීන්වහන්සේ දාවිත්ගේ දර්ශනකාරයාවූ ගාද්ට කථාකොට:


ගාද් නම් අනාගතවක්තෘ තෙම දාවිත්ට කථාකොට: කොටුවෙහි නොසිට යූදා රටට පිටත්ව එන්නැයි දාවිත්ට කීවේය. එවිට දාවිත් පිටත්ව හෙරෙත් වනයට පැමුණුණේය.


යෙරුසලමෙහි සිටි ඉශ්‍රායෙල් පුත්‍රයෝද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් මහත් ප්‍රීතියකින් පැවැත්තුවෝය. ලෙවීවරුද පූජකයෝද බොහෝ ශබ්ද ඇති තූර්යභාණ්ඩ රැගෙන ගී කියමින්, ස්වාමීන්වහන්සේට දවසින් දවස ප්‍රශංසාකළෝය.


යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්