ගීතාවලිය 149 - Sinhala Revised Old Versionඉශ්‍රායෙල්ගේ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාව 1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්. 2 ඉශ්‍රායෙල් තමා මැවූ තැනැන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවේවා. සියොන් දරුවෝ තමුන්ගේ රජ්ජුරුවන් කෙරෙහි ප්‍රීතිමත්වෙත්වා. 3 නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා. 4 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්නවනසේක. යටහතුන් ගැළවීමෙන් සරසනසේක. 5 ශුද්ධවන්තයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂවෙත්වා; තමුන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනාකෙරෙත්වා. 6 ඔවුන්ගේ මුඛවල දෙවියන්වහන්සේට උතුම් ප්‍රශංසාද අතෙහි දෙමුවහත් කඩුවක්ද වේවා; 7 කුමටදයත්, ජාතීන් කෙරෙහි පළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිසත්, 8 ඔවුන්ගේ රජුන් යදමින්ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින්ද බඳින පිණිසත්, 9 ලියනලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |
Ceylon Bible Society
Ceylon Bible Society